Tag Archives: ක්‍රිකට්

අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ?


මම අද ඔෆිස් එකේ පොඩි මීටිමකට ගිය වෙලාවේ හම්බුනා ක්‍රිකට් වලට ආසා කරන අමෙරිකන් සුද්දේක්. මීටිම ඉවර වෙලා අපි ඉතින් ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කර කර හිටියා. මිනිහා මුලින්ම හිතලා තියෙන්නේ මම ඉංදියන් කියලා.. කොහොමත් ඉතින් රටින් පිටට ගියාම පොදු කුලකයක් විදියට අපි වැටෙන්නේ ඉන්දියන් ගොඩට නේ…

මම පොරට මම ශ්‍රී ලංකාවේ කියලා කිව්වම පොර කිව්වේ,

“ලංකන්ස්, ඉන්දියන්ස් යු ඕල් ආ සේම් ” කියලා…

එහෙම කිව්වම තමයි ලංකාවේ අපිට මල පනින්නේ. ඇයි අර ජරා ඉන්දියන් සහ මලබාරි ගති ඔක්කොම අපේ ගිණුමට නේ. ( මලබාරි ගැන කියවනන මෙතනට සහ මෙතනට ගිහින් එන්න )

ඉතිං මම පොරට කියලා දුන්නා ලංකන්ස්ලා ගේ සහ ඉන්දියන්ස් ලගේ වෙනස.

පොරත් ඉතින් ආයෙත් ක්‍රිකට් වලට ඇවිල්ලා මගෙන් මෙහෙම අහනවා..

“වට් ඊස් ද රීසන් දැට් ඕල් ශ්‍රී ලංකන් විකට් කීපර්ස් ආ මුස්ලිම්” ( සියලුම ලාංකික විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව මොකද්ද )

මේක අහපු ගමන් මට “ඇහ්” කියවුනේ නිකම්ම වගේ… දිගටම කියවන්න

Advertisements

Shame on you SLC!


My memory goes back to the time when everybody starts calling murali a chucker. It all started when he emerge as a threat to other cricketing giants. In India, former India cricket captain Bishan Singh Bedi, a leg-spinner himself was one of the first to call murali a chucker, followed by the pair of Ross Emerson and Daryl Hair.

Back then, emerging cricketing talents from Sri Lanka were always susceptible for bashing. Losing to a team like Sri Lanka who were relatively new to the cricketing arena by that time, was considered as a shame to most of the cricketing giants who were playing around for decades if not for centuries. Sri Lanka was a minnow then, nobody could defend our players. If not for legendry captain Arjuna Ranatunga, who was the only force not to succumb in to the pressure, Sri Lanka would still have been a minnow. Now that Sri Lanka has emerged as cricketing powerhouse one should expect situation to be healthy and have a powerful Cricket Board. Sadly though, that hasn’t happened.

Sri Lankan Team was renowned for its spirits. Sanga and Mahela have set standards very high and youngsters were to follow them. Spirits of the game is what makes Sri Lanka along with West Indies most loved teams of the neutral viewers than any others powerhouses. We were not tempered jokers as Indians or Pakistanis. We weren’t sledging the oppositions, we didn’t claim for doubtful and grassed catches. We didn’t bowl underarm deliveries to avoid opposition winning the game.

Yes, you got it right. I am coming to Suraj Randiv. Sure he has done a mistake, against spirit of the game. In every cricketing standard, Randiv was wrong. Randiv should not have done that and he should have apologized from Sehwag for that. Story should have been ended there.

But disastrous was the sequence of actions followed that. SLC went on to apologize from BCCI , Sehwag and Dhoni. On what circumstances SLC officials need to apologize from another cricket board? And convey personal apology to individual players? Sehwag was 99 when randiv’s over started. He had 4 balls to score that hundred, and 5 needed for victory. What if that 4 runs from byes were enough to end the match? Should Sangakkara then apologize from Sehwag for missing (say, deliberately) the ball?

Immediately after the match, Sehwag starts crying like a baby for missed run. He went on to accuse players of other team, which no cricketer is allowed to do so. Players can comment on misconduct of other team member during disciplinary inquiry, not in media. Remember the incident when sehwag himself kicked the ball for four runs to avoid Hashim Amla taking the strike during India – South Africa series? Did BCCI or so called Indian team had any disciplinary action against Sehwag? So, it is fair that Sehwag had a taste of his own medicine.

Recall the incident between New Zealand and Sri Lanka, where murali went on to congratulate Sanga for getting the century and Mcllum had dislodged the bails. It was also not a breach of cricketing laws, same as Randiv incident. But that too was not in the good spirits of the game. Had Mcullum or Vittorri (as the captain) apologized from SLC or Murali for doing that? No. Did New Zealand Cricket head called in Murali to say sorry? How come Sehwag’s one run is more valuable than Murali’s one run? (Which both of them did not get, and we never know they would be able to get or not, had something else happened) How come Sri Lanka Cricket had opened up the issue and exposes the career of blooming youngster for every tom dick and harry of Indian media to bash, while New Zealand Captain was able to close the matter with one hard line sentence protecting his player?

Similarly, had Cricket Australia done any inquiry and suspend Gilchist for Scotch Ball incident during the World Cup finals? Did Cricket Australia suspend Chappell for bowling that under arm ball?

When you commit a mistake at office, your Boss is supposed to cover you from the clients, and later on take the matters on with you. Parents do the same. No matter what, it is their children; they have to protect their own children from outside forces. Once they are safe, u can call them in and explain their mistake, may be give a punishment as well. Do SLC think the same way about their players? Apparently Not.

They should not have exposed Randiv like they did; they should not have banned Randiv in a public announcement saying the world like “See… We have caught the culprit“. Instead they should have called in all of them involved after the series and explain them that “In our Sri Lankan Standards” this should not have happened.

I see this all as falling in to monetarism; a move done to keep BCCI, the strongest and wealthiest outfit of the cricketing arena, happy.

During the Test series India refused to have UDRS system implemented and SLC agreed to that, despite it is the call of the host team to decide about using UDRS. This is clear example of BCCI’s influence on SLC.

Now, if Indian crowd starts booing randiv when he runs in to bowl next time, what would SLC do? In last match Sanga did not need Randiv bowl, or he didn’t want him to bowl. That is probably a good hint of what is happening, because Indians were out there to take revenge from randiv. One player had said that clearly before the match.

At all times Sri Lanka Cricket should be able to protect all national cricketers. Each one of them is an asset to us, if not to SLC. At least they should not put a career of promising youngster on the line for the sake of some dollars from BCCI.

Randiv, we are with you boy… but never ever do those silly stuff.

Shame on you SLC!


Sameera Abeysekara

වෙස් නැට්ටුවෝ cheer-leaders කිරීම


පාපන්දු ලෝක කුසලාන උණුසුම මැද මේ දිනවල ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වේ..

පාපන්දු ඇතුළුව විශේෂයෙන් අමෙරිකානු ෆුට්බෝල් සහ බේස් බෝල් තරඟ වල අනිවාර්ය‍ය අංගයක්ව ඇති “cheer-leaders” ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ දැනට වසර කීපයකට පෙර ය. මුලින්ම ඉන්දියාවේ IPL තරඟවලදී cheer-leadersලා දක්නට ලැබුනි. නමුත් ඉන්දියාවේ දැඩිමතධාරී කණ්ඩායම් වලින් “අඩ නිරුවත් කාන්තාවන් නටවනවා” යැයි විරෝධතා එල්ලවන්නට වීමත් සමඟ ඔවුන් කලේ සාරි ඇඳපැළඳගත් කාන්තාවන් නැටවීමකි. මේ දෙකම සාර්ථක වූයේ නැත.

ඉන්දියාවේ මෙන් ලංකාවේද අඩ නිරුවත් කාන්තාවන් නැටවිය නොහැක. හේතුන් මොනවාදැයි කීමට අවශ්‍යනැත. ඉන්දියාවේ උන් මෙන් ලංකාවේ උන් මෝඩ නැත. මේ වෙනුවට ලංකාව සොයාගත් විකල්පය වුනේ ගහන ගහන හතරේ පහරක් ගානේ පාරම්පරික උඩරට වෙස් නැට්ටුවන් නැටවීමයි!

මේක එක් අතකින් පාරම්පරික උඩරට වෙස්නැටුමට කරන්නාවූ හොඳ මාකටින් කිරීමක් ලෙස ක්‍රිකට් බලධාරීන් දකින්නට ඇත. අවාසනාව වන්නේ මෙයින් සිදුවන්නේ වෙස්නැටුම විහිළුවකට ලක්වීමක් පමණක් වීමය. හතරේ හයේ පාරක් ගැසූවිට සහ තරඟ අවසානයේ නටන්න නොව, වෙස්නැටුමේ ගෞරවය රැකෙන පරිදි ආරාධිතයන් පිළිගැනීමට පමණක් යොදාගත්තේ නම් ඉතාම අගනේය…

මේ පාරම්පරික උඩරට වෙස්නැටුමට මාකට් කිරීමක් අවශ්‍යය නැත. සියවස් ගනනාවක සිට සිංහල ජනතාවගේ අනන්‍යතාවක් ලෙසින් මේ කලාව පැවත එයි. මේ ශාස්ත්‍රීය කලාකරුවන් cheer-leaders ලාගේ තත්ත්වයට ඇද දැමීම මහත් අභාග්‍යකි.

මේ කලාකරුවන් cheer-leaders ලා වර්ගයක් ලෙස පිටරටවල් වලට මාකට් කිරීමේන් අපට සිදුවන්නේ මඟුල් අවස්ථා සහ පූජනීය අවස්ථා සඳහා cheer-leaders යොදාගන්නා එකම රට බවට පත්වීමටය.

Image courtesy: AFP/ Cricinfo

මන්ත්‍රීතුමා අදත් බින්දුවයි නේද…


මේක ලියන්නේ අද ඉන්දියාවත් එක්ක මැච් එක බලන ගමන්…

මන්ත්‍රීතුමා අදත් අසාර්ථකයි… අද මහන්සි වෙලා බින්දුවක්ම ගැහුවා…

බ.කොදෙව් තරඟයේත් ඕස්ට්‍රේලියාවත් එක්ක තරඟයේත් මන්ත්‍රීතුමා බොහොම අපහසුවෙන් ලකුණක් දෙකක් ගත්තේ තවම ලකුණු ගන්න පුළුවන් කියල පෙන්නන්න වෙන්න ඇති…

මේ තියෙන්නේ මන්ත්‍රීතුමාගේ 20/20 ලෝක කුසලානයේ වැඩ…

තරඟ – 5; ඉනිම් – 5; නොදැවී – 2;
ලකුණු – 14; වැඩිම -6; සාමාන්‍ය – 4.66;
පන්දුවට පහරදීමේ වේගය – 43.75;
4 පහර-1; 6 පහර – 0

සනත් ජයසූරියට මගේ හිතේ තිබුනේ විශාල ගෞරවයක්… අපට තරඟ දිනවපු වීරයෙක් උන ඔහුගැන දැන් නම් එන්නේ පරාජිත හැඟීමක්… ඊයේ පුවත්පතකට ඔහු කියල තිබ්බේ 2011 ලෝක කුසලානය වෙනකන් සෙල්ලම් කරනවා කියල…

අනේ අනිච්චං…

තව ටික දවසකින් ” මන්ත්‍රීතුමා කෙලියා නේද් වර්ල්ඩ් කප් එකටත්” කියල මිනිස්සු කියන්න ගත්තොත් පුදුමයක් නෙවේ.

අයි.පී.එල් වලින් අප ගතයුතු පාඩම්


තුන්වන අයි.පී.එල් තරඟාවලියේ අවසානයත් ලඟාවෙලා.

කවුරු කෙසේ කීවත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අයි.පී.එල් වලින් ලබාදී තියෙන්නේ විශාල සේවයක්… ඉතාම දූරදර්ශී විදියට ඔවුන් ඉන්දීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩකයක් එක්ක මුහු කරලා ඔවුන්ට සරිලන හොඳ පුහුනුවක් ලබා දී තිබෙනවා… දැන් ඉන්දීය ක්‍රිකට් සංචිතය ඉස්සරට වඩා ශක්තිමත්… Bench Strength එක ඉතාම ඉහලයි… මුරලි විජේ, උත්තප්පා, මනිෂ් පාන්ඩේ, වැනි නවක තරු බිහි වී තිබේනවා…

ශක්තිමත් දෙවන පෙළක්, මේක ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කෙසේවෙතත්, එක්දින ක්‍රීඩාවටනම් ඉතාම රුකුලක්. මොකද අවසානයේ ක්‍රිකට් කිරුළ රඳාපවතින්නේ එක්දින ලෝක කුසලානය මත නිසා…

මෙහිදී ඔවුන් කරපු එකම දේ, කණ්ඩායම් ටිකට පාට ඇඳුම් අන්දවලා, ලස්සන පිට කවරයක් දාල, විශාල මාධ්‍ය ආවරණයක් දීල, ගැණුම් කරුවන් ඇද ගත්තු එකයි… ප්‍රතිඵලය, විශාල මුදල් කන්දරාවක් ගලා ඒම… මෙහි තියෙන ආකර්ශනීය පිට කවරය සහ විදේශීය ක්‍රීඩකයන් නිසාම ලෝක‍ය පුරාම ප්‍රචලිත වුනා…

ඒ සියල්ල අපි දන්න දේවල්… හිතන්න මේ සියලුම මුදල් හුවමාරු වෙන්නේ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය හරහා… මේ තුලින් ලබන ලාබයෙන් ක්‍රීඩාවෙ උන්නතියට ඔවුන් ගොඩක් දේ සැළසුම් කර අවසන්…

කුඩා රටක් වෙලත්, දක්ශතා අතින් පසුගිය දශක දෙක තුළ ශ්‍රි ලංකාව කෙසේ හෝ ඉන්දියාව ආසන්නයෙන්ම හෝ ඊට වඩා ඉහලින් සිටියත්, දැන් දැන් අප ආක්‍රමණය කරමින් ඔවුන් දැවැන්ත කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා…

ලංකාවේ ශක්තිමත් දෙවන පෙළක් හදාගන්න විධිමත් වැඩක් තාම වෙලා නහැ… අන්තර්-පළාත් තරඟාවලිය වත් ප්‍රේක්ෂකයන් ඇදගන්න විදියට කරන්න අසමත් වෙලා… ඒ තරඟ වලට හරිහැටි මාධ්‍ය ආවරණයක් නැති තරම්… බස්නාහිර, වයඹ. උතුරු මැද කියලා කණ්ඩායම් තිබ්බට අයි.පී.එල් එකෑ කරල තියෙනවා වගේ පිට කවරයක් හදා ගත්තනම් පොඩ්ඩක් හරි මේක ප්‍රචලිත කරගන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ. අයි.පී.එල් වලත් මුම්බායි, දිල්ලි, චෙන්නායි කියල විතරක් තිබ්බ නම් ඒකටත් වෙන්නේ ඒ ටිකමයි…දකුනු අප්‍රිකාවේ සහ කොදෙව් දූපත් වලත් මේ ක්‍රමය අනුගමනය කරල තිබෙනවා…උදාහරනයක් විදියට කේප් කෝබ්‍රා වගේ කණ්ඩායම් ගන්න..

මෙතන තියෙන මූලික අඩුව තියෙන්නේ Marketing හෙවත් අලෙවිකරණයේ කියලයි මට හිතෙන්නේ… අපේ ක්‍රිකට් ක්‍රීඩාව අලෙවිකරන්න බැහැ කියන එකනම් පිළිගත හැකි දෙයක් නෙවෙයි… ඉන්දියාවෙ තරම් කරන්න බැරි උනත්, ලාංකීය ප්‍රේක්ෂකයෝ ටිකවත් ගෙන්න ගන්න අපි අසමත් වෙලා… ළඟදි සමුගෙන ගිය මාවන්, අරවින්ද, කලූ, වාස් වගේ අපේ ප්‍රවීන ක්‍රීඩකයොන්ටත් සෙල්ලම් කරන්න දීලා හොඳ තරඟාවලියක් සංවිධානය කරා නම් අපේ දෙවෙනි පෙළ මීට වඩා හොඳට හදාගන්න තිබ්බා…

දැන් තියෙන විදියට මහේල, සංගා, දිල්ෂාන්, මුරලි ගියාට පස්සේ අර කලින් අරවින්ද අර්ජුන ගියාම තිබ්බා වගේ තැනකටම වැටෙන පාටයි… ඒ අතින් ඉන්දියාවේ ගම්භීර් සහ ෂෙවාග් ගෙ ආරම්භක තැන ගන්න අයි.පී.එල් වලට පින් සිද්ද වෙන්න දැන් 10ක් විතර පෝළිමේ ඉන්නවා…

අයි.පී.එල් වලින් ඉන්දියාවට කරගන්න බැරි උන එකම දේ ඔවුන්ගේ පන්දු යවන්නන් හදාගන්න එක පමණයි… 20යි 20 තරඟාවලියකදි ඒක කොහොමටවත් කරන්න බැහැ… නමුත් ඔවුන් ඒකටත් විසදුමක් හොයා ගනීවි..

අයි.පී.එල් වලින් අපිට ගන්න පුළුවන් පාඩම් ගොඩයි… අයි.පී.එල් වගේ තරඟාවලියක් පටන් ගන්න කියල නෙවේ මේ කියන්නේ… ලංකාවේ දැනට තියෙන අන්තර්-සමාජ තරඟ, පළාත් තරඟ ජාත්‍යන්තර තළයකට ගෙන එන්න වැඩ පිළිවෙලක් අවශ්‍යය බවයි මෙයින් කියන්නේ… අයි.පී.එල් මේක කරේ විදේශීය ක්‍රීඩකයින් වෙන්දේසි කරලා කණ්ඩායම් වලට බෙදාදීලා… මේ ක්‍රීඩකයින් එක්ක සෙල්ලම් කරද්දි නවකයින්ට ලැබෙන අත්දැකීම් සහ නිරාවරණය ඉතා වටිනවා…

මගේ අදහසේ හැටියට ඉන්දියාවට වඩා දක්ෂ සහ අපටම ආවේනික ක්‍රීඩකයන් අපට සිටිනවා.. මේ අයට අත්දැකීම් ලබාදෙන්න අඩිතාලමක් අවශ්‍යයි…

සම්පත් වලින් අඩුවක් නැත, ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් වලින්ද අඩුවක් තිබිය නොහැක. අඩුව ඇත්තේ නිවැරදි දැක්මක් සහ සැළසුමක් ඇති පාලකයන් ය. අඩුව ඇත්තේ ලලිත් මෝඩි වැනි දක්ෂ චින්තකයන්ය…

ඇන්ජලෝ මැතිව්ස් ඔබ තරුවකි…


අද දවසට ලියන්න කියල කිසිම දෙයක් නැතුව හිතපු මට ලියන්න දෙයක් හදලා දුන්නේ අයි.පී.එල් එකයි. මම අයි.පී.එල් එක බලන්නේ වැඩියෙන්ම අපේ ක්‍රීඩකයො කීප දෙනෙක්ම ඒකෙ සෙල්ලම් කරන නිසා… අද අයි.පී.එල් [IPL] තරඟාවලිය පටන්ගත්තෙ Deccan Chargers v Kolkata Knight Riders තරඟයෙන්.

තරඟාවලියෙ පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් ගත්තු චමින්ද වාස් ව දැකලා ඇතිවුනෙ ලොකු සතුටක්. චමින්ද වාස්ට පින්සිද්ද වෙන්න මුල ඉඳලම Deccan Chargersලා හිටියෙ ඉහලින්. ලකුණු 33කට විකට් 4ක් ගිහිල්ල අමරුවෙ වැටිල හිටපු Kolkata Knight Riders කණ්ඩායමට පිහිටට හිටියෙ ඔවුන්ගෙ ලොකු ලොකු තරු නෙවේ. අපේ තරුණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්.

ලොකු හයේ පහර 4ක් එක්ක නොදැවී ලකුණු 65 ගත්තු ඇන්ජලෝ මැතිව්ස් Kolkata Knight Riders කණ්ඩායම ගොඩ දැම්මා. ඇන්ජලෝගේ පුංච් ඉනිම දිහා බලන් හිටපු මට ලොකු සතුටක් දැනුනා.

සමහරවිට මේක කියන්න ගොඩාක් කල් වැඩි වෙන්න පුලුවන්. නමුත් මට හිතෙන විදියට නම්, ඔහු අපේ ක්‍රිකට් වල අනාගතයයි.

තරඟයේ ඉතිරි ඉනිම බලන්නෙත් නැතුව මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ හිතේ තියෙන පුංචි සතුට නිසයි.

අයි.පී.එල් තරඟාවලිය යූ නලය [YouTube] ඇතුලෙන් ඔබට සජීවීව බලන්න පුලුවන්…

මහත්මයන්ගේ ක්‍රීඩාවෙන් මහත්මා විදියට සමුගැනීම.


ලංකාවෙ අපිට ක්‍රිකට් කියන්නෙ අලුත් දෙයක් නෙවෙයිනේ. අපි හැමෝගෙම ජීවය වගෙ තියෙන ක්‍රීඩාව හෑල්ලුවට ලක්වෙන එක බලන් ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි. මට මෙහෙම කියන්න හිතුනෙ පහුගිය දවසක ලක්බිම පත්තරේ පල වෙලා තිබ්බ කාටූන් එකක් දැකලා. ඒ කාටූන් එක පහල අමුනලා තියෙනවා. දැන් ඉතින් මවුස් එකේ රෝදෙ කරකවලා පහල බලන්න ඉස්සෙල්ල ඉතිරි ටිකත් කියවලා ඉන්න. කියවගෙන යනකොට රූපෙ මතුවෙයි.

අපි ඔක්කොම දැකල තියෙනවා කොහොමද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් සමුගෙන යන්නෙ කියල. ගොඩක් දෙනා ඇඟේ තවමත් ක්‍රිකට් තිබ්බත් ගෞරවණීය විදියට සමුගෙන යන්නේ ලෝකෙම උපහාර මැද්දෙ. මෑත කාලෙක ඉඳලා ලංකවේ නම් වෙන්නෙ එකේ අනිත් පැත්ත.

ලෝක පූජිත ක්‍රීඩකයන් වෙච්ච අර්ජුනට, අරවින්දට පවා ඔවුන් කරපු සේවයට හරියන විදියට ගෞරවණීය සමුගැනීමක් තිබ්බෙ නැති එක, ක්‍රිකට් ලෝලීන් විදියට අපි ලබාපු පැරදීමක්. මහානාම, ගුරුසිංහ, මාවන්, කලූ, වාස් වගේ අපිට හිටපු වටිනා ක්‍රීඩකයන් ඔක්කොටම වාගේ තිබ්බෙ වේදනාත්මක සමුගැනීම්. ඒ ක්‍රීඩකයන්ගෙ පැත්තෙන් බැලුවම මේක එයලට වෙච්ච ලොකු අසාධාරණයක්. මේකට දේශපාලනයෙත් ලොකු බලපෑමක් තිබෙන බව ඇත්ත. නමුත් වැඩිමනක් දෙනාට එහෙම උනේ සමුගෙන යන්න අමතක වීමෙන්.

ඒ ලිස්ට් එකට අලුතින්ම එකතු වෙලා ඉන්නෙ අපි කවුරුත් ඉතාමත් ආදරය කරන සනත්. අරවින්දට පස්සෙ, ලංකාවේ ක්‍රිකට් වල වීරයා උනේ සනත්. දේශපාලන දැක්මකින් තොරව හිතල බැලුවොත්, සනත් මහත්මයා කරන්නෙ එතරම් හරි වැඩක් නෙවෙයි කියලයි මගේ නම් හිත කියන්නෙ. සනත්ගෙ වයස නම් ප්‍රශ්නයක් නෙවෙයි, වැඩ හොඳ නම්. ප්‍රශ්නෙකට තියෙන්නෙ එතුමා ක්‍රීඩාවෙන් සමුගන්නෙ නැතුව දේශපාලනයට ගියපු එකයි. කෙනෙක් අහන්න පුලුවන්, කවුරුහරි ක්‍රිකට් ගහන ගමන් රඟපෑවොත් හරි සින්දු කිව්වොත් වැරැද්දක් නැත්නම් දේශපාලනය කරාම මොකෝ කියලා. නමුත් කෙනෙක් එකම ඉස්කෝලෙක විදුහල්පති සහ ශිෂ්‍යයෙක් වෙලා ඉන්නවානම් ඒක ටිකක් හරිමදි නේද?

අපි දැකල තියෙනවා දේශපාලනයට ඇවිත් තමන්ගේ කීර්තිනාමය නැතිකරගත්තු ක්‍රීඩකයෝ. සනත් මහත්මයාට වත් එහෙම නොවෙන්න කියල මම පතනවා. ඒ වගේම සනත් මහත්මයා මන්ත්‍රී කෙනෙක් උන දවසටවත් ක්‍රිකට අතාරින්න වාසනාව ලැබේවා කියල පතනවා.

දර්ශන කරුණාතිලක ගෙ මේ කාටූන් එක දැකල තමයි මට නම් එහෙම හිතුනෙ. මේ කාටූන් එකේ මම ලියල තියෙන දෙවල් ඔක්කොම කැටිවෙලා තියෙන නිසයි අන්තිමටම ඇමිනුවේ….