Category Archives: මගේ ජීවිත සටහන්..

නිර්මලා දැන් කතා කරාවි..


පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට රුපියල් 5000ක් දැමුවෙමි. මැද පෙරදිග අවුරුදු හයක ජීවිතයේ දැනට අවුරුදු 3ක පමණ සිට සෑම මසකම මා රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලක් එවැනි කටයුතු සඳහා වෙන්කර තබන්නේ සිරිතක් වශයෙනි.

එදින වැඩ නිමවා ගෙදර ආවා පමණි…..
මාගේ දුරකතනට ඇමතුමක් ලැබුණි. ඒ මාගේ ඉතාම හිතවත් මිතුරෙකුගෙනි.

“මචං.. අර දිවයින පත්තරේ තිබ්බ ආටිකල් එක කියෙව්වද? අර  ගොළු දරුවෙක්  ගැන දාලා තිබ්බේ..”

“ආ..ඔව් මචං.. මම අද සල්ලි වගයකුත් දැම්මා..” මම කීවෙමි.

“ආ..ඒකත් එහෙමද.. උඹ සල්ලි දැම්මද? … මම මේ බැලුවේ අපිත් කීයක් හරි එකතු කරලා දාමුද කියලා බලන්ඩ..”

“හරි මචං, කරමු.. මට විනාඩි 5ක් දීපන්..මම උඹට කෝල් එකක් ගන්නම්..” මා එසේ කියා දුරකථනය තිබ්බේ, ඒ ගැන ටිකක් හිතන්නට ඕනෑ නිසාය… දිගටම කියවන්න

“චූ පුතා” සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාද


ඉටි කිරිස් කෙලි පොඩ්ඩියෙක් ගෙන් නිකං හග් එකක් ගන්න තිබුනු චාන්ස් එක නැතිවෙච්ච හැටි කලින් පෝස්ට් එකෙන් කිව්වනේ.. ඒක බලන්න බැරි උන අයට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්… එතැන ඉඳලා තමයි අද කතාව..

මාස තුනකට වඩා මොකුත්ම ලිව්වේ නැති නිසා SUB සින්ඩියෙන් හැලිලා ගිහින්, ඒ නිසා මේ දවස් වල කට්ටිය එන්නේ ලාංකීය එකෙන් සහ කොත්තුවෙන් විතරයි. ආයේ ඇතුලත් කරගන්න කියලා දැම්මට තාම උනේ නෑ.. ඒ නිසා වෙනදා වගේ නෙවෙයි බලන ගාන සෑහෙන අඩු වෙලා.. කොහොමත් මේ දවස් වල ලියන ඒවත් මෙලෝ රහක් නැතුව ඇති…

බැක් ටු බ්‍රසල්ස්..

“චූ පුතා” ඉන්නේ ග්‍රෑන්ඩ් ප්ලේස් එකට ලඟින්මයි…

අපි චූ පුතා කියලා නෝන්ඩියට වගේ කිව්වට මේ පිළිමය දැන් බ්‍රසල්ස් වල සංකේතයක් බවට පත්වෙලා අවසානයි…

Mannekin Pis නමින් හඳුන්වන මේ ලෝකඩ ප්‍රතිමාවේ දැක්වෙන්නේ චූ කරමින් ඉන්න කුඩා දරුවෙක්. 1388 දී පමණ හදපු මේ පිළිමය, පසු කාලීනව විනාශවූ නිසා දැන් තියෙන්නේ 1619දී නැවත හදපු ප්‍රතිමාවක්.

පහතින් තියෙන්නේ ඒ චූ පුතා පිළිමයයි..

දිගටම කියවන්න

Free Hug සහ බ්‍රසල්ස් වල තවත් දේ…


පහුගිය අවුරුද්දේ යුරෝපයේ වටේ පොඩි සංචාරයක් යනින් ගමනේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ දැකපු දේවල් ටිකක් තමයි අද ලියවෙන්නේ…

බ්‍රසල්ස් කියන්නේ යුරෝපීය සංගමයේ මූලස්ථානය පිහිටා තියෙන බෙල්ජියමේ අග නුවරයි. අගනුවර තියෙන ප්‍රධාන සංකේතය තමයි පහතින් තියෙන 1958 Expo World Fair එක වෙනුවෙන් හදපු Atomium එක. යකඩ ක්‍රිස්ටල් එකක ඒකක අණුවක් බිලියන 165 ගුණයකින් විශාල කරාම දැක්වෙන විදියට තමයි Atomium එක හදලා තියෙන්නේ.

මුලින්ම කියන්න ඕන යුරොපයේ අනෙක් නගර වලට වඩා සංචාරකයන්ට අඩු ආරක්ෂාවක් තියෙන නගරයක් තමයි බ්‍රසල්ස් කියන්නේ…ටිකක් හොරකම් එහෙම වැඩියි.. අමු අමුවේ පොකට් එකට විදලා දුවගෙන යන එකට අමතරව පොඩි පොඩි සොඳුරු විදියට කරන හොරකමුත් සිද්දවෙනවා බ්‍රසල්ස් වල…

මගේ හිත ගිය ඒ වගේ සොඳුරු හොරකමක් තමයි ෆ්රී හග් [free hug] එක. ඒක කෙරෙන්නේ මෙහෙමයි… ඔන්න ඔය පහලින් දාලා තියෙන්නා වගේ හොඳට කොටට ඇඳගෙන free hug කියලා ටී ෂර්ට් එක ගහගෙන ඉන්නවා ලස්සන කෙලි පැංචො…

මෙහෙම දකින කාට උනත් හිතෙනවනේ ගිහින් නිකන් දෙන හග් එක ගන්න.. නැද්ද මං අහන්නේ.. දිගටම කියවන්න

කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි..


මේ බ්ලොග් එක ලියන පොර ඉන්නවා නේද..? කාටවත් නොකිව්වට පොර පොඩි කාලෙ ඉඳලා, ඒ කිව්වේ කිරි බොන කාලේ ඉඳලම මහින්ද චින්තනය අනුව තිතට මත තිබ්බ පොරක්…

වයස අවුරුද්දක් විතර වෙනකොටම වාගේ තමයි පොර බොන්න පුරුදු වෙලා තියෙන්නේ.. ඒකත් එසේ මෙසේ බීමක් නෙවෙයි.. ලොකු එව්වෝ බොනවා වගේ නප්පියටම ගහලා තමයි පොර ඉන්නේ..

ඒ උනාට ඔය අනිත් බී ගත්තු ඩයල් වගේ නම් නහැ හරිම සාමකාමීයි බිව්වම… පොඩි එකා කාලේ නිසා බිව්වම කරන්නේ හොඬට නිදාගන්න එක… ආයේ කාටවත් කිසිම කරදරයක් නෑ.. අනික් පොඩිඋන් වගේ කිරි ඉල්ල ඉල්ල අඬන්නේ නෑ…

වයස අවුරුද්දක් විතර කාලේ මෙහෙම බිව්වානම් දැං කොහොම බොනවා ඇද්ද කියලා කට්ටියටම කල්පනා කරනවා ඇති… අනේ දෙමාපියන්ගේ සල්ලි නේද? ඒ එක්කම එන අනිත් ප්‍රශ්නේ තමයි මේ බඩගාන වයසේදිම මූ කොහොමද මේ බොන්න පුරුදු උනේ කියන එක…

සිද්දිය මෙන්න මෙහෙමයි.. දෙමාපියෝ දෙන්නම රජයේ සේවකයෝ වෙච්චි නිසා මට අවුරුද්දක් පිරෙනකොටම වගේ අම්මාට ආපහු වැඩට යන්න සිද්ද උනා.. ටික කාලයක් ආච්චි අම්මලා නැන්දලා ඇවිල්ලා මං කොළුවව බලා ගත්තාට, පස්සේ පස්සේ වැඩකාරයෙක් ගන්න උනා මාව බලාගන්න.. පොඩි කාලේ ඉඳන් මාර විසයක් තිබුන නිසා ඒක අනිවා වෙලා තමයි තිබුනේ…

කොහොම හරි වෙනදා දුවන පනින කොල්ලා වැඩකාරයා ආවම තමයි කරටි කැඩෙන්න බීලා නිදාගන්න සෙට් උනේ.. දිගටම කියවන්න

මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම


අපේ ඉස්කොලේ ඒ දවස් වල හිටියා මරු ඩයල් එකක්..

පොරගේ උස ගැනම සළකලාද කොහෙද අපේ උන් ඌට නමක් දාලා තිබ්බේ “මිට්ටා” කියලා..

මිට්ටා උසින් විතරක් නෙවෙයි අජ්ජාපනේ අතිනුත් අනිත් අයට වඩා සෑහෙන පහතින් හිටියේ.. ඒ උනාට පොරගේ ඇඟ පුරාම මොලේ තිබ්බා.. තනිකරම බිස්නස් ඩයල් එකක්…පොර ඉස්කෝලේ ආවේ නවයේ පන්තිය වෙනකං විතරයි. එතැනින් පස්සේ පොර ගියා ඉස්කොලේ අතෑරලා බිස්නස් කරන්න…

පොර ඒ කාලේ කරපු බිස්නස් අපිට අදවත් කර ගැන්න බැරි තාලේ එව්වා..

මේක අපේ මිට්ටා ඒ කාලේ කරපු සුපිරි වෙළදාමක් ගැන ස්ටෝරියක්..

ඒ දවස් වල අපි හිටියේ අටේ පන්තියේ… අපේ පන්තියේ හිටපු පොරකට හිටියා ගිරවෙක්.. ඉතින් ඔය ගිරවා ගැන පොර ටෝක් දිදී තමයි හිටියේ ඌ හැම වෙලාවෙම. මිනිහගේ ඉතිහාසය පොතේ ඉඳලා සෞඛ්‍යය පොත වෙනක්ං පොත් වල පිටකවර වලට දාලා තිබ්බේත් ගිරවු ඉන්න පොටෝ…

ඉතින් ඒ නිසා අපේ කට්ටියගේ අතරේ ගිරවු උණ හෙනට ගහලා තිබ්බේ..

ඔහොම ඉන්න අතරේ අපේ මිට්ටා දවසක ගෙනාවා ගිරවෙක් ඉස්කෝලෙට.. දිගටම කියවන්න

ලර්නර්ස් සපත්තු…


පුරුද්දක් විදියට අපේ හාමිනේ මම ලියන එව්වා කියවන්නේ නෑ….(එහෙම කියලා මම ඉතින් හාමිනේ ට මඩ ගහන්න යන්නේ නෑ…බඩේ පාර වදිනවා නේ..) එක පාරක් එයා නිසා, “මම මින්පසු ටැබූ කතා නොලියමි ” කියලා පොරොන්දුවකුත් දෙන්න උනානේ…ඒක අර මම ලියපු ටැබූ කතාවක් ගැන කවුද එයාට කියලා, ඒ නිසා ඒක කියවලා වෙච්ච දෙයක් නේ…

ඒ වගේම අල කලංචියක් උනා මේ ළඟදී ජීවිතේ හැක් උන එක ගැන කියන්න ගිහින්. ඒක කියවලා අපේ ගෙදර ආපු අය අපේ හාමිනේ ගෙන් අහන්න ගත්තා “නංගි දැන් මෙයාව හැක් කරලා නේද තියෙන්නේ කියලා”… අපේ හාමිනේට ඒක ගැන කිසිම දැනුම් තේරුමක් නෑ.. එහෙම අහපු නිසාම එයා ගිහින් බ්ලොග් එක කියවලා ඒකේ තියෙන දෙබස් වැරදියි කියලත් මට චෝදනාවක් ආවා…

මේ කතාව කියන්න මතක් උනේ කතන්දර ගේ කාර් එකේ පෝස්ට් එක දැකලා… හැබැයි මේ කතාවේ පොඩි මඩක් තියෙනවා… මගේ හොඳම යාළුවෙක් තමයි කතාවේ ඉන්නේ… පොර නම් මගේ බ්ලොග් එක කියවන්නේ නෑ… ඒ උනාට මෙහෙම මඩ ගහලා උගෙන් බේරෙන්න බැරිවෙන්නේ මේවා බලන අනික් උන් තැන තැන ගිහින් ඒවා කියන නිසා…

තව අපේ යාලුවන් අතරේ වෙච්ච කතා ගොඩක් තියෙනවා…  ඒත් ඕවා ලියන්න බැරි කියවන උන් ගිහින් ඒවා හැමතැනම කියන නිසා… ඒ පොරවල් ගිහින් කියන්නේ නිකන් මම උන්ගේ වැල ෆිල්ම් එකක් නෙට් එකට දැම්මා වගේ…

“අන්න අරූ උඹ ගැන නෙට් එකට දාලා…”

ඉතින් මට රිටර්න් එක ලැබෙන්නේ රියල් ලයිෆ් එකේ මොකක් හරි බාල්දියකින්…

ඔන්න මඩයා යි, අභීයයි වගේ බ්ලොග් ලියන දෙන්නෙක් නම් රිටර්න් මඩ පෝස්ට් එකකින් වැඩේ සෙටල්…ඒ වගේද මේවා..

ඒ නිසා මේවා කියවන අය මේ කියන පුද්ගලයා කවුද කියලා දන්නවා නම් කටක් අරිනවා එහෙම නෙවෙයි ඕන්.

හරි… disclaimer එක ඉවරයි…. ඔන්න කතාවට.. දිගටම කියවන්න

බ්ලොග් වගේද ජීවිතේ හැක් උනාම?


සෑහෙන කාලෙකින් මොනවත් ලියන්න බැරිවුනේ අර කතන්දර ශුරීන් කියනවා වගේ ‘රයිටර්ස් බ්ලොක්’ එක හැදිලනම් නෙවෙයි ඕන්. කියන්න සහ ලියන්න දේවල් එමටයි. නොලියපු මාස දෙක තුන ඇතුලත වෙච්ච සිද්ධි ටිකම ඇති වෙන බ්ලොග් එකක් කරන්න.

හැබැයි අහුවෙන හැම වෙලාවකම ඇවිත්, දන්න කියන බ්ලොග් කීපයක් බලලා යන්න අමතක කරේ නම් නෑ. හැබැයි කොමෙන්ටු දාන හැටි නම් බලෙන්ම අමතක කරලා දැම්මා. අද ඉඳලා ආයෙත් ටික ටික වැඩේ පටන්ගන්න ඕන.

අපි හැඩගැහිලා ඉන්න ජීවිත රටාවකින් මිදිලා, වෙනසක් කරාම, ආයෙත් පුරුදු ජීවිතයට එන්න පොඩ්ඩක් අමාරුයි. ඇතෑරලා දාලා තිබ්බ නිසා දැන් සිංහල ට්යිප් කරන්නත් බෑ වගේ. වැඩේ කොච්චර සීරියස්ද කියලා කියනවා නම්, මට වර්ඩ් ප්‍රෙස් එකට ලොග් ඉන් වෙන්නේ කොහොමද, පාස් වර්ඩ් එකයි, යූසර් නේම් එකයිත් අමතක වෙලා තිබුනේ….හිතෙන හිතෙන පාස්වර්ඩ් ගහල බැලුවා.. ම්හූ.. ලොග් වෙන්නේ නෑ..

මේ දවස් වල හෝ.. හෝ.. ගාලා බ්ලොග් හැක් වෙන නිසා මමත් පැත්තකට ගිහින් කල්පනා කලා මගේ බ්ලොග් එක හැක් වෙලා වත්ද කියලා. කෙලින්ම හිතට ආවේ මගේ බ්ලොග් එක හැක් කරන්න තරම් ‘සිරා’ බ්ලොග් එකක්ද කියන එකයි. දිගටම කියවන්න