අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ?


මම අද ඔෆිස් එකේ පොඩි මීටිමකට ගිය වෙලාවේ හම්බුනා ක්‍රිකට් වලට ආසා කරන අමෙරිකන් සුද්දේක්. මීටිම ඉවර වෙලා අපි ඉතින් ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කර කර හිටියා. මිනිහා මුලින්ම හිතලා තියෙන්නේ මම ඉංදියන් කියලා.. කොහොමත් ඉතින් රටින් පිටට ගියාම පොදු කුලකයක් විදියට අපි වැටෙන්නේ ඉන්දියන් ගොඩට නේ…

මම පොරට මම ශ්‍රී ලංකාවේ කියලා කිව්වම පොර කිව්වේ,

“ලංකන්ස්, ඉන්දියන්ස් යු ඕල් ආ සේම් ” කියලා…

එහෙම කිව්වම තමයි ලංකාවේ අපිට මල පනින්නේ. ඇයි අර ජරා ඉන්දියන් සහ මලබාරි ගති ඔක්කොම අපේ ගිණුමට නේ. ( මලබාරි ගැන කියවනන මෙතනට සහ මෙතනට ගිහින් එන්න )

ඉතිං මම පොරට කියලා දුන්නා ලංකන්ස්ලා ගේ සහ ඉන්දියන්ස් ලගේ වෙනස.

පොරත් ඉතින් ආයෙත් ක්‍රිකට් වලට ඇවිල්ලා මගෙන් මෙහෙම අහනවා..

“වට් ඊස් ද රීසන් දැට් ඕල් ශ්‍රී ලංකන් විකට් කීපර්ස් ආ මුස්ලිම්” ( සියලුම ලාංකික විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව මොකද්ද )

මේක අහපු ගමන් මට “ඇහ්” කියවුනේ නිකම්ම වගේ…

ඇයි යකෝ මම දන්න තරමින් ලංකාවේ බිහිවෙච්ච ජාතික තලයේ විකට් කීපර්ලාගේන් එකෙක් වත් මුස්ලිම් ජාතිකයින් නෙවෙයි නේ…

මමත් ඉතින් පොරට කිව්වා මම දන්න තරමින් නම් මුස්ලිම් විකට් කීපර්ලා එකෙක්වත් ලංකාවෙන් බිහිවෙලා නෑ කියලා.

එහෙම කිව්වම මිනිහා මගෙන් අහනවා මෙහෙම,

“දෙන් ව්යි යුවර් විකට් කීපර් ඔල්වේස් ප්‍රේ ටු අල්ලාහ් වෙන් දෙයා ඊස් අ කැච්? ” (එහෙනම් ඇයි උඹලාගේ කීපර් අල්ලාහ් දෙවියන්ට යදින්නේ කැච් එකක් යන වෙලාවට )

මට ආයෙමත් “ඇහ්” කියවුනාද කොහෙද…

මමත් ඉතින් ඇහුව “වෙන් ඇන් වෙයා යු හර්ඩ් දැට්” කියලා…

පොර කියනවා හැම වෙලේම කැච් එකක් යනකොට කීපර් ෆීල්ඩර් දිහාට හැරිලා ” අල්ලාහ්හ්” කියනවාලු..

මමත් ඉතින් කල්පන කරා මොන කීපර්ද බොලේ එහෙම කියන්නේ කියලා..

මම නිකන් මාව තියලා බැලුවා කීපර් විදියට.. මම මොනවා කියලද කෑ ගහන්නේ බලන්ඩ…

බැලින්නං හරිනේ වැඩේ…

කැච් එකක් යනකොට අපේ උන් කෑ ගහන්නේ මොකක් කියලද?

අල්ලා…..පාන්….

 

පින්තූරේ ඉස්සුවේ මෙතැනින් > http://www.onlanka.com/wp-content/uploads/2011/03/mahela-sangakkara-zimbabwe-icc-worldcup-2011.jpg

Advertisements

31 responses to “අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ?

  1. සුද්ද ඇහුවෙ නැද්ද ටීම් එකෙන් වැඩි හරියක්ම මුස්ලිම් නේද කියලත්?

  2. හෙහෙ හෙහ් ..

    .දකුණු ආසියනුවන්ට පිට්ටනියෙදි තියන වාසියක් ඕක . තම්න්ගෙ භාෂාවෙන්ම කතා කල හැකි සංගා දෝනි වගෙ කැප්ටන්ලට බෝල් කරන එකාට ලඟට එන්නෙ නැතුවම උපදෙස් දෙන්න පුලුවන් . ඔතනිනුත් වාසිය වැඩිම මං හිතන්නේ අපිට. මොකද හින්දි උර්දු දෙකම එක වගෙ නිසා ඉන්දියාවේ- පකිස්ථානේ අතර මැච වලදි උන්ට ඔය වැඩෙ බැ .. ම්ම් මං හිතන්නෙ

  3. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    සුද්දටත් වැරදිලාද කොහෙද? සුද්දට අහන්න තිබ්බේ “ඇයි උඹලගේ විකට් කීපර්ල කැච් එකක් යන වෙලාවට අල්ලහ් ගෙන් පාං ඉල්ලන්නේ කියල. (අපහාසයක් නොවේ)

  4. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    @ Buwa – ඔයාල නොදන්නවා වුනාට ඉන්දියාවෙ ඉන්න සමහර ක්‍රීඩකයන්ට සමහර සිංහල වචන තේරෙනවලු. උදා – සචින්, යුවරාජ්

  5. මට මතකයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එක පාරක් පත්තරේකට කියල තිබ්බ, මිනිහ ඇඩම් පැරෝරේ ට බෝල් කරන වෙලාවක කීපර් කියල ‘කොටපන්’ කියල. ඒ කියන්නෙ කෙටි පන්දුවක්. ඉතින් ප්‍රමෝද්‍ය එහෙම දාල. බෝලෙ එන්නත් කලින් පැරෝරේ කෙටි පන්දුවකට ලෑස්ති වෙලා ඇදල ඇරියලු! ඊට පස්සේ අපේ එකා නෙවෙයි අරුට ඇහෙන්ඩ ‘කොටන්ඩ’ කියල තියෙන්නෙ

  6. බලන් ගියාම ඇත්ත නේන්නම්.. 🙂
    සුද්දා හරි ….

  7. සිරා මචං! අපිට තමා හොඳම වාසිය! මොකද හිංදි උර්දු බංගාලි වලින් එකක් දන්නව නම් අනිත්වා ලේසියෙන්ම තෙරුම් ගන්න පුලුවන්! මාත් ඉන්නෙ බංගලිදේසේ නොවැ! 🙂

  8. මගෙ සුදු අප්පුහාමි රට රටවල වැඩ කරන්න යන්න පටන් ගන්නෙ 1979 ගණන් වල දී. මුල් ම වතාවට පකිස්තානයේ, බංගලාදේශයේ, ඉන්දියාවේ ගිහින් ලංකාවට ආවම සුර පුරයකට ආවා කියල හිතුනලු. මාව අඳුනන්නෙ නැහැ ඒ කාලේ!! කවදාවත් ලංකාවේ අයෙක්ව ඉන්දියාවේ හෝ කලාපීය හැටියට නොදකින්න හැකියාවක් එයාට හැමදාම තිබුණ.

  9. මමත් ආවනේ තකහනිය ​මේක බලල යන්න….. මදැයි 😀

  10. පට්ට කතාව මස්සිනා…සිරාවට අපේ එවුන් කොහේ ගියත් ඔහොමයි..මුරලිදරන් මහරුෆ් පවා කියන්නේ අල්ලපාන් කියලා…

  11. පිස්සු හැදෙනවා. සංගා එහෙම හැමතිස්සෙම කියනවා ඇහිලා තියෙනවා. සුද්දට ඒක හොදටම හිතට වැඩිලා එහෙනම්. 🙂

  12. අර උඹ කිව්ව වගේ අපිවත් ඉන්දියන් කාරයන්ගේ කුලකයටම වැටෙනවා කියලා උඹ කිව්වත් සමහර වෙලාවකට අපේ වැරදිත් ඉන්දියන් කාරයන්ගේ ඇඟ උඩින් යනකොට නම් ෆුල් ජොලියක් දැනෙනවා. දවසක් මම ඩුබායි හන්දියේ හරියට බලන්නෙ නැතිව පාර පනින්න හදනකොට ආපු ලෑන්ඩ් රෝවර් කාරයෙක් මට බැන්නෙ “බ්ලඩි ඉන්දියන්” කියලා. ඉතින් මට හරි ජොලි, මොකද මට නෙමේනෙ ඌ බැන්නෙ….. ඉන්දියන් කාරයෙක්ටනේ…..!

    අර මුස්ලිම් විකට් කීපර්ලාගේ කතාවට නම් මට තාමත් හිනා….!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )