කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි..

මේ බ්ලොග් එක ලියන පොර ඉන්නවා නේද..? කාටවත් නොකිව්වට පොර පොඩි කාලෙ ඉඳලා, ඒ කිව්වේ කිරි බොන කාලේ ඉඳලම මහින්ද චින්තනය අනුව තිතට මත තිබ්බ පොරක්…

වයස අවුරුද්දක් විතර වෙනකොටම වාගේ තමයි පොර බොන්න පුරුදු වෙලා තියෙන්නේ.. ඒකත් එසේ මෙසේ බීමක් නෙවෙයි.. ලොකු එව්වෝ බොනවා වගේ නප්පියටම ගහලා තමයි පොර ඉන්නේ..

ඒ උනාට ඔය අනිත් බී ගත්තු ඩයල් වගේ නම් නහැ හරිම සාමකාමීයි බිව්වම… පොඩි එකා කාලේ නිසා බිව්වම කරන්නේ හොඬට නිදාගන්න එක… ආයේ කාටවත් කිසිම කරදරයක් නෑ.. අනික් පොඩිඋන් වගේ කිරි ඉල්ල ඉල්ල අඬන්නේ නෑ…

වයස අවුරුද්දක් විතර කාලේ මෙහෙම බිව්වානම් දැං කොහොම බොනවා ඇද්ද කියලා කට්ටියටම කල්පනා කරනවා ඇති… අනේ දෙමාපියන්ගේ සල්ලි නේද? ඒ එක්කම එන අනිත් ප්‍රශ්නේ තමයි මේ බඩගාන වයසේදිම මූ කොහොමද මේ බොන්න පුරුදු උනේ කියන එක…

සිද්දිය මෙන්න මෙහෙමයි.. දෙමාපියෝ දෙන්නම රජයේ සේවකයෝ වෙච්චි නිසා මට අවුරුද්දක් පිරෙනකොටම වගේ අම්මාට ආපහු වැඩට යන්න සිද්ද උනා.. ටික කාලයක් ආච්චි අම්මලා නැන්දලා ඇවිල්ලා මං කොළුවව බලා ගත්තාට, පස්සේ පස්සේ වැඩකාරයෙක් ගන්න උනා මාව බලාගන්න.. පොඩි කාලේ ඉඳන් මාර විසයක් තිබුන නිසා ඒක අනිවා වෙලා තමයි තිබුනේ…

කොහොම හරි වෙනදා දුවන පනින කොල්ලා වැඩකාරයා ආවම තමයි කරටි කැඩෙන්න බීලා නිදාගන්න සෙට් උනේ..

අපේ ගෙදර ඒ කාලේ වැඩට හිටපු කෙල්ල අපේ පැත්තේ පාන් කාරයා එක්ක සෙට් වෙලා ඉඳලා තියෙන්නේ.. මේ මං කියන්නේ අසූව දශකයේ මුල් බාගේ වගේ කාලේ සිද්දියක්.. ඒ කාලේ ලව් එකක් කරගෙන යන්න ඉතින් දෙන්නා හම්බුවෙන්නම වෙනව.. නෝ ෆේස්බුක්, නෝ කෝල්ස්, නෝ SMS, නෝ ඊමේල්.. ඉතින් කොහොමද ලව් එකක් ගෙනියන්නේ…කොල්ලා මීට් වෙන්න යන්න බෑ මාව තනියෙන් ගෙදර දාලා…ඉතින් කෙල්ලගේ පරම පිවිතුරු ආලයට ඉන්න එකම බකට් එක තමයි මං කොල්ලා…

තමන්ගේ පරම පිවිතුරු ආදරය කරගෙන යන්න කෙල්ල ගැහුවා මාර ප්ලෑනක්,  පාං කාරයා එක්ක එකතු වෙලා..

මේ ප්ලෑනෙන් පස්සේ වැඩේ උපරිම සාර්ථක උනා..

ප්ලෑන තමයි මට කිරි දෙන වෙලාවට කිරි බෝතලයට ඕඩ් ක්ලෝන් ටිකක් දැමීම!!

ඕඩි ක්ලෝන් කියන්නේ මධ්‍යසාරයක්.. ඉතින්, මං කොල්ලා හැමදාම කිරි එක්ක සැන්ඩි කරලා නප්පියටම ඇල්කොහොල් ගහලා දවස පුරාම දොයි !!

අරහේ ලව් එක නැගලා යනවා..

ඔහොම තමයි කටේ කිරි සුවඳ යන්න ඉස්සෙල්ලා මම බොන්න පුරුදු උනේ…

පස්සේ පස්සේ මාව වැඩියෙන් නිදිකරවන්න, කිරිත් එක්ක සැන්ඩි වෙන ඕඩි ක්ලෝන් ප්‍රමාණය වැඩි වෙලා… අපේ අම්මාට මේ ගැන පොඩ්ඩක් සැක හිතිලා නිකමට වගේ කිරිබෝතලය ඉඹලා බලද්දි තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නේ..

කෙල්ලට ගහලා පන්නපු නිසා ඒකිගේ ආදරයත් සුන් වෙලා..

ඒක නිසා වෙච්ච දේවල් දෙකයි.

පළවෙනි එක, මම කවදාවත් ඉන් පසු කිරි බොන්න කැමති නොවීම. අදටත්, මම උදේ පාන්දරටත් කිරි තේ බොන්නේ නම් නෑ…හොඳ වෙලාවට අපේ හාමිනේත් කිරිතේ බොන්න කැමති නෑ..

දෙවැනි එක තමයි, එදා ඉඳන් කවදාවත් ඇල්කොහොල් ගත්තේත් නැති වීම… අර ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ඨ කල්දේරමට වැටුන නිසා ආයේ අරිෂ්ඨ ඕනි උනේ නෑ වගේ, මටත් පොඩි කාලේ අවුරුද්දක් වගේ බීපු නිසා ලොකු උනාම බොන්න ඕනේ උනේ නෑ…

චියර්ස් !!

Image: http://www.joy2day.com/fun-hi-fun/funny-pictures/images/fully-drunk-child-funny-pix.jpg

නැතිවුන පර්චස් හත..

http://ceunbound.com/pix/JCB1.gif
http://ceunbound.com/pix/JCB1.gif

මගේ හොඳම යාලුවෙක්ගේ හොඳම යාලුවෙක් ඉන්නවා… මිනිහා නිකන් කතා සාගරයක් වගේ.. මිනිහා ගැන කීප දෙනෙක්ම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්න නිසා මම වැඩිපුර මොකුත් කියන්නේ නෑ…

මිනිහා කරොත් කරන්නේ රජ වැඩ.. ඒ වගේම තමයි බුදු ෆිට් එක… ආයේ ඕනෑම දේකට යන්න පොර රෙඩි.. පොරට නමක් ඕනි නිසා අපි කියමුකෝ “රවී” කියලා..

ඔන්න මේක මේ රවියා උස්මහත් වෙච්ච කාලේ කරපු වැඩක්..

රවියාගේ යාලුවෝ ඔක්කෝම වගේ ඉස්කෝලේ ඉවර වෙලා මොකක් මොකක් හරි කරන්න ගත්තා.. රවියාගේ ළඟම යාලුවෙක් පොඩි කඩයක් හදාගත්තා.. ඒක දැන් නැගලා යනවා.. එකට වල බැහැපු අනිත් එකා දැම්මා පොඩි බිස්නස් එකක්.. ඒකත් නැගලා ගියා…

දැන් මූට නිකං ඉන්නම බෑ වගේ.. මොනවා හරි කරන්න ඕනි කියලා හිත හිත ඉන්න අතරේ මුගේ ටිකිරි මොළේට ආවා මරු අයිඩියාවක්.. Continue reading

සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය.

රුවන් වැල්ලේ සෝභිත වෙදහාමුදුරුවෝ කියා ගනිමින් අද වනතුරු සාමාන්‍ය ජනතාව රවට්ටමින් සහ අහිංසක කාන්තාවන් ලිංගික උගුල්වලට අටවා ගනිනිමින් ලොවෙත් නැති ෆන් ගනිමින් සිටි බුද්ධ චීවරය පොරවාගත් අමනයකුගේ රෙදි ගලවා නිරුවත් කිරීමට සමත්වීම ගැන නෙත් එෆ්. එම් ගුවන්විදුලියට සහ බැලුම්ගල වැඩසටහනට මගේ ආචාරය.

මූ ගැන වෙන කිසිවක් කීමට අවශ්‍ය නැත. බැලුම්ගල වැඩසටහන ඇසු විට සියල්ල තේරුම් යනු ඇත. එම වැඩසටහන පහත අමුණා ඇත.

මීට පෙරද මම මේ ගැන ලිපියක් ලියා ඇත.(අති ප්‍රබල වශී ගුරුකම්, මෙතැනින් කියවන්න )

මේ වගේම තව හොර උන්නාන්සේලා කීප දෙනෙක් ඇති අතර , උන්ද මෙලෙසම නිරුවත් වේවායි යන්න මගේ පැතුමයි. Continue reading

තවත් එක පඩ කතාවක්

මේක මම අන්තිම පේලියට ලියපු කතාවක්…

ඇත්තටම කිව්වොත් ලියපු පළවෙනි එක… ඔරිජිනල් එක මෙතැනින් ගිහිල්ලා බලන්ඩ පුළුවන්.

මෙන්න පඩ කතාව…

අන්තිම පේලියේ ඉන්න හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව.. පොර හැසිරුන විදියට සුවර් එකට මිනිහා නම් ඉස්සරහ පේලි වල හිටපු ඩයල් එකක්..අන්තිම පේලියේ උන්ගේ ගතියක් වත් ගෑවිලා නෑ… අමෙරිකාවේ යැංකි ලොක්කා වෙලා ඉන්න කාලේ උන්නැගේ ගියා බිරිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක්..

ඔන්න ඉතින් බුෂ් කාරයා ඒයාෆොස් වන් එකෙන් බැස්ස වෙලාවේ ඉඳන් මහ හර සරින් පිළිගන්නවාලූ මහ රැජිනයි ඉන්න සෙට් එකයි…

අහස් යාත්තරාවේ ඉඳලා බකිංහැම් පැලස් එක වෙනකං සෙට් එකම යනවා දැන්.. යන්නේ අස්ස කරත්තේ.. සුදු පාට අස්පයෝ හය දෙනෙක් කරත්තේ අරං යනවා.. රැජින ඉතිං බොහොම ගාම්බීර විදියට ඉස්සරහ වාඩි වෙලා යනවා.. පිටිපස්සේ බුෂ් ජෝඩුව….

පාර දිගට මිනිස්සු ඇවිල්ලා අත වනනවා.. කොඩි වනනවා.. එක විකාරයයි… Continue reading

මිට්ටාගේ බිස්නස් මොළේ – ගිරවු වෙළඳාම

අපේ ඉස්කොලේ ඒ දවස් වල හිටියා මරු ඩයල් එකක්..

පොරගේ උස ගැනම සළකලාද කොහෙද අපේ උන් ඌට නමක් දාලා තිබ්බේ “මිට්ටා” කියලා..

මිට්ටා උසින් විතරක් නෙවෙයි අජ්ජාපනේ අතිනුත් අනිත් අයට වඩා සෑහෙන පහතින් හිටියේ.. ඒ උනාට පොරගේ ඇඟ පුරාම මොලේ තිබ්බා.. තනිකරම බිස්නස් ඩයල් එකක්…පොර ඉස්කෝලේ ආවේ නවයේ පන්තිය වෙනකං විතරයි. එතැනින් පස්සේ පොර ගියා ඉස්කොලේ අතෑරලා බිස්නස් කරන්න…

පොර ඒ කාලේ කරපු බිස්නස් අපිට අදවත් කර ගැන්න බැරි තාලේ එව්වා..

මේක අපේ මිට්ටා ඒ කාලේ කරපු සුපිරි වෙළදාමක් ගැන ස්ටෝරියක්..

ඒ දවස් වල අපි හිටියේ අටේ පන්තියේ… අපේ පන්තියේ හිටපු පොරකට හිටියා ගිරවෙක්.. ඉතින් ඔය ගිරවා ගැන පොර ටෝක් දිදී තමයි හිටියේ ඌ හැම වෙලාවෙම. මිනිහගේ ඉතිහාසය පොතේ ඉඳලා සෞඛ්‍යය පොත වෙනක්ං පොත් වල පිටකවර වලට දාලා තිබ්බේත් ගිරවු ඉන්න පොටෝ…

ඉතින් ඒ නිසා අපේ කට්ටියගේ අතරේ ගිරවු උණ හෙනට ගහලා තිබ්බේ..

ඔහොම ඉන්න අතරේ අපේ මිට්ටා දවසක ගෙනාවා ගිරවෙක් ඉස්කෝලෙට.. Continue reading