Category Archives: නිදහස් අදහස්

ඩ්‍රයිවින්ග් ස්කූල්


මැදපෙරදිග ගොඩක් රටවල් වල රියදුරු බලපත්‍රය ගන්න ඩ්‍රයිවින්ග් ස්කූල් එකකට යන්න ඕන. මම ඉන්න කටාර් වලත් එහෙමයි… සමහර වෙලාවට උපන්දා ඉඳන් එළවපු එකෙක්ට උනත් ලයිසන් එක ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..

කටාර් වල නම් මුලින්ම ඇස් පරික්ෂාවක් තියෙනවා, ඊට පස්සේ සිග්නල් ටෙස්ට් එකක් තියෙනවා.. එක එක ට්‍රැෆික් සයින් පෙන්නලා ඒවායෙ තේරුම අහනවා.. සමහර අය ඉතින් කලබල වෙලා වැඩේ අනා ගන්නවා..

ඒක පාස් උනාම “එල්” එක ගහන්න කියලා ඊට පස්සේ කල්ච් බැලන්ස් ටෙස්ට් එකක්.. ඒකත් පාස් නං පොකට් පාකින් එකක් තියෙනවා කරන්න. රිවස් එකේ පොකට් පාකින් එක ගහන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද වටේට බම්බු තියල තියෙන්නේ.. පොඩ්ඩක් ගෑවුනාම ඔක්කොම වැටෙනවා.ගොඩක් අය ඕකෙන් ෆේල් වෙන නිසා දැන් නම් ඒක අයින් කරලා නිකන්ම නිකන් පාකින් එකක් කරන්න තියෙන්නේ. එකථ් පාස් උනාම පොලිස් කාරයා දාගෙන රෝඩ් ටෙස්ට් එකක් යන්න ඕනි. එකත් පාස් උනොත් තමා ලයිසන් එක දෙන්නේ…

ඔන්න ඔය කියපු සන්තැසිය නිසා ඒකාලේ ලයිසමක් ගන්නවා කියන එක බුදු ගේමක්… ලයිසන් තියෙන අය නිකන් ලෝඩ් පකීර් ලා වගේ තමයි හිටියෙ.. අපි වගේ එක පාරින් ලයිසම ගත්තු අය නිකන් හිටියෙ මයිකල් ෂූමාකර්ලා වගේ… දිගටම කියවන්න

කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි..


මේ බ්ලොග් එක ලියන පොර ඉන්නවා නේද..? කාටවත් නොකිව්වට පොර පොඩි කාලෙ ඉඳලා, ඒ කිව්වේ කිරි බොන කාලේ ඉඳලම මහින්ද චින්තනය අනුව තිතට මත තිබ්බ පොරක්…

වයස අවුරුද්දක් විතර වෙනකොටම වාගේ තමයි පොර බොන්න පුරුදු වෙලා තියෙන්නේ.. ඒකත් එසේ මෙසේ බීමක් නෙවෙයි.. ලොකු එව්වෝ බොනවා වගේ නප්පියටම ගහලා තමයි පොර ඉන්නේ..

ඒ උනාට ඔය අනිත් බී ගත්තු ඩයල් වගේ නම් නහැ හරිම සාමකාමීයි බිව්වම… පොඩි එකා කාලේ නිසා බිව්වම කරන්නේ හොඬට නිදාගන්න එක… ආයේ කාටවත් කිසිම කරදරයක් නෑ.. අනික් පොඩිඋන් වගේ කිරි ඉල්ල ඉල්ල අඬන්නේ නෑ…

වයස අවුරුද්දක් විතර කාලේ මෙහෙම බිව්වානම් දැං කොහොම බොනවා ඇද්ද කියලා කට්ටියටම කල්පනා කරනවා ඇති… අනේ දෙමාපියන්ගේ සල්ලි නේද? ඒ එක්කම එන අනිත් ප්‍රශ්නේ තමයි මේ බඩගාන වයසේදිම මූ කොහොමද මේ බොන්න පුරුදු උනේ කියන එක…

සිද්දිය මෙන්න මෙහෙමයි.. දෙමාපියෝ දෙන්නම රජයේ සේවකයෝ වෙච්චි නිසා මට අවුරුද්දක් පිරෙනකොටම වගේ අම්මාට ආපහු වැඩට යන්න සිද්ද උනා.. ටික කාලයක් ආච්චි අම්මලා නැන්දලා ඇවිල්ලා මං කොළුවව බලා ගත්තාට, පස්සේ පස්සේ වැඩකාරයෙක් ගන්න උනා මාව බලාගන්න.. පොඩි කාලේ ඉඳන් මාර විසයක් තිබුන නිසා ඒක අනිවා වෙලා තමයි තිබුනේ…

කොහොම හරි වෙනදා දුවන පනින කොල්ලා වැඩකාරයා ආවම තමයි කරටි කැඩෙන්න බීලා නිදාගන්න සෙට් උනේ.. දිගටම කියවන්න

නැතිවුන පර්චස් හත..


මගේ හොඳම යාලුවෙක්ගේ හොඳම යාලුවෙක් ඉන්නවා… මිනිහා නිකන් කතා සාගරයක් වගේ.. මිනිහා ගැන කීප දෙනෙක්ම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්න නිසා මම වැඩිපුර මොකුත් කියන්නේ නෑ…

මිනිහා කරොත් කරන්නේ රජ වැඩ.. ඒ වගේම තමයි බුදු ෆිට් එක… ආයේ ඕනෑම දේකට යන්න පොර රෙඩි.. පොරට නමක් ඕනි නිසා අපි කියමුකෝ “රවී” කියලා..

ඔන්න මේක මේ රවියා උස්මහත් වෙච්ච කාලේ කරපු වැඩක්..

රවියාගේ යාලුවෝ ඔක්කෝම වගේ ඉස්කෝලේ ඉවර වෙලා මොකක් මොකක් හරි කරන්න ගත්තා.. රවියාගේ ළඟම යාලුවෙක් පොඩි කඩයක් හදාගත්තා.. ඒක දැන් නැගලා යනවා.. එකට වල බැහැපු අනිත් එකා දැම්මා පොඩි බිස්නස් එකක්.. ඒකත් නැගලා ගියා…

දැන් මූට නිකං ඉන්නම බෑ වගේ.. මොනවා හරි කරන්න ඕනි කියලා හිත හිත ඉන්න අතරේ මුගේ ටිකිරි මොළේට ආවා මරු අයිඩියාවක්.. දිගටම කියවන්න

සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය.


රුවන් වැල්ලේ සෝභිත වෙදහාමුදුරුවෝ කියා ගනිමින් අද වනතුරු සාමාන්‍ය ජනතාව රවට්ටමින් සහ අහිංසක කාන්තාවන් ලිංගික උගුල්වලට අටවා ගනිනිමින් ලොවෙත් නැති ෆන් ගනිමින් සිටි බුද්ධ චීවරය පොරවාගත් අමනයකුගේ රෙදි ගලවා නිරුවත් කිරීමට සමත්වීම ගැන නෙත් එෆ්. එම් ගුවන්විදුලියට සහ බැලුම්ගල වැඩසටහනට මගේ ආචාරය.

මූ ගැන වෙන කිසිවක් කීමට අවශ්‍ය නැත. බැලුම්ගල වැඩසටහන ඇසු විට සියල්ල තේරුම් යනු ඇත. එම වැඩසටහන පහත අමුණා ඇත.

මීට පෙරද මම මේ ගැන ලිපියක් ලියා ඇත.(අති ප්‍රබල වශී ගුරුකම්, මෙතැනින් කියවන්න )

මේ වගේම තව හොර උන්නාන්සේලා කීප දෙනෙක් ඇති අතර , උන්ද මෙලෙසම නිරුවත් වේවායි යන්න මගේ පැතුමයි. දිගටම කියවන්න

මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම


අපේ ඉස්කොලේ ඒ දවස් වල හිටියා මරු ඩයල් එකක්..

පොරගේ උස ගැනම සළකලාද කොහෙද අපේ උන් ඌට නමක් දාලා තිබ්බේ “මිට්ටා” කියලා..

මිට්ටා උසින් විතරක් නෙවෙයි අජ්ජාපනේ අතිනුත් අනිත් අයට වඩා සෑහෙන පහතින් හිටියේ.. ඒ උනාට පොරගේ ඇඟ පුරාම මොලේ තිබ්බා.. තනිකරම බිස්නස් ඩයල් එකක්…පොර ඉස්කෝලේ ආවේ නවයේ පන්තිය වෙනකං විතරයි. එතැනින් පස්සේ පොර ගියා ඉස්කොලේ අතෑරලා බිස්නස් කරන්න…

පොර ඒ කාලේ කරපු බිස්නස් අපිට අදවත් කර ගැන්න බැරි තාලේ එව්වා..

මේක අපේ මිට්ටා ඒ කාලේ කරපු සුපිරි වෙළදාමක් ගැන ස්ටෝරියක්..

ඒ දවස් වල අපි හිටියේ අටේ පන්තියේ… අපේ පන්තියේ හිටපු පොරකට හිටියා ගිරවෙක්.. ඉතින් ඔය ගිරවා ගැන පොර ටෝක් දිදී තමයි හිටියේ ඌ හැම වෙලාවෙම. මිනිහගේ ඉතිහාසය පොතේ ඉඳලා සෞඛ්‍යය පොත වෙනක්ං පොත් වල පිටකවර වලට දාලා තිබ්බේත් ගිරවු ඉන්න පොටෝ…

ඉතින් ඒ නිසා අපේ කට්ටියගේ අතරේ ගිරවු උණ හෙනට ගහලා තිබ්බේ..

ඔහොම ඉන්න අතරේ අපේ මිට්ටා දවසක ගෙනාවා ගිරවෙක් ඉස්කෝලෙට.. දිගටම කියවන්න

කළු මල්ලීගේ වෙඩින් ෆොටෝ එක


අපේ ඔෆිස් එකේ බොහෝම කාලයක් වැඩ කරපු  කළු මල්ලී බැඳපු කාලේ වෙච්චි සිද්දියක් මේක.. දැන් අවුරුදු හත අටකට කලින්…

අපේ කළු මල්ලීට “කළු මල්ලී” කියන්නේ ඇයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ… නමින්ම තේරෙනවා..

ඔය සුදු /කළු කියන එක සාපේක්ෂයිනේ.. ජෙනිෆර් ලෝපේස් ඇන්ටිව අපිට පේන්නේ සුදුයි වගේ.. ඒ අපි සසඳන්නේ අපිත් එක්ක නිසා.. ඒ උනාට එයා සැන්ඩ්‍රා බුලොක් ඇන්ටිත් එක්ක බැලුවම ජෙනී ඇන්ටි කළුයි…

මේ කතාව කියන්න ඉස්සෙල්ලා අපේ කළු මල්ලී කොච්චර කළු ද කියන එක පැහැදිලි කරලා ඉන්න එපැයි… ඒකත් කරන්න ඕන සාපේක්ෂව… මේ ලෝකේ අඟුරු කෑල්ලක් සුදුයි කියලා කියන්න වෙන එකම අවස්ථාව අපේ කළු මල්ලීත් එක්ක කොම්පේයාර් කරාපු වෙලාවක තමයි… පොර කොච්චර සුදුයි ද කියනවා නම් උන්ගේ ගෙවල් පැත්තේ පන්සලේ හාමුදුරුවොත් මිනිහාට කියන්නේ “ආලවක” කියලා…

දවසක් අපේ ඔෆිස් එකට අලුතින් කෙන්යන් ඩයල් එකක් ආවා.. පොරට කතාබහ කරන්න උගේ ජාතියේ කවුරුවත්ම නෑ ඔෆිස් එකේ… ඒ කෙන්යන් කාරයා ඔහොම හාමතේ වේලි වේලි ඉද්දී අපේ කළු මල්ලී කොහේද කොරිඩොර් එකක යනින් ගමන ඌව දැකලා.. ඉතින් මේ කෙන්යන් ඩයල් එකත් දුවලා ගිහින් ඌව බලෙන් නවත්තලා කතා කරලා කෙන්යන් බාසාවෙන්.. පොර හිතලා තියෙන්නේ අපේ ඩයල් එක කෙන්යාවේ කියලා… අපේ කළු මල්ලී ඉතින් ඇරලා නෑ.. හොඳට හිනාවෙලා සිංහලෙන් කුණුහරුප දෙක තුනක් කියලා ඇවිල්ලා…අරූ ඒත් හිතලා තියෙන්නේ මූ අප්‍රිකාවේ දුර ගෝත්‍රයක ඉන්න පොරක් වෙන්න ඇති කියලා…

දැන් ඉතින් කට්ටියට පොඩි අයිඩියාවක් ඇති කළු මල්ලී මොන වගේද කියලා… දිගටම කියවන්න

හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම )


දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සෙල්ලා මම සිංහලෙන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අහම්බෙන් වගේ හම්බවෙලා කියවන්න ගත්තු බ්ලොග් දෙකක් නිසා… ඒ බ්ලොග් දෙකේ තිබ්බ අදහස් සහ රචනා ශෛලීන් වල ආකර්ශණය නිසාම මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලිව්වොත් හොඳයි කියලා.. ඒ බ්ලොග් දෙක දැනට සිංහල බ්ලොග් අවකාශයේ විශිෂ්ඨතම බ්ලොග් දෙකක් වන කතන්දර ශූරීන් ගේ “කතන්දර” බ්ලොග් එක සහ දුකාගේ “දුකා” කියන බ්ලොග් එකයි.

අද මේ ලියැවෙන්නේ මේ බ්ලොග් අඩවියේ සියවැනි බ්ලොග් පෝස්ට් එක වීම නිසා ඒ ඇරඹුම ගැන සටහන් කිරීම වටිනවා ඒ බ්ලොග්කරුවන් දෙන්නාටත් කෙරෙන ස්තූතියක් විදියට.

බ්ලොග් පෝස්ට් සීයක් ලියන එක මගේ චක්කරේට අනුව නම් ලේසි වැඩක් නෙවේ. ඒ ගැන විෂේශ කැප කිරීමක් අවශ්‍යයි. ඔෆිස් එකයි, ගෙදරයි, විභාගයි, අතරේ බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න හරි අමාරුයි… බැඳපු උන් දන්නවා ඇති ගෙදරදී බ්ලොග් ලියන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා.. ඒ නිසා මම නම් හැම එකක්ම ලියන්නේ ඔෆිස් එකේ වැඩක් නැති වෙලාවට, ටික ටික…. ඒ අතින් මේ මෑතකදී අරඹලා බ්ලොග් පෝස්ට් 250ක් වගේ ලියැවෙලා තියෙන රංග – මගේ ලෝකය වගේ බ්ලොග් අඩවි වලට වෙනම සම්මානයක් දෙන්න ඕන ඒ කැපකිරීමටම. දිගටම කියවන්න