කළු මල්ලීගේ වෙඩින් ෆොටෝ එක


අපේ ඔෆිස් එකේ බොහෝම කාලයක් වැඩ කරපු  කළු මල්ලී බැඳපු කාලේ වෙච්චි සිද්දියක් මේක.. දැන් අවුරුදු හත අටකට කලින්…

අපේ කළු මල්ලීට “කළු මල්ලී” කියන්නේ ඇයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ… නමින්ම තේරෙනවා..

ඔය සුදු /කළු කියන එක සාපේක්ෂයිනේ.. ජෙනිෆර් ලෝපේස් ඇන්ටිව අපිට පේන්නේ සුදුයි වගේ.. ඒ අපි සසඳන්නේ අපිත් එක්ක නිසා.. ඒ උනාට එයා සැන්ඩ්‍රා බුලොක් ඇන්ටිත් එක්ක බැලුවම ජෙනී ඇන්ටි කළුයි…

මේ කතාව කියන්න ඉස්සෙල්ලා අපේ කළු මල්ලී කොච්චර කළු ද කියන එක පැහැදිලි කරලා ඉන්න එපැයි… ඒකත් කරන්න ඕන සාපේක්ෂව… මේ ලෝකේ අඟුරු කෑල්ලක් සුදුයි කියලා කියන්න වෙන එකම අවස්ථාව අපේ කළු මල්ලීත් එක්ක කොම්පේයාර් කරාපු වෙලාවක තමයි… පොර කොච්චර සුදුයි ද කියනවා නම් උන්ගේ ගෙවල් පැත්තේ පන්සලේ හාමුදුරුවොත් මිනිහාට කියන්නේ “ආලවක” කියලා…

දවසක් අපේ ඔෆිස් එකට අලුතින් කෙන්යන් ඩයල් එකක් ආවා.. පොරට කතාබහ කරන්න උගේ ජාතියේ කවුරුවත්ම නෑ ඔෆිස් එකේ… ඒ කෙන්යන් කාරයා ඔහොම හාමතේ වේලි වේලි ඉද්දී අපේ කළු මල්ලී කොහේද කොරිඩොර් එකක යනින් ගමන ඌව දැකලා.. ඉතින් මේ කෙන්යන් ඩයල් එකත් දුවලා ගිහින් ඌව බලෙන් නවත්තලා කතා කරලා කෙන්යන් බාසාවෙන්.. පොර හිතලා තියෙන්නේ අපේ ඩයල් එක කෙන්යාවේ කියලා… අපේ කළු මල්ලී ඉතින් ඇරලා නෑ.. හොඳට හිනාවෙලා සිංහලෙන් කුණුහරුප දෙක තුනක් කියලා ඇවිල්ලා…අරූ ඒත් හිතලා තියෙන්නේ මූ අප්‍රිකාවේ දුර ගෝත්‍රයක ඉන්න පොරක් වෙන්න ඇති කියලා…

දැන් ඉතින් කට්ටියට පොඩි අයිඩියාවක් ඇති කළු මල්ලී මොන වගේද කියලා…

කස්ටියම දන්නවානේ දැන් ඡායාරූප කලාව මොඩ් වෙලා කියලා… දන්න කියන විදියට ෆොටෝ එක අරගෙන එක එක ෆොටෝ ෂොප් කෑලි දාලා හදලා ගන්නවා… මේක ඉතින් ගොඩාක්ම කෙරෙන්නේ මඟුල් පින්තූර වල තමයි…

ඔය මඟුල් පින්තූරයක් ගත්තාම ඒක චිරාත් කාලයක් ගෙවල් වල බිත්ති වල එල්ලලා තියන්න එපැයි… ඒ නිසා හැමෝම බලන්නේ මේ පින්තූරෙට හෙන හැන්ඩියට ඉන්න… මොකද ඒක තමයි තමන් ජීවිතයේ ගන්න වටිනාම පින්තූරේ…

ඉතින් අපේ කළු මල්ලීටත් ඒක එහෙම තමයි.. ඔන්න දැන් වෙඩිම ඉවර වෙලා එහෙම කාරිය කළු මල්ලී ගියාලු ස්ටූඩියෝ එකට තමන්ගේ වෙඩින් ෆොටෝ එක හදනවා බලන්ඩ. ..

කොච්චර කළු උනත් කළු මල්ලී බැන්දේ ලස්සන සුදු ගෑණු ළමයෙක්… ඉතින් දැන් පොර ස්ටූඩියෝ එකට ගිහින් බැලින්නං ෆොටෝ එක නිකං චෙස් බෝඩ් එකක් වගේ තියෙනවා.. එක පැත්තක කළු..අනිත් පැත්තේ සුදු…

වෙනින් වෙලාවක නැති උනාට, පොරට මේ කළු කේස් එකට සෑහෙන් අප්සට්.. පොර ඉතින් වාඩි උනා ස්ටූඩියෝ එකේ ෆොටෝ එඩිට් කරන තැන… පොරගේ ලෑස්තිය ෆොටෝ ෂොප් පාරක් දාලා මේ ෆොටෝ එක ලස්සන කරලා ගන්න..

පොර මනමාලිගේ දිහා බැලුවා.. කිසි අවුලක් නෑ, කිරි කෑල්ල වගේ ඉන්නවා ෆොටෝ එකේ.. අවුල තියෙන්නේ මුගේ…

“අයියේ.. අතන මම ඉන්න තැනට පොඩ්ඩක් zoom කරන්න”

ඉතින් ෆොටෝ එඩිට් කරන බුවාත් මූ කියන කියන විදියට කරනවා.. ඒ කාලේ ඔය ෆොටෝ ෂොප් උනත් එච්චර දියුණු වෙලා තිබුනේ නෑ.. ස්ටූඩියෝ වල මිනිස්සුත් පොඩ්ඩ පොඩ්ඩ තමයි දැනගේන් හිටියේ..

“අයියේ..මාව පොඩ්ඩක් සුදු කරන්න බැරිද…?” අපේ කළු මල්ලි අහනවා…

අර පොරත් ඉතින් ෆොටෝ එකේ කොන්ට්‍රාස්ට් එක වෙනස් කරනවා පොඩ්ඩ පොඩ්ඩ…

“අයියේ මගේ මූනට පොඩ්ඩක් zoom කරන්න..”

” හරී..අන්න හරී…තව පොඩ්ඩක් සුදු කරන්න…”

ඔහොම ඔහොම අපේ කළු මල්ලී ෆොටෝ එක එඩිට් කරනවා.. ටික වෙලාවකින් අර ෆොටෝ එඩිට් කරන බුවා නැගිටලා මෙහෙම කිව්වලූ..

“මේ මල්ලී… මීට වඩා නම් ඔයාව සුදු කරන්න බෑ.. මේක තමයි උපරිම”

අපේ පොරත් ඉතින් සුසුමක් එහෙම හෙලලා හරි එහෙනම් ඔය ඇති.. ප්‍රින්ට් එකට දාන්නකෝ බලන්න කිව්වලු.

අර පොරත් ඉතින් ප්‍රින්ට් එකට දාලා ෆොටෝ එක…

ෆොටෝ එකේ ප්‍රින්ට් ආවට පස්සේ අපේ කළු මල්ලී ඒක අරං බලලා.. අපි කොහොමත් මුලින්ම බලන්නේ ෆොටෝ එකේ තමන්ගේ රූපේ නේ…

ෆොටෝ එකේ කළු මල්ලි ඉන්නවලූ දැන් ඉන්නවාට වඩා සුදුවට… පොරටත් ඉතින් සැටිස් ලූ වැඩේට.

ඊට පස්සේ මණමාලි දිහා බැලුවම තමයි මූට තරු පෙනිලා තියෙන්නේ..

ෆොටෝ එකේ මනමාලි නෑ…!!!

මොකද මූව පොඩ්ඩක් සුදු කරන්න ෆොටෝ එක සුදු කරල තියෙන තරමට මනමාලි ෆොටෝ එකෙන් මැකිලා ගිහින්… !!!

Advertisements

20 responses to “කළු මල්ලීගේ වෙඩින් ෆොටෝ එක

  1. අප්පේ,මනමාලි මදිවට මනමාලිගේ,ඇඳුම් කැඩුම් හිටන් නැතිව ගිහිල්ලද ඉතින්?කලුමල්ලිට කරන්න තිබ්බේ කලින් එකයි,පස්සේ එකයි පොටෝ දෙකම අරගෙන,එකකින් මනමාලියි,අනික් එකෙන් කලු මල්ලිවයි කපල අරගෙන එකට අලවල ගන්නනේ.

  2. කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා,
    මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා

  3. හික් හික් හික්…. පිස්සු සිද්දිය බන්….

  4. කළු මල්ලිලගෙ ගමේ පන්සලේ හාමුදුරුවො ” ආලවක” දැකල තියෙනවලුද?

  5. හලේ, ඒ කියන්නෙ මටත් වඩා කලු අය ඉන්නව. මොකද මම අඟුරු කෑල්ලට වඩා සුදුයි. මොකක් වුනත් සිරා කතාව.

  6. නියම කතාව…

    අදමයි මේ පැත්තේ ආවේ… සිත්ගන්නා සුලු බ්ලොග් එකක්..

  7. කලු මල්ලි අයියා දැකුම්කලු සිත්කලු කෙනෙක් වෙන්න ඇති නේ.

  8. මනමාලිට පට්ට සීන් එකනේ වෙලා තියෙන්නේ. ක්ලෝන් ස්ටෑම්ප් පාරක් මනමාලිගෙන් දාලා ඒක අරූගේ මූනේ උලලා වගේ.

  9. ඉතිං දැන් ගොඩ දාගන්න කියන්නකෝ එතකොට හරිනේ 🙂
    කලු මල්ලිත් සුදුයි 🙂

  10. kalu sudu prasnayak? paata gena katha kala misak gathi guna gena kohomoda? guna thama watinne.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )