පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට රුපියල් 5000ක් දැමුවෙමි. මැද පෙරදිග අවුරුදු හයක ජීවිතයේ දැනට අවුරුදු 3ක පමණ සිට සෑම මසකම මා රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලක් එවැනි කටයුතු සඳහා වෙන්කර තබන්නේ සිරිතක් වශයෙනි.
එදින වැඩ නිමවා ගෙදර ආවා පමණි…..
මාගේ දුරකතනට ඇමතුමක් ලැබුණි. ඒ මාගේ ඉතාම හිතවත් මිතුරෙකුගෙනි.
“මචං.. අර දිවයින පත්තරේ තිබ්බ ආටිකල් එක කියෙව්වද? අර ගොළු දරුවෙක් ගැන දාලා තිබ්බේ..”
“ආ..ඔව් මචං.. මම අද සල්ලි වගයකුත් දැම්මා..” මම කීවෙමි.
“ආ..ඒකත් එහෙමද.. උඹ සල්ලි දැම්මද? … මම මේ බැලුවේ අපිත් කීයක් හරි එකතු කරලා දාමුද කියලා බලන්ඩ..”
“හරි මචං, කරමු.. මට විනාඩි 5ක් දීපන්..මම උඹට කෝල් එකක් ගන්නම්..” මා එසේ කියා දුරකථනය තිබ්බේ, ඒ ගැන ටිකක් හිතන්නට ඕනෑ නිසාය… දිගටම කියවන්න