Tag Archives: නින්ද

වැරදියට නිදාගත්තොත් බර වැඩිවෙනවා ලු


මේක මම අන්තර්ජාලය පීරද්දි අහුවෙච්ච එකක්. බර වැඩි වීමට නිදාගැනීමේ රටාවේ ලොකු බලපෑමක් තියෙනවාලු. වැඩියෙන් නිදාගත්තොත් හරි අඩුවෙන් නිදාගත්තොත් හරි බර වැඩිවෙන්න පුළුවන් ලු.

පුද්ගලයන් 1100 විතර යොදාගෙන North Carolina වල Wake Forest විශ්වවිද්‍යාලයෙන් අවුරුදු ගනනාවක් කරපු පරීක්ෂනයක ප්‍රතිඵලයක් විදියට වයස 40 ට අඩු පුද්ගලයන් එක් රැයකට පැය 5 කට වඩා අඩුවෙන් නිදාගත්තොත් කිලෝ 1.8 කින් බර වැඩිවෙනවාලු සාමාන්‍ය නින්දක් ලබන කෙනෙක් එක්ක බැලුවාම.

ඒ වගෙම දිනකට පැය 8 කට වඩා නිදා ගත්තොත් කිලෝ 0.8 කින් බර වැඩිවෙනවාලු.

මමත් අඩුවෙන් නිදා ගන්න කෙනෙක් නිසා මමත් හිතුවා වැඩිපුර නිදාගන්න ඕන කියලා. එකම කේස් එක, එහෙම නිදාගත්තොත් කොහොමද මේ බ්ලොග් කෙරුවාව කරන්නෙ කියන එකයි.