Tag Archives: විදුලිය

හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!


ඔබේ ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානියක් ගැන නිකමට වත් හිතුනද? එහෙම දෙයක් ගැන අපි විහිලුවට වත් හිතන්නේ නැති බව ඇත්ත. මේක ඇහුවම හිතෙනවා ඇති “මළ කෙලියයි… ඔය කියන්න යන්නේ ගුගල් පාවිච්ච්කරන්නත් එපා කියලද” කියලා.

පරිසර හානිය කෙසේ වෙතත්, ගුගල් සෙවුමක් නිසාම මට ලැබුන මේ තොරතුර බෙදාගන්න ඕන කියල හිතුනා.

එක්සත් රාජධානියේ The Times පුවත් පතේ තිබ්බ ලිපියකින් ගුගල් කිරීම ඇතුලු සාමාන්‍ය පරිගනක භාවිතය පරිසර හිතකාමී නැහැ කියල දැඩි ලෙස විවෙචනය කර තිබුනා. Havard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් ගුගල් කිරීම නිසා වන පරිසර හානිය ගැන කරපු පරීක්ශනයක ( වෙන වැඩක් නැති කමට කරපු එකක්ද කොහෙද )ප්‍රතිඵලයක් විදියට සොයාගෙන තිබෙන්නේ සාමාන්‍ය ගුගල් සෙවුමක් නිසා කාබන් ග්‍රෑම් 7 පමන පරිසරයට නිකුත්වෙනවා කියලයි. මේ දළ අගයට ඔවුන් පැමිණ තිබෙන්නෙ ගුගල් සෙවුම පටන්ගන්නා තැන සිට එතුලින් තමන්ට අවශ්‍ය දෙය සොයාගැනීම දක්වා පරිසරයට නිකුත්කරන ග්‍රෑම් 1 සිට ග්‍රෑම් 10 දක්වා වන අගය සලකා බලලයි. ඔවුන් කියන විදියට මේ අගය වතුර කේතලයක් උණුකිරීමෙන් නිකුත්වන කාබන් ප්‍රමාණය වගේ දෙගුනයක් කියලයි! මෙයට ගොඩාක්ම වගකිව යුත්තේ ගුගල් ආයතනය බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ගුගල් ආයතනයේ පරිසර හිතකාමීබව ප්‍රශ්නකෙරුන පළවෙනිවතාවත් මෙය නෙවෙයි.

මේ ගැන ගුගල් බ්ලොග් එකෙන් උත්තර බඳින ගුගල් සමාගම නම් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගුගල් සෙවුමක් සඳහා වැයවන්නේ කිලෝජූල් 1 (කිලෝවොට් පැය 0.0003) පමන ශක්තියක් කියලයි. මේ අගය කාබන් ග්‍රෑම් 0.2 වෙනවා. සාමාන්‍ය පුවත්පතක් සඳහා වැය වෙන කාබන් ප්‍රමානය ගුගල් සෙවුම් 850කට සමාන බවයි ගුගල් නම් කියන්නේ.

කොහොම උනත් තමන්ගෙන් වෙන පරිසර හානිය අඩු කරන්න විවිධ විදියට ගුගල් උත්සාහ කරන ගමන් විදුලි ශක්ති වෙළදාමටත් අතගහලා…

ළඟදී අමෙරිකාවෙ විදුලි ශක්ති වෙළදාම් කරන්න බලපත්‍රයත් ගුගල් වලට ලැබුනා. ඒ වෙළදාමට සමගාමීව Google PowerMeter කියලා විදුලිය ශක්තිය නිරීක්ශන මෘදුකාංගයක් (Energry Usage Monitoring Software) ගුගල් එළිදැක්වුවා…

විදුලිය පිරිමැසීම


විදුලිය පිරිමැසීම ගැන ආයෙත් කතා කරන්න හිතුනා. මොකද ඒක ඉතාම කාලීන මාතෘකාවක් නිසා සහ මම කලින් ලිව්ව සටහනට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා. 😀

විදුලිය සුරැකීම සොබා දහම සුරැකීමකි. ගොඩක් දෙනා මේක අහන්න කැමති නැති වෙන්න පුලුවන්, ඒත් අපි යම්කිසි විදුලි උපාංගයක් ප්ලග් කරන හැම වෙලාවෙම පරිසර දූෂනයක් සිදුවෙනවා. අපේ ගෙදර ප්ලග් එක හොද පිරිසිදුවට තිබුනට, ඒ හානිය වෙන්නෙ අපිට විදුලිය දෙන විදුලි බලාගාරයේ. ඉතින් එහෙම කියලා ඒවා පාවිච්චි නොකර ඉන්න බැරි බව ඇත්ත. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මේ සම්පත් සදාකාලිකව අපිට තියෙන්නෙ නැතිවීම තුලයි. ඒ නිසා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම අපේ වගකීමක් වෙනවා.

පරිසර හානිය ගැන කතාකරාම හැමෝම කියන්නෙ එක වෙන්නෙ පාරෙ දුවන වාහන වලින් සහ කර්මාන්ත වලින් කියල. නමුත් ඇත්තටම බැලුවොත්, සාමාන්‍ය වාහනයක් සිදු කරනවාට වඩා වැඩි පරිසර හානියක් සාමාන්‍ය නිවසකින් සිදුවෙනවා.විදුලිය සුරැකීම සහ ගොලීය උණුසුම්වීම ගැන මුලින්ම කත කරපු 80 දශකයේ හිටපු විද්‍යාඥයෙක් වන James Hansen මහත්මයා තමඉ මේගැන කියලා තිබ්බෙ. මේ දත්ත ලොකයේ සාමාන්‍ය අගයක් නිසා ඒ අයුරින්ම ලංකාවට ඇත්ත නොවෙන්න පුලුවන්. මොකද ලංකාවෙ අපි වායුසමීකරන සහ හීටර් පාවිච්චි නොඅකරන නිසා. නමුත් ඒක ආසන්න අගයක් වෙනබවට කිසි සැකයක් නැහැ. ඒ නිසා විදුලිය සුරැකීමෙන් සුරැකෙන්නෙ ඔබේ පොකට් එක විතරක් නෙවෙයි කියන එක තේරුම්ගැනීම තමයි වැදගත්වෙන්නෙ.

සූර්ය්‍ය බලශක්තිය විසඳුමක්ද? ඛනිජ ඉන්ධන වල ආයුකාලය ඉතා ඉක්මනින් අඩුවේගෙනයන අතර ඒ නිසාම න්‍යෂ්ටික බලශක්තිය යොදාගන්න මිනිසා උනන්දුවෙලා තියෙනවා. ඉන්ධන අර්බුදයට සූර්ය්‍ය බලශක්තිය ඉතා හොඳ විසඳුමක්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ සඳහා දැරියයුතු මූලික වියදම ඉතා වැඩි වීමයි. කොහොමටත් ගෘහස්ත විදුලි පරිභෝජනය අඩු කරන්න සූර්ය්‍ය බලශක්තිය යොදාගැනීම ප්‍රායෝගික නැහැ තවම ලංකාව වගෙ රටකට. (උණු වතුර සඳහා සූර්ය්‍ය බලය යොදාගැනීම වෙනත් ආකාරයකින් සූර්ය්‍ය ශක්තිය පරිවර්තනය කරන ක්‍රියාවක් නිසා මෙහිදී ගනන් නොගැනේ) ඒ නිසා ගෘහස්ත විදුලි පරිභෝජනය අඩු කරන්න අඩු කරන්න කළහැකි හොඳම දෙය ජනතාව දැනුවත්කිරීම බවයි මගේ නම් අදහස.

ඇත්තටම හිතල බැලුවොත් විදුලිය සුරැකීම ඉතා ලෙහෙසිදෙයක්. වෙලා තියෙන්නෙ උවමනාවක් නැතිකම, කම්මැලිවීම සහ අනවබෝධයයි.

දැන් අපි බලමු කොහොමද විදුලිය පරිභෝජනය අඩු කරගන්නෙ කියලා…

වතුර කෝප්පයක් උණු කරගන්න විදුලි කේතලය භාවිතාකිරීමද, microwave එක භාවිතා කිරීමද වඩා පිරිමැසුම්දායක වෙන්නෙ කියලා හිතනවාට වඩා වඩා වැදගත් ගෙදරක ලොකුම පාරිභෝජකයා හොයාගන්න එක.

ගෙදරක ලොකුම විදුලි පරිභොජනය කරන්නේ මොනවාද?
1. වායුසමීකරණ යන්ත්‍ර
2. Heaters.
3. Domestic Water Heaters
4. Electric Clothes Dryer
5. විදුලි ලාම්පු ( ඔබ CFL ලාම්පු භාවිතා නොකරනවානම්)
6. ශීතකරනය( 2001 ට පෙර නිශ්පාදිත නම්)

කොහොමද ඉතිරිකරගන්නේ?

1. නිවසේ වායුසමීකරණ සහ හීටර් යන්ත්‍ර භාවිතා කරන්නේ නම් එය එක් කාමරයකට පමනක් සීමකරන්න උත්සාහ කරන්න. සමහර රටවල් වල පවතින කාලගුණික තත්වයන් නිසා මෙය කරන්නට අසීරු දෙයක් වෙන්න පුලුවන්. නමුත් උත්සාහ කිරීම වැදගත්.
2. වායුසමීකරණ වෙනුවට හැකිනම් විදුලිපංකා භාවිතාකරන්න.
3. භාවිතානොකරන හැම විදුලි පහනක්ම නිවාදමන්න.
4. ඔබ රෙදිසෝදන යන්ත්‍රයක් භාවිතා කරනවා නම් උණු වතුරෙන් රෙදි සෝදනවා වෙනුවට ඇල්වතුරෙන් සෝදන්න.
5. භාවිතා නොකරන වේලාවට ඔබේ පරිගණකය “ස්ලීප්” කරන්න. CRT මොනිටරය නිවා දමන්න.
6. රෙදි වේලීම සඳහා විදුලිය භාවිතාකිරීමෙන් වලකින්න.
7. හැකි පමනින් CFළ් විදුලි ලාම්පු භාවිතා කරන්න.
8. ඔබේ රෙදිසොදන යන්ත්‍රය Top-Loading එකක් නම්, එය Front-Loading එකකට මාරු කරන්න
9. ඔබේ ශීතකරනය 2001 ට පෙර නිශ්පාදිත එකක් නම්, එය මාරු කරන්න.
10. කිසියම් විදුලි උපකරනයක් ගන්නා විට එහි විදුලි පරිභෝජයන ගැන සලකා බලන්න. සැමවිටම අඩු විදුලිධාරිතාවක් ඇති උපකරන භාවිතාකරන්න.

මෙහි ලියා ඇති සමහර උපදෙස් ඉතා ලෙහෙසියෙන් කල හැකිවුවත් සමහර ඒවා එක්වරම කලනොහැකි ඒවා වන්නට පුලුවන්. උදාහරණයක් විදියට ශීතකරනය මාරු කිරීම වගේ දේවල්. නමුත් කෙනෙක් අලුතින් උපාංගයක් ගන්න යනවානම් වෙය වැදගත් වේවි.

මේ ගැනත් හිතල බලලා අපි අප නිසා ලෝකයට ඇතිවී ඇති බර පොඩ්ඩක් අඩු කරමු.

විදුලිය ඉතිරිකරගමුද?


මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්.

අපි නොදන්නවා උනාට අපේ ගෙවල්වල තියෙන නේකවිද විදුලි උපාංග වැඩ කරන්නේ නැති වෙලාවටත් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලිය වැය කරනවා.

පොඩි උදාහරනයක් අරගෙන මම කියල දෙන්නම්. අපේ දුරකතන චාජර් එකක් ගැන හිතන්න.. අපි කීයක් දෙනා චාජර් එක සොකට් එකට ගහල තියල එනවද? අපි හිතන්නෙ චාජර් එකට මොබයිල් එක සවි කරලා නැත්නම් විදුලිය වැය වෙන්නෙ නැහැ කියලානෙ. හරියටම කිව්වොත් සාමාන්‍ය ජංගම දුරකතනයක චාජර් එකක් සක්ක්‍රීය වෙල තියෙද්දි 6.2W විදුලිය වැය කරන අතර අක්‍රීය (Stand-by) වෙලා තියෙද්දි 1.2W වැයකරනවා.

නිකන් හිතලා බැලුවමනම් මේක පොඩි ගානක් වගේ පෙනුනට මේ වගේ අපේ ගෙදර තියෙන ඔක්කොම විදුලි උපාංග ටික ගත්තම එවායින් වැය වෙන විදුලිය ඔබේ විදුලි බිලෙන් 10% විතර වෙනවා කියල කිව්වොත් ඔබ පුදුම වේයි නේද? ඒක ඇත්තක්… ඕස්ට්‍රේලියානු රජය මෑතකදි කරපු Survey එකකට අනුව ඕස්ට්‍රේලියාවේ මේක සියයට 11 (11%) ඉක්මවනවා. ඒ නිසාමද කොහෙද ඕස්ට්‍රේලියානු රජය නීතියක් ගෙනාව අක්‍රීය (Stand-by) වෙලා තියෙදිදි ඕනාවට වඩා විදුලිය වැය කරන සමහර උපකරන එරටට ගෙන්වීම තහනම් කරන්න.

මේක ගැන පොඩි සංඛ්‍යාත්මක හැඟීමක් දෙන්න ඕන නිස අර Survey එකෙන් පොඩි කෑල්ලක් මෙතන උපුටා පළකරනවා.

සම්පුර්ණ Survey එක කියවන්න ඕන කට්ටියට මෙන්න තියෙනවා ලින්ක් එක.

අපි ගොඩාක් දෙනා ටීවී බලල ඉවර වෙලා රිමෝට් එකෙන් ටීවී එක නිවා දමනව මිසක් ඒක සම්පූර්ණයෙක් විසන්ධි කරන්නේ නැහෙනේ. ඒ වගෙ කීයක් නම් උපාංග ඇතිද ගෙයක් ඇතුලෙ. පොඩ්ඩක් ඒ ගැන හිතලා අපි අපේ විදුලිය බිලත් අඩුකරගමු නේද? වැඩක් නොකරන උපාංග වලටත් සල්ලි ගෙවන්න ඕන නැහෙ නේ…