Category Archives: ලෝකේ වටේ

“චූ පුතා” සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාද


ඉටි කිරිස් කෙලි පොඩ්ඩියෙක් ගෙන් නිකං හග් එකක් ගන්න තිබුනු චාන්ස් එක නැතිවෙච්ච හැටි කලින් පෝස්ට් එකෙන් කිව්වනේ.. ඒක බලන්න බැරි උන අයට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්… එතැන ඉඳලා තමයි අද කතාව..

මාස තුනකට වඩා මොකුත්ම ලිව්වේ නැති නිසා SUB සින්ඩියෙන් හැලිලා ගිහින්, ඒ නිසා මේ දවස් වල කට්ටිය එන්නේ ලාංකීය එකෙන් සහ කොත්තුවෙන් විතරයි. ආයේ ඇතුලත් කරගන්න කියලා දැම්මට තාම උනේ නෑ.. ඒ නිසා වෙනදා වගේ නෙවෙයි බලන ගාන සෑහෙන අඩු වෙලා.. කොහොමත් මේ දවස් වල ලියන ඒවත් මෙලෝ රහක් නැතුව ඇති…

බැක් ටු බ්‍රසල්ස්..

“චූ පුතා” ඉන්නේ ග්‍රෑන්ඩ් ප්ලේස් එකට ලඟින්මයි…

අපි චූ පුතා කියලා නෝන්ඩියට වගේ කිව්වට මේ පිළිමය දැන් බ්‍රසල්ස් වල සංකේතයක් බවට පත්වෙලා අවසානයි…

Mannekin Pis නමින් හඳුන්වන මේ ලෝකඩ ප්‍රතිමාවේ දැක්වෙන්නේ චූ කරමින් ඉන්න කුඩා දරුවෙක්. 1388 දී පමණ හදපු මේ පිළිමය, පසු කාලීනව විනාශවූ නිසා දැන් තියෙන්නේ 1619දී නැවත හදපු ප්‍රතිමාවක්.

පහතින් තියෙන්නේ ඒ චූ පුතා පිළිමයයි..

දිගටම කියවන්න

Free Hug සහ බ්‍රසල්ස් වල තවත් දේ…


පහුගිය අවුරුද්දේ යුරෝපයේ වටේ පොඩි සංචාරයක් යනින් ගමනේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ දැකපු දේවල් ටිකක් තමයි අද ලියවෙන්නේ…

බ්‍රසල්ස් කියන්නේ යුරෝපීය සංගමයේ මූලස්ථානය පිහිටා තියෙන බෙල්ජියමේ අග නුවරයි. අගනුවර තියෙන ප්‍රධාන සංකේතය තමයි පහතින් තියෙන 1958 Expo World Fair එක වෙනුවෙන් හදපු Atomium එක. යකඩ ක්‍රිස්ටල් එකක ඒකක අණුවක් බිලියන 165 ගුණයකින් විශාල කරාම දැක්වෙන විදියට තමයි Atomium එක හදලා තියෙන්නේ.

මුලින්ම කියන්න ඕන යුරොපයේ අනෙක් නගර වලට වඩා සංචාරකයන්ට අඩු ආරක්ෂාවක් තියෙන නගරයක් තමයි බ්‍රසල්ස් කියන්නේ…ටිකක් හොරකම් එහෙම වැඩියි.. අමු අමුවේ පොකට් එකට විදලා දුවගෙන යන එකට අමතරව පොඩි පොඩි සොඳුරු විදියට කරන හොරකමුත් සිද්දවෙනවා බ්‍රසල්ස් වල…

මගේ හිත ගිය ඒ වගේ සොඳුරු හොරකමක් තමයි ෆ්රී හග් [free hug] එක. ඒක කෙරෙන්නේ මෙහෙමයි… ඔන්න ඔය පහලින් දාලා තියෙන්නා වගේ හොඳට කොටට ඇඳගෙන free hug කියලා ටී ෂර්ට් එක ගහගෙන ඉන්නවා ලස්සන කෙලි පැංචො…

මෙහෙම දකින කාට උනත් හිතෙනවනේ ගිහින් නිකන් දෙන හග් එක ගන්න.. නැද්ද මං අහන්නේ.. දිගටම කියවන්න

රුසියානු සාහිත්‍යය – රුසියානු ගමනක මතක සටහන් -3


රුසියාවේ ගත කළ සති කිහිපයේ දුටු සිත් අලවන දසුන නම්, රුසියානු ජාතිකයන්ගේ ඇති සාහිත්‍යය නැඹුරුවයි.

බොහෝමයක් රුසියානුවෝ පොත් කියවති. සෑම ප්‍රධාන වෙළඳ සංකීර්ණයකම වාගේ පොත් කඩ විශාල ප්‍රමාණයක් ඇත. සාප්පු සංකීර්ණයේ ඇති කාර්ය‍යබහුලම ස්ථානය මෙතැනයි. ලංකාවේ අපි රෙදි කඩ වලට රිංගන්නා සේ ඔවුන්ගේ ඉල්ලුම ඇත්තේ පොත් කඩ වලටය. පොඩි පොඩි කඩවල වුවත් විශාල ප්‍රමාණයේ පොත් සංඛ්‍යාවක් විකිණීමට ඇත. බොහෝමයක් ඇත්තේ රුසියන් බාසාවෙනි. ඇතැම් පොත්කඩ දුටුවිට මට සිහිවන්නේ මරදාන ගාමිණී හෝල් එක අසල ඇති පරණ පොත් කඩ කිහිපයයි… පාසැල් යන කාලයේ කොච්චියට වෙලා තිබූ විට එතැනට ගොස් පොත් බැලීම කලක් මගේ විනෝදාංශයක්ව තිබුනි.

රුසියාවේදී දුටු එක් දෙයක් නම්, ලොව සෑම ප්‍රධාන බසකින්ම වාගේ පළවූ නවතම කෘතීන් වල රුසියානු පරිවර්තනය එසැනින් වෙළඳපලේ තිබීමය.  ඒලෙස ලොකයේ පළවන සෑම කෘතියක්ම වාගේ පරිවර්තනය කර වෙළඳ පලට දැමීමට තරම් එයටම කැපවූ වෘත්තිකයන් සිටීමෙන් පැහැදිලි වන්නේ පාඨකයන්ගේ ඇති ඉල්ලුමයි..

මඟ තොටේ දකිනා සෑම දහ දෙනාගේන් දෙදෙනෙකුවත් කුමන හෝ යමක් කියවති. මෙට්‍රෝ එකේ යෑමට escalator එකේ හිටන් සිටින කාලයද ඔවුන් වැය කරන්නේ යමක් කියැවීමටය. බස් රථ සහ මෙට්‍රෝ වලද මෙය සුලබ දසුනකි.

එක අතකින් බැලූ විට රුසියාව වැනි සාහිත්‍යයෙන් ආඪ්‍යය වූ ජාතියකට මෙය පුදුමයක් නොවේ. පළවැනි පීටර් රජතුමාගේ සහ කැතරින් රැජිනගේ පාලන සමයේ සිට ඇරඹි සාහිත්‍ය පුනරුදය විසින් ටික කලකදී ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වැනි මහා කවියෙකු බිහිකිරීම දක්වා වර්ධනය වීම පුදුම සහගතය. අදටත් නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා වශයෙන් පිළිගැනෙන්නේ ඇලක්සැන්ඩර් පුෂ්කින් ය. දිගටම කියවන්න

සිංහල දන්න රුස්සෝ – රුසියානු ගමනක මතකයන් – 2


මීට ඉස්සෙල්ලා රුසියාවට ගිය ගමන ගැන කතාවක් ලියලා තිබ්බානේ.. අර වීනස් දෙව් දුවක් දැකලා රැවටුනේ? ඒක කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. ඔන්න ඉතිං මටත් හා හා පුරාම කියලා කියවන්නෙක් ඊ මේල් එකක් එවලා තිබ්බා රුසියානු ගමන ගැන තව කතා ලියන්න කියලා. මේ දවස් වල මම පස් තාච්චි අදිනවා, ලියන්න වැඩි වෙලාවක් නෑ… ඒත් ඉතිං පාඨකයෙක් හා හා පුරා කියලා කරපු ඉල්ලීමනේ… ඒ නිසා පාඩම් කෙරිලි අරවා මේවා ඔක්කොම පැත්තකට දාලා තව එකක් ලියනන් පටං ගත්තා..

වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන කියනවානේ… ඒ වගේ තමයි… රුසියාවට ගියාම රුසියන් බාසාව කතා කරන්න ඕන.. නැත්නම් අතරමං වීම කෙසේ වෙතත්, හාමතේ මැරෙන්න තමයි වෙන්නේ. ඔය කිව්වට, යකා කියන තරම් කලු නෑ.. හොඳට ඉංග්‍රීසි දන්න රුස්සොත් හිටියා.. මම දන්න කියන රුස්සෝ කීප දෙනක්මත් හොඳට ඉංග්‍රීසි දන්නවා… ඒ කිව්වේ පුටින්, මෙද්වෙදෙව් වගේ කට්ටිය.

ඒ උනාට සිංහල හොඳින් තේරෙන රුස්සෝ එහේ ඉන්නවා කිව්වම පිළිගන්නවද??

මේක අපි සෙට් එක අත්දුටුව දෙයක්.. බොරු නං පහල විස්තරේ කියවලාම තේරුම් ගන්නකෝ. දිගටම කියවන්න

රසබර රැවටීමක්:රුසියානු ගමනක මතකයන් -1


පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ තවත් යාලුවෝ දෙන්නේක් එක්ක මම සංචාරයක් ගියා රුසියාවේ… මේ සංචාරය පුරාම තිබ්බේ රස බර මතක සටහන්. එකින් එක දිගහරින්නයි මේ සූදානම…

රුසියාවට යන්න පුළුවන් උනාට රුසියාවට ගිහින් එහෙ මෙහෙ යන එක නම් බොරු බාසාව දන්නේ නැතුව… ඉංගිරිසියෙන් මොනව හරි ඇහුවොත් ලැබෙන උත්තරේ “යස්”, “නෝ” කියන එක විතරයි කියල විනාඩි 5ක් යන්න ඉස්සෙල්ල තේරුනා.. රුසියානු බාසාවෙන් ඇරෙන්න වෙනත් බසකින් ලියැවුනු බෝඩ් එකක් හොයනව කියන්නේ නිකන් කළුනික හොයනවා වගේ තමයි..

ඔය ඔක්කොටම අපි තුන්දෙනාට උදව් උනේ මගේ අතිජාත මිත්‍රයෙක් වන චතුරංගයි… මිනිහා ඒ දවස් වල රුසියාවෙ ඉගෙනගන්න අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. අපිත් එක්ක යන යන තැන ටුවරිස්ට් ගයිඩ් වගේ චතුරංගය හිටපු නිසා ජාමේ බේර ගත්ත මිසක්, නැත්නම් තාමත් මොස්කව් ගුවන් තොටුපලේන් එලියට යා ගන්න බැරුව ඉන්නවා ඇති අපි සෙට් එක.

දැන් එන්ටර් වෙමු කතාවට… උඩ තියෙන නිධාන කතාව කිව්වේ කතාව තේරුම්ගන්න ලේසි වෙන්න…

මේ සිද්දිය උනේ අපි St. Petersburg නුවර පාර දිගේ ඇවිදගෙන යනකොට…

අපි සෙට් එක පාර දිගේ ඇවිදගෙන යනකොට මෙන්න ඉන්නවා….

කවුද?

වීනස් දෙව්දුවක්… 😀

හොහ්..හොහ්… මම දන්නවා කට්ටිය මොකද්ද හිතන්නේ කියල….

කට්ටියම හිතන්නේ ලස්සන රුසියානු කෙල්ලේක් ඉන්න ඇති කියල නේද? 😛

අනේ… හීනෙ බිඳුන නම් සමාවෙන්න….

ඇත්තටම හිටියේ බොරු වීනස් දෙව් දුවක්.. ඒ කියන්නේ ප්‍රතිමාවක්…

ඇත්ත ප්‍රතිමාව වගේ නෙවේ, දුඹුරු පාට එකක්…

ටිකක් විමසිල්ලෙන් බැලින්නම් දන්න කියන බාසාවෙන් එතන තියෙන බෝඩ් ලෑල්ලේ පොඩියට ලියල තියෙනවා යමක්.

Chocolate Museum කියලා…

ඔය පහත අමුණලා තියෙන්නේ හරියටම ඒ වෙලාවෙ ගත්තු පින්තූරයක්…

කොහොමද වීනස් අක්කා?

ඉන්නව නේද ඒ වගේම?

ඉංගිරිසියෙන් ලියල තිබ්බ බෝඩ් ලෑල්ල නිසා ආපු කික් එකත් එක්ක අපි සෙට් එක එක කකුලෙන් රෙඩි මියුසියම් එක බලන්න යන්න…

චතුරංගගෙන් ඇහුවම එච්චර කැමැත්තක් නැහැ වගේ…

ඒ උනාට අපේ කික් එක දැකලද කොහෙද පොරත් කිව්ව යමු ඇතුලට කියල…

ඉතින් අපි ටික ටික දුරක් ඇතුලට ගියා..

අපි දැන් ඉතින් චොකලට් මියුසියම් එකක් ගැන හීන මව මව යනවා…

යන්කොටත් තියෙනව ඒ බෝඩ් ලෑලි ඊතලේ ඇඳලා මියුසියම් එක පෙන්නලා…

ඔහොම ගිහිල්ලා නැවතුනා එක තැනක…

එතනින් එහාට යන්න බැහැ,

බැලින්නං මොකද්ද දන්නවද?

ඒක එක එක වර්‍ගයේ චොකලට් විකුණන පොඩි කඩ කාමරයක් !! @#$!#!#

චතුරංගයා අවුරුදු 5ක් විතර හිටපු එකානේ.. ඌ ඒක දැනගෙන ඉඳල තියෙන්නේ… අපිට ඕනෑනිසාවට ඇවිත් අපිත් එක්ක…

කොහොමද ඉංගිරිසියෙන් තිබ්බ බෝඩ් ලෑල්ලට වශී වෙලා (වීනස් අක්කාට එහෙම නෙවෙයි) කට්ටිය ඇදිලා ගියපු හැටි.

කාලෙකට පස්සෙ පුරුදු යමක් දැක්කම ඔහොම වෙනවා තමයි.

ප/ලි:
හොඳ සමාජවාදියෙක් ඉන්නවා නම් කියමු බලන්ඩ බෝඩ් එකේ රුසියන් බාසාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා…