Category Archives: මැදපෙරදිග

නිර්මලා දැන් කතා කරාවි..


පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට රුපියල් 5000ක් දැමුවෙමි. මැද පෙරදිග අවුරුදු හයක ජීවිතයේ දැනට අවුරුදු 3ක පමණ සිට සෑම මසකම මා රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලක් එවැනි කටයුතු සඳහා වෙන්කර තබන්නේ සිරිතක් වශයෙනි.

එදින වැඩ නිමවා ගෙදර ආවා පමණි…..
මාගේ දුරකතනට ඇමතුමක් ලැබුණි. ඒ මාගේ ඉතාම හිතවත් මිතුරෙකුගෙනි.

“මචං.. අර දිවයින පත්තරේ තිබ්බ ආටිකල් එක කියෙව්වද? අර  ගොළු දරුවෙක්  ගැන දාලා තිබ්බේ..”

“ආ..ඔව් මචං.. මම අද සල්ලි වගයකුත් දැම්මා..” මම කීවෙමි.

“ආ..ඒකත් එහෙමද.. උඹ සල්ලි දැම්මද? … මම මේ බැලුවේ අපිත් කීයක් හරි එකතු කරලා දාමුද කියලා බලන්ඩ..”

“හරි මචං, කරමු.. මට විනාඩි 5ක් දීපන්..මම උඹට කෝල් එකක් ගන්නම්..” මා එසේ කියා දුරකථනය තිබ්බේ, ඒ ගැන ටිකක් හිතන්නට ඕනෑ නිසාය… දිගටම කියවන්න

Advertisements

පින්තූර ටිකක්…10th Formula 1 Grand Prix of Qatar (2012)


පහුගිය සෙනසුරාදා හවස කටාර් වල දොහා කොර්නීච් එකේ තිබුනු 10වැනි Formula 1 Grand Prix of Qatar හිදී ගත්තු ඡායාරූප කීපයක් තමයි පහතින් තියෙන්නේ..

තරඟය ජය ගත්තේ, පටන් ගත්තු වෙලාවෙ ඉඳලාම ඉස්සරහින් සිටි, අබුඩාබි ටීම් එකේ අහමද් අල්-හමේලි (Ahmed Al-Hameli, Above) දිගටම කියවන්න

ඩ්‍රයිවින්ග් ස්කූල්


මැදපෙරදිග ගොඩක් රටවල් වල රියදුරු බලපත්‍රය ගන්න ඩ්‍රයිවින්ග් ස්කූල් එකකට යන්න ඕන. මම ඉන්න කටාර් වලත් එහෙමයි… සමහර වෙලාවට උපන්දා ඉඳන් එළවපු එකෙක්ට උනත් ලයිසන් එක ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..

කටාර් වල නම් මුලින්ම ඇස් පරික්ෂාවක් තියෙනවා, ඊට පස්සේ සිග්නල් ටෙස්ට් එකක් තියෙනවා.. එක එක ට්‍රැෆික් සයින් පෙන්නලා ඒවායෙ තේරුම අහනවා.. සමහර අය ඉතින් කලබල වෙලා වැඩේ අනා ගන්නවා..

ඒක පාස් උනාම “එල්” එක ගහන්න කියලා ඊට පස්සේ කල්ච් බැලන්ස් ටෙස්ට් එකක්.. ඒකත් පාස් නං පොකට් පාකින් එකක් තියෙනවා කරන්න. රිවස් එකේ පොකට් පාකින් එක ගහන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද වටේට බම්බු තියල තියෙන්නේ.. පොඩ්ඩක් ගෑවුනාම ඔක්කොම වැටෙනවා.ගොඩක් අය ඕකෙන් ෆේල් වෙන නිසා දැන් නම් ඒක අයින් කරලා නිකන්ම නිකන් පාකින් එකක් කරන්න තියෙන්නේ. එකථ් පාස් උනාම පොලිස් කාරයා දාගෙන රෝඩ් ටෙස්ට් එකක් යන්න ඕනි. එකත් පාස් උනොත් තමා ලයිසන් එක දෙන්නේ…

ඔන්න ඔය කියපු සන්තැසිය නිසා ඒකාලේ ලයිසමක් ගන්නවා කියන එක බුදු ගේමක්… ලයිසන් තියෙන අය නිකන් ලෝඩ් පකීර් ලා වගේ තමයි හිටියෙ.. අපි වගේ එක පාරින් ලයිසම ගත්තු අය නිකන් හිටියෙ මයිකල් ෂූමාකර්ලා වගේ… දිගටම කියවන්න