මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම


අපේ ඉස්කොලේ ඒ දවස් වල හිටියා මරු ඩයල් එකක්..

පොරගේ උස ගැනම සළකලාද කොහෙද අපේ උන් ඌට නමක් දාලා තිබ්බේ “මිට්ටා” කියලා..

මිට්ටා උසින් විතරක් නෙවෙයි අජ්ජාපනේ අතිනුත් අනිත් අයට වඩා සෑහෙන පහතින් හිටියේ.. ඒ උනාට පොරගේ ඇඟ පුරාම මොලේ තිබ්බා.. තනිකරම බිස්නස් ඩයල් එකක්…පොර ඉස්කෝලේ ආවේ නවයේ පන්තිය වෙනකං විතරයි. එතැනින් පස්සේ පොර ගියා ඉස්කොලේ අතෑරලා බිස්නස් කරන්න…

පොර ඒ කාලේ කරපු බිස්නස් අපිට අදවත් කර ගැන්න බැරි තාලේ එව්වා..

මේක අපේ මිට්ටා ඒ කාලේ කරපු සුපිරි වෙළදාමක් ගැන ස්ටෝරියක්..

ඒ දවස් වල අපි හිටියේ අටේ පන්තියේ… අපේ පන්තියේ හිටපු පොරකට හිටියා ගිරවෙක්.. ඉතින් ඔය ගිරවා ගැන පොර ටෝක් දිදී තමයි හිටියේ ඌ හැම වෙලාවෙම. මිනිහගේ ඉතිහාසය පොතේ ඉඳලා සෞඛ්‍යය පොත වෙනක්ං පොත් වල පිටකවර වලට දාලා තිබ්බේත් ගිරවු ඉන්න පොටෝ…

ඉතින් ඒ නිසා අපේ කට්ටියගේ අතරේ ගිරවු උණ හෙනට ගහලා තිබ්බේ..

ඔහොම ඉන්න අතරේ අපේ මිට්ටා දවසක ගෙනාවා ගිරවෙක් ඉස්කෝලෙට..

හෙන හැඩකාර ගිරවා..අර ඉස්සර පෙළ පොත් වල තිබ්බා වගේ උගේ කරේ රතූ මාලයක් නොතිබුනාට ඌ හෙන ආඩම්බරෙන් හිටියේ.. තවම පොඩි එකෙක් උනාට ඌ අපේ මිට්ටා තරමටම යමක් කමක් දැනගෙන් උන්නා..

පොඩි පහේ වචන දෙක තුනකුත් ඌ කිව්වා..

ඉතින් ආයේ අහන්න දෙයක් නෑනේ..මුළු පන්තියම හෙන ත්‍රිල් එකකින් හිටියේ මේ ගිරවා ආපු නිසා..

උගන්නන්න ආපු ටීචර්ලා හිටං ගිරවට මාර ආදරෙයි.

මිට්ටා එක දවසින් කාගේ කාගේත් වීරයා වෙලා හිටියේ.. අනිත් පොරට ගිරවෙක් හිටියට මිනිහට ඒකා ඉස්කෝලේ උස්සන් එන්න බෑ..

ඊට දවස් දෙක තුනකට පස්සේ තමයි අපිට ඒ දවස් වල අහන්න ලැබුන හොඳම නිවුස් එක ආවේ…

ගෙදර ගිරවා තියාගන්න බෑ කියලා මිට්ටා ගිරවා විකුණනවා කිව්වා… රුපියල් 500කට.

ඉතින් ඕක අහපු වෙලේ ඉඳන් ගිරවා ගන්නම තමයි හැමෝටම ආසාව… ඒ දවස් වල රුපියල් 500ක් කියන්නේ පට්ටම පට්ට ගානක්, ඇරත් 8 පන්තියේ ළමයෙක්ට? මට ඒ දවස වල කඩචෝරු කන්න ගෙදරින් දෙන්නේත් රුපියල් 5යි.. ඉතින් ගිරව් ගැනිලි බොරු. ඇරත් ඒ දවස් වල මම රුපියල් 400ක් එකතු කර කර හිටියේ අර Brick ගේම් එකක් ගන්න.. අර කොටු පුරවන ගේම් තියෙන්නේ අන්න ඒකක්.

ඔහෙම යද්දී තමයි අනිත් දව්සේ මිට්ටා අපිව කුල්මත් කරවන ආරංචියක් ගෙනාවේ…

මිට්ටා ගිරවා දෙනවා කිව්වා රුපියල් 25කට. !!

ඔන්න දැන් ඉල්ලුම් කාරයෝ ගොඩායි.. දැන් ඉතින් කාට දෙන්නද කියලා හිතාගන්න බැරි නිසා මිනිහා තීරණය කරා ලොතරැයියක් තියන්න..

මේ ආරංචිය මුළු සෙක්ෂන් එක පුරාම ගියා ඇහිපිය ගහන සැනින්.. ඔන්න දැන් කැමති හැමෝගෙන්ම රුපියල් 25 ගානේ එකතු කරා..

මමත් 25ක් දෙන්න යනකොට මිට්ටා එපා කිව්වා, දැන් ඕනෑවටත් වඩා කට්ටිය ඉන්නවා කියලා.. දැන්ටමත් 40 දෙනෙක් ඉන්නවාලු අපිට චිත්‍ර උගන්නපු මිසුත් එක්ක.

කොහොම හරි ඊට පහුවදා තිබ්බ ලොතරැයි දිනුම් ඇදීමේන් දිනලා තිබ්බේ අල්ලපු පන්තියේ හිටපු ගෑණු චරිත්.

මිනිහා හෙන සංතෝසෙන් තමයි හිටියේ රු 25කට ගිරවෙක් ලැබුන නිසා..

ඊට සතියකට පස්සේ කැන්ටිම ළඟදි අපට ගෑණු චරිත්ව හම්බුනා.. එතනදී ඇති වෙච්ච දෙබස තමයි මේ..

කොල්ලෙක්: ඒයි චරිත්… කෝ බං උඹේ ගිරවා?

චරිත්: මිට්ටා ඌව මට දුන්නේ නෑ…

කොල්ලෙක්: ඈහ්… දුන්නේ නෑ… ඒ මොකද යකෝ…

චරිත්: ඒ ගිරවා මිට්ටාගේ නෙවෙයිලූ…අල්ලපු ගෙදර අයියාගේලූ…

කොල්ලෙක්: ඈහ්…ඉතින් යකෝ සල්ලි????

චරිත්: මගේ විසිපහ මිට්ටා මට ආයේ දුන්නා…

අල්ලපු ගෙදර ගිරවා පෙන්නලා උපයපු මුළු මුදල ( 40 x 25 ) = රු 1000, ගෑණු චරිත්ට ආපහු දුන්නා රු 25.
සම්පූර්ණ ආදායම = රු 975
Image: http://www.thatpetplace.com/images/Promotions_Image_Files/Amazon1.jpg

Advertisements

15 responses to “මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම

  1. මූ නම් මාරම බිස්නස් කාරයෙක් නේ. ලොකු වෙලාත් මූ බිස්නස් ම කරන එක ආයේ අහන්නත් දෙයක් යෑ. 🙂

  2. මාර මිට්ටෙක් නේ මූ…..හිතාගන්නවත් බැරි දේයක්…මේක කියෙව්වම මට මතක් උනා අර ඔට්ටු අල්ලලා හැම තිස්සෙම දින්න බුවා ගේ කථාව..

  3. අන්න මොල කාරයෝ…..

    හැබැයි අපිනම් මිටි යාලුවන්ට කිව්වෙ බුට්ටො කියලා

  4. මූනම් ටක්කෙටම ගැලපෙනවා ලංකාවේ ආණ්ඩුවේ බලධාරියෙක් කරන්න.

  5. අපේ ගමේ පොරක් ඔය වැඩේම කලේ ටිකක් වෙනස් විදිහට,

    මිනිහත් ඌ ළඟ ඉන්නවයි කියන රුපියල් දහදාහක් වටින හරකව විකුනන්ඩ ලොතරැයියක් ඕගනයිස් කලා. ටිකට් එකක් රුපියල් සීයයි.ටිකට් දෙසීයක් විකිණුනාට පස්සෙ ලොතරැයිය ඇද්ද. දිනපු එකා පහුවදා ආව හරක ගෙනියන්ඩ.

    ” අනේ හරක ඊයෙ රෑ මලානෙ. හරිම අපරාදෙ. මම තමුසෙගෙ රුපියල් සීය ආපහු දෙන්නම්” හරක් අයිතිකාරය ඔන්න ඔහොම කියල රුපියල් සීයකුත් දීල මිනිහව ආපහු පිටත් කලා.

  6. යකෝ ඌ මාර පොරක්නේ. දැන් මොකද කරන්නේ මෑන්…?

  7. ෂහ් මරු බඩුවක්නේ…. නැද්ද පොරගේ තව බිස්නස් කතා එහෙම? යමක් කමක් ඉගෙන ගන්ඩවත්?

  8. දැන් සක්විති වෙලා ඉන්නේ පොරද දන්නේ නෑ..
    ඔයවගේ කූට විදියට ලාභ උපයන යට වැඩි අනාගතයක් නැහැ
    එච්චර අගය කරන්න දෙයක් නෙවි
    තරහ වෙන්න එපා .. මට හිතෙන හැටියට කියුවේ

  9. මාර මොලයක් නෙ බන් ඌට තියෙන්නේ… 8 පන්තියෙදි ඔච්චර හරියක් තියා හිතා ගන්නවත් බෑ මෙලේ බෝලයක් අපිට නම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )