Tag Archives: වැස්ස

කාන්තාරේට නැවතත් වැසි


අද ඔෆිස් එකේ ඉන්න ගමන් ටික වෙලාවකින් හොඳට ඇහිලා පුරුදු සද්දයක් ඇහෙන්න ගත්තා. ටිකක් සෝදිසි කරලා බැලුවා මොකද්ද කියලා. බලනකොට හොඳටම වහිනවා. ඔෆිස් එකේ කවුද ජනේලයක් ඇරලා තියලා, ඒ නිසා වහින සද්දේ හොඳට ඇහෙනවා. ඉතිං ජනේලේ ගාවට වෙලා වහින එක දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්. අපේ ජීවිත වලට වැස්ස ගොඩක් සමීපයි. ඒ නිසාමද කොහෙද ගියපාර වැස්ස වෙලාවෙත් මම පෝස්ට් එකක් ලිව්වා. මේ පාරත් ඕන් ලිව්වා.

දවල් දෙකටත් හොඳටම කළුවර වෙලා. පාරේ වතුර ගොඩේ වාහන ලයිට් දාගෙන යනවා බලගෙන ඉන්න අතරතුරේ තවත් පුරුදු සද්දයක් ඇහුනා. ඒ විදුලි කොටන සද්දයක්. දිගටම කියවන්න

Advertisements

කාන්තාරෙට වැසි…


මම ඉන්නෙ කාන්තාරෙ…ශීත කාලේ ඉවර වෙලා කියල අපිට කියන්නද කොහෙද අද කාන්තාරෙට හොදටම වැස්සා. අද කාලෙ බසින් කියනව නම් මේ වගේ රටක ඉන්නකොට වහිනව දැක්කම මාර කික් එකක් එන්නෙ. ලංකාවේ අපිට වැස්ස ලොකු දෙයක් නොවුනට කොහොම හරි වැස්ස අපේ හිත් වලට, ජීවිතයට පුදුම විදියට සම්බන්ධ වෙලා. ලංකාවේ ඉද්දි නිතරම වැටෙන වැස්ස මෙහෙදි දැක්කම නිකන්ම හිතෙන්නෙ ලංකාවෙ ඉන්නව වගේ කියල.
ඒවුනාට දැන් වැස්ස නිසා මඩ වෙලා තියෙන කාර් එක හෝදන්න වෙනවා කියනකොට හොඳටම කම්මැලි හිතෙනවා. 😀 වැස්සෙ නැත්නම් කියල හිතෙනවා.
වහින්න පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ තමයි හොඳ හොඳ නිව්ස් එන්න පටන් ගත්තෙ. අපේ කාර්යාලයේ ගොඩාක් තැන් තෙමෙනව ලු. පුදුමයකට වගේ ලොකු ලොක්කන්ගෙ තැන් වලට විතරයි වතුර ගලලා තියෙන්නෙ. ලෝක ධර්මතාවයත් වෙනස් වෙලා… දැන් වතුර ගලන්නෙත් උස් තැන් වලට!