ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි…


ඒ දිනවල අපි කොළඹ ගියේ හිතේ ඇති අවිනිශ්චිත බවත් දරාගෙනය. එකල පාසැල් සිසුවන් වූ අපට 1993 ජනාධිපති ප්‍රේමදාස ඝාතනයත් සමඟ වඩාත් දැඩිවූ බෝම්බ රැල්ල මහා බලපෑමක් ඇතිකලා මතකය. 1996 මහ බැංකු බෝම්බය පිපිරී ගියේ විශාල කම්පනයක් සමඟය. පැය බාගයක් යනවිට කොළඹ පාසැල් පිරී ගියේ ළමයින් ගන්නට ආ දෙමාපියන්ගෙනි. එදා පාර දිගට තිබූ තදබදය සහ මිනිස්සුන්ගේ හිත්වල තිබූ භීතිය තවමත් මතකය.

ඉන්පසුව , නොයෙක් පාසැල් වලට බෝම්බ තබන බව අසා, කීප විටක්ම දෙමාපියන් පාසැල් වලින් බලෙන්ම දරුවන් අරන් ගියා මතකය. එක් වරක් කොළඹ ප්‍රධාන මල් ශාලාවකට කුඩා මිනී පෙට්ටි 500ක් සූදානම් කරන්නැයි ඕඩරයක් ද ලැබී තිබුණි.

පොදු ජනයා වෙත මේ බලපෑම කොතෙක්ද කිවහොත් හැකි හැම විටම රටේ ප්‍රසිද්ධ ස්ථාන මඟහැර යන්නට බොහෝදෙනා පුරුදුවී සිටියෝය. කොළඹ-කොටුව ස්ටේසමට යන්නේ නොයා බැරිනම් පමණි. කොච්චියෙන්, බස් එකෙන් බිමට බහිනකම් ඉන්නේ රාක්ක වල ඇති පාර්සල් දිහා බලමිනි. වටපිටාවේ ඉන්න හැමකෙනා දිහාම සැකයෙන් බලන්නට අප පුරුදු විය. කොළඹ ප්‍රධාන ගොඩනැඟිලි, පාර්ලිමෙන්තු, රජයේ ආයතන අසලින් යන්නේද හිතේ බයෙනි.

රජයේ සේවකයින් වූ මගේ අම්මා සහ තාත්තා වැඩට ආවේ ගියේ කොච්චියේය්ය. 1996 ජූලි දෙහිවල කොච්චි බෝම්බයේන් පසු ඒ දෙන්නා හවස ගෙදර එන තෙක් මා ඉන්නේ බයකිනි. දෙහිවල කොච්චි බෝම්බයේන් පසු දෙන්නාම එක කොච්චියේ ආවේද නැති බව මට මතකය. අම්මා නම් කලින්දා නැග්ග පෙට්ටියට පසුදා නගින්නේ නැත්තේ මරුවාත් සමඟ ඔට්ටු අල්ලන්නට විය යුතුය.

ඒ එකල යුද්ධය කොළඹ ආසන්නයේ විසූ සාමාන්‍යය සිවිල් ජනයාට දැනුනු අන්දමය.

රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහ එකල මායිම් ගම්මාන වල ජීවත්වූවන්ගේ තත්ත්වය ගැන කිවයුතු නොවේ.

2001 කටුනායක ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරය නිසා රට ආර්ථික අතින් වලපල්ලටම යමින් තිබුණි. සංචාරක කර්මාන්තය බිමටම ඇද වැටුණි. ඒ දිනවල නාම මාත්‍රිකව ත්‍රස්තවාදය ජය ගෙන තිබුණි. අප නොදැන සිටියත්, ආරක්ෂක හමුදා තුළ ‘ටෙරාලා ගේ ඉන්ෆොර්මර්ස්’ ලා හරි හරියට සිටියෝය. ආරක්ෂක හමුදාවෝ ගන්නා බොහෝමයක් පියවරවල් ත්‍රස්තවාදීන්ට කලින්ම දැනගන්නට ලැබුනි.

කොළඹ අස්සක් මුල්ලක් නෑර බෝම්බ කරුවන් ස්ථානගත කර තිබුනේ වැදගත් ඉලක්ක අල්ලන්නටය. එකින් එක රටේ දේශපාලන නායකත්වයද ත්‍රස්තවාදයට බිලි වෙමින් දිරාපත් වන්නට විය.

එකල මේ ත්‍රස්තවාදය නවතා දැමීම හීනයක්ම පමණක් විය. සටන් විරාම, සහ සාම සාකච්චා නිසා පාඩු ලැබුවේද අපිමය. ත්‍රස්තවාදය ඉවසාගත නොහැකිව “ඔය කෑල්ල දීලා දැම්මා නම් මේ මල කරදරේ ඉවරයි” කියන තත්ත්වයට පත් වූ බොහෝදෙනා දැකගත හැකිවිය.

එතැන සිට අද අප ඉන්නා තත්ත්ව දක්වා ආ ගමන හීනයක්ම විය හැකිය. නිකමට කියන්නා වගේ මාවිල් ආරු සොරොව්ව වැහුවේ නැත්තම් තාමත් අප පෙර තත්ත්වයේම ඉන්නවා විය හැක. එම ජයග්‍රහනය ජාතික මෙහෙවරට දායකත්වය දැක්වූ හැම දෙනාගේම කැපවීම මතම ලැබූ ජයග්‍රහණයක් විය.ඉස්සර ගෙදර යන්න නිවාඩු ගන්න කරදරවූ සෙබලුන්, ගෙදර යන්නට වඩා පෙරමුණට යන්නට උනන්දු වූහ. ත්‍රස්තවාදය අවසාන කරන්නට ත්‍රිවිධ හමුදාවෝ සහ එහි දේශපාලන සහ ආයතනික නායකයෝ කිසිම බලවේගයකට හිස නොනැමූහ. නිදහස ලැබූ දා පටන් අප ජාතියක් වශයෙන් ලැබූ දෙවන සාමූහික ජයග්‍රහණය එය විය.(පළමුවැන්න 1996 ලෝක කුසලානයයි )

ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි. වසර 30ක අඳුරු යුගයක නිමාව එය විය.

ඒ කාලකන්නියා මැරුන ප්‍රවෘත්තිය අහන්නට පෙරුම් පුරමින් සිටි මා, ඒ පුවත තිබූ හැම පත්තරයක්ම, වෙබ් පිටුවක්ම සුරැකිව තබාගත්තෙමි.

එතැනින් පසු අද දක්වා වසර දෙකක් තුළ සිදුවූ බොහෝමයක් දෑ ජාතියේ අවශ්‍යයතාව අනුව සිදු නොවූවත්, ත්‍රස්තවාදය නැති කිරීම පිළිබඳව අප සතුටුවිය යුතුය.

එදා රට වෙනුවෙන් ඒ මාහැඟි කර්තව්‍යයට උර දුන් ත්‍රිවිධ හමුදාවන් ගැන එදා පිටු පුරා ලියූ පුවත්පත් සඟරා අතරින් අද දිනට යෙදෙන රණවිරු දිනය ගැන මුල් පිටුවේ ඉතා කුඩා ඉඩක් පමණක් වෙන්කර ඇත්තේ එකම එක ජාතික පුවත්පතක් පමණක් වීම ගැන අප පුදුම විය යුතු නැත්තේ, එයද දේශපාලනීකරණය වී ඇති නිසාය.

කාට අමතක වූවත්, යුද්ධයෙන් හරි හැටි පීඩාවිඳි සාමාන්‍ය ජනයාට එය අමතක නොවේ. ඒ ත්‍රස්ථවාදියාගේ මරණය ගැන මෙලෙස සටහනක් තබන්නේ අද අපට මෙලෙස බියෙන් සැකෙන් තොරව ඉන්නට කාලයක් සළසා දුන් රණවිරුවන්ට උපහාරයක් පිණිස මිසෙක උගේ මරණය මතක් කරමින් කාලකන්නි සතුටක් ලබන්නට අවැසි නිසා නොවන බවද කිව යුතුය.

ප/ලි : අදටත් යම්තාක් දුරකට සතුටුවිය හැක්කේ ඒ විරුවන්ගේ කඳුළු වල බර අඩු කරන්නට එක දහඩිය බිඳක් හෝ වැයකරන්නට ම ඇතුලු මිතුරු මිතුරියන් පිරිසක් සමත්වූ බැවිනි.

Image courtesy: The Internet

Advertisements

5 responses to “ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි…

  1. Nice post bro. If we frgt tht great victry we made, we’r no longer suit fr any kind f proud cmnts on our nation. I hv no wrds left. nice one again

  2. අනිවා…..මම ගාවත් ඒ දවසෙ හගහපු ඔක්කොම පත්තර ටික තියෙනව……මේ කරදරේ නැතිකරපු ජනාධිපතිතුමාට පින්…………..

  3. ඈත්ත කතාව.ඒත් අද වෙනකොට රනවිරුවො කරප් සෙවය ගොඩක් දෙනෙක්ට අමතක වෙලා ………….

  4. අපේ පටු මත වාද, පටු බෙදීම් තිබුණු නිසයි
    යුද්ධය ඔපමණ කලක් දිග්ගැස්සුනේ.
    කෙසේ වෙතත් රට වෙනු දිවි දුන් සියළුම දෙනාට
    , ඒ වගේම ඒ කාළකණ්ණි යුද්ධය වෙනුවෙන්
    දිවි දුන් හැමෝටමත් අප සදා ණය ගැති විය
    යුතුය. ඇත්තටම අපේ නිදහස ලැබුණේ එදාය.

    ප්‍රබාකරන් කියන මිනීමරුව අපි පින්තූර වලින් දැකල
    තියෙනව. ඒත් කේ.පී. හරියට දුටු කෙනෙක් නෑ. කොහොමද
    මැලේසියාවට ගිහින් ඌ අල්ල ගත්තු හැටි. හරියට ජේම්ස්
    බොන්ඩ් ෆිල්ම් එකක් වගේ.

    ඉතින් දැන්වත් පටු අදහස් ඉවත දමා එකම ජාතියක්
    වශයෙන් රටට වැඩක් කරමු.

    අපිට යන්න තියෙන්නෙ ඔය හතරැස් හැතැප්ම 25000 විතරයි.
    වෙන කොහේ කියල යන්නද ?

    දෙමළ, සිංහළ, මුස්ලිම් භේදයකින් තොරව රටේ
    සාමය අගයන සැමටම මගේ නමස්කාරය.

  5. “එදා රට වෙනුවෙන් ඒ මාහැඟි කර්තව්‍යයට උර දුන් ත්‍රිවිධ හමුදාවන් ගැන එදා පිටු පුරා ලියූ පුවත්පත් සඟරා අතරින් අද දිනට යෙදෙන රණවිරු දිනය ගැන මුල් පිටුවේ ඉතා කුඩා ඉඩක් පමණක් වෙන්කර ඇත්තේ එකම එක ජාතික පුවත්පතක් පමණක් වීම ගැන අප පුදුම විය යුතු නැත්තේ, එයද දේශපාලනීකරණය වී ඇති නිසාය.”

    ඒ තිරිසනාම කියපු ප්‍රකාශයක් මේකට හොඳටම අදාළයි.

    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දෙයක් මතක තියෙන්නේ දවස් 14 යි…………..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )