Tag Archives: පුරුෂ ශක්තිය

චීන මිනිස්සු හැමෝම එක වගේලු…


දැන් චීනය තොරතුරු තාක්ෂණය අතින් වේගයෙන් ඉස්සරහට එමින් තියෙන්නේ… ZTE, Huawei වගේ සමාගම් කුඩාවට පටන් අරන් දැන් මහා පරිමාණ සමාගම් බවට පත්වෙලා..

ඉතින් මේ සමාගම් නිරන්තරයෙන් පුහුණු වැඩමුලු පවත්වනවා තමන්ගේ සේවකයින්ට, හැබැයි තියෙන්නේ චීනේ… මගෙ හිතවත් මිත්‍රයෙකුත් ළඟකදී ගියා චීනයට පොඩි පුහුණු වැඩමුළුවකට..

වැඩමුළුවට චීනයට ගිය වෙලාවේ ඉඳලා මූට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ එහේ මිනිස්සු හැම එකාම එක වගේ වීම…

එක දවසක් අපේ බුවා ට්‍රේනින්ග් එකට එනින් ගමන් පාරෙදී දැක්කලූ පොරට උගන්නන ප්‍රොෆා එනවා ඉස්සරහට.. අපේ ඩයල් එකත් ඉතින් ලංකාවේ පුරුද්දට වෙර වීරිය දාලා පනාවක් දැම්මලු කට කන ගාවට යන්නම… පනාව දාලා මූ නිකන් හිටියේ නෑ.. පොඩි ගොට්ටක් අල්ලන්න ඕනි කියලා හිතිලා, මිනිහත් එක්කම ඇවිදින්න පටන් අරං ඊයෙ උගන්නපු ලෙක්චර් එක ගැන කතාකරන්න ගත්තලු…

එක පාරටම නැවතිලා මූ දිහා බලා හිටපු අර මනුස්ස්යා චීන බාසාවෙන් කුණුහරුප දෙක තුනක් කිය කියා යන්න ගියාලු…

අපේ පොරත් ඉතින් මූ නම් මහ කසඩ මනුස්සයෙක් කිය කිය හිතින් බැන බැන එදා ලෙක්චර් එකට ගියාම ප්‍රොෆා එනවලු වෙන ඇඳුමකින්..

පස්සේ තමයි මූට තේරිලා තියෙන්නේ මූ හිනා වෙලා කතාකරලා තියෙන්නේ වැරදි පොරකට කියලා…

ඔය වගේම තමයි කෑම කන්න ගියාමත්, කාට ඕඩරේ දුන්නද කියලා හොයාගන්න බෑලු..ඔක්කොම වේටර්ලා එක විදියට තමයි ලූ මූට පේන්නේ..

බලං ඉඳලා බැරිම තැන මූ උගෙත් එක්ක ඉගෙන ගන්න තවත් පොරකට කිව්වලු මේක….එහෙම කිව්වට පස්සේ, අර ඩයල් එක හිනාවෙලා එහෙම මූට හොඳ කතාවක් කියලා චීන මිනිස්සු එක වගේ කියන එක ගැන… දිගටම කියවන්න

Advertisements