Tag Archives: Germany

දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි


‘පොල්’ කියන බූවල්ලගේ කතන්දරේ මතකයිනේ… ලෝක කුසලානය තරමටම ජනප්‍රිය වෙච්ච අනෙක් දෙය තමයි මේ බූවල්ලා..

අවසන් පූර්ව තරඟයෙන් ස්පාඥ්ඥ්ය දිනන බවට බූවල්ලා අනාවැකිය කිව්වානේ

කිරිගහට ඇන්නා වගේ ඒක ටක්කෙටම හරිගියා.. මේ තරඟාවලියේදි බූවල්ලාගේ අනාවැකි 100% නිවැරදියි..

මේ නිසා කට්ටියම අවසාන මහා තරඟයටත් බූවල්ලාව අරගෙන අනාවැකිය කියලා බැලුවා…

සමහර අවස්ථාවලදී කවුද දිනන්නේ කියලා කියන්න බූවල්ලා විනාඩි 70 වගේ ගත්තත් මේ වෙලාවේදී නම් ඉතාම ඉක්මනින් (විනාඩි 3කදී) ඌ දිනන්නේ කවුද කියල කිව්වා.. මෙදා පාරත් දිනන්නේ ස්පාඥ්ඥ්ය කියලයි බූවල්ලා නම් කියන්නේ… මේ වගේ ඉතා ඉක්මනින් කියන්නේ එය පැහැදිලි ජයක් නිසා කියලයි අදහස් දක්වන්නන් කියන්නේ..

මේ අනාවැකිය කීමේ අවස්ථාව යුරෝපය පුරාම සජීවීව ප්‍රදර්ශනය කෙරුනායින් වැඩේ සංකීර්ණ කම කට්ටියට හිතාගන්න පුළුවන්නේ…

මේක සජීවීව බලන්න බැරිවෙච්ච අයට මෙන්න පහත අමුනලා තියෙනවා වීඩියෝ එක.

උරුගුවේ සහ ජර්මනිය අතර තුන්වන ස්ථානය සඳහා අද තියෙන තරඟයෙන් ජර්මනිය ජය ගන්නා බවටත් ‘පෝල්’ අනාවැකිය පලකරනවා..

කොහොම හරි මේ තත්ත්වය නිසා බූවල්ලාගේ ආරක්ෂාව ගැනත් කට්ටියට හිතන්න වෙලා… මොකද ඌව ඉස්සුවොත් එහෙම උස්සපු එකාට හෙන පෝසතෙක් වෙන්න පුලුවන් නේ.. ‘පෝල්’ගේ ආරක්ෂාවට අමතර ආරක්ෂක කන්ඩායම් හිටන් යොදවලා කියලයි වාර්තා වෙන්නේ..

කොහොම හරි ඒ අනාවැකියත් හරිද කියල බලන්න තව දවසයි ඉතුරු වෙලා තියෙන්නේ..

ස්පාඥ්ඥ්ය සහ නෙදර්ලන්තය.. 2010 ෆීෆා ලෝක කුසලාන අවසාන මහා තරඟය

කට්ටිය මොකද කියන්නේ? කවුද දිනන්නේ?

බූවල්ලා හරි මල්ලි..


Octopus Paul fixes the spanish box during his oracel for the semifinal match at the World Cup in South Africa between Germany and Spain in the SeaLife Aquarium in Oberhausen, Germany, Tuesday, July 6, 2010. Paul predicted all German matches during the World Cup 100 percent right. Octopus oracle Paul is predicting Germany will be defeated by Spain at the World Cup semifinal.  Sea Life Aquarium's spokesman Daniel Fey said Tuesday that the famous mollusk from Oberhausen chose a mussel from a glass tank marked with a Spanish flag, while ignoring the tank marked with the German colors - indicating a Spanish victory in Wednesday's semifinal. (AP Photo/dapd/Mark Keppler)

ජර්මනියේ ඉන්න අර බූවල්ල ඊයේ කිව්ව අනාවැකිය මතකයිනේ? අමතක අය මෙතනින් බලන්න..

පුදුමේ කියන්නේ මේකා මෙදා පාරත් හරියටම කිව්වා නේ මැච් එක දිනන්නේ කවුද කියල…

ඔන්න බූවල්ලා කියපු විදියටම ස්පාඥ්ඥ්ය මැච් එක දිනුවා.. !

ලංකාවේ ඉලෙක්ෂන් එකක් කාලෙක ඌව උස්සගෙන ආවනම්,ගොඩ තමයි ඉතින්…

අන්න කරනවනම් බිස්නස් !!

බූවල්ලාට ජය වේවා !!!

අරුම පුදුම බූවල්ලාගේ අනාවැකිය!


ලෝක කුසලානයකදී සහ අනෙකුත් තරඟාවලියකදී ඔට්ටු දැමීම සාමාන්‍ය දෙයක්. මේ සඳහා විවිධ පුද්ගලයන් විවිධ දේ උපකාර කර ගන්නවා. ක්‍රීඩාව ගැන ඇති දැනුම, මානසික බලය වගේ එක එක දේවල් කරලියට එන්නේ මේ ක්‍රීඩා තරඟ අරතතුරේ…

ඔට්ටු වලට නැති උනත් තරඟ වල ජය පැරදුම අනුමාන කරන්න කවුරුත් කැමතියි.. අනෙක් අය කරන අනුමාන අහගෙන ඉන්නත් වැඩිමනක් දෙනා කැමතියි..

මෙවර ලෝක කුසලානයේ මේ ලෙස ජය පැරදුම කලින් ඉඳන් කියන අපූරු සතෙක් ජර්මනියේ ඉන්නවා… රටවල් දෙකේ කොඩි සහිත වීදුරු පෙට්ටි තුලින් බූවල්ලා තෝරාගන්න පෙට්ටිය සහිත පිල ජයගන්නා බවට මෙම අනාවැකියෙන් කියැවෙනවා..බ්‍රිතාන්‍යයේ ඉපදුන මේ බූවල්ලා මෙවර ලෝක කුසලානයේ ජර්මනිය ක්‍රීඩාකරන හැම තරඟයක් ගැනම කියු අනාවැකි 100% නිවැරදි වී තිබෙනවා…

සර්බියාව සමඟ පැවති තරඟයේදී ජර්මනිය පරාද වන බව බූවල්ලා කීවත් කවුරුත් එය විස්වාස කලේ නැත්තේ විය නොහැකි දෙයක් නිසා වුනත්, ඇත්තටම තරඟයෙන් ජර්මනිය පැරදුනා.. ඉන්පසුව ඔස්ට්‍රේලියාව, ඝානාව, එංගලන්තය සහ ආජන්ටිනාව අතර තරඟ ජර්මනිය ජයගන්නා බවට මේ බූවල්ලා නිවැරදිව අනාවැකි පල කළා…

මේ වන තෙක් ඌට වැරදුන එකම තැන වූයේ 2008 ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවති යුරෝපා කුසලාන අවසන් මහා තරඟයයි… මෙහිදී ජර්මනිය ජයගන්නා බවට බූවල්ල කීවත් තරඟය 1-0 ලෙස ජය ගෙන යුරෝපා කුසලානය ගත්තේ ස්පාඥ්ඥ කන්ඩායමයි…

මෙවර කුසලානයේදී සියල්ල නිවැරදි ලෙස කියූ බැවින් කාගේත් අවධානය යොමු උනේ ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරඟය දිනන්නේ කවුද කියා දැන ගැනීමටයි…

වැඩිමනක් ජර්මානුවන් පුදුමයට පත් කරමින් මෙවර බූවල්ලා තෝරාගත්තේ ජර්මනිය නොව ස්පාඥ්ඥ්යයි…

බූවල්ල්වා හරිද වැරදිද කියා බලාගැනීමට ඇත්තේ තව හෝරා කීපයක් පමණයි…

ප/ලි: මෙතැන කොටා බූවල්ලා බලන්න.

ආජන්ටිනාව පරදා ජර්මනිය අවසන් පූර්ව තරඟයට


ප්‍රබල ආජන්ටිනා පිල හමුවේ ඉතාම අගනා ලෙස ඩෙෆෙන්ඩ් කල ජර්මානු කණ්ඩායම මුලර් (3′) ගේ මුල් බාගයේ ගෝලයේ වාසිය යොදාගනිමින් දෙවන බාගයේදී තවත් ගෝල තුනක් රැස් කරමින් ආජටිනා පිල තරඟාවයෙන් ඉවතට ඇද දැමුවේ ලෝක කුසලානය සමීපයට අඩිය තබමින්. බොහෝ විට ඔවුන්ගේ අවසන් පූර්ව තරඟය වන්නේ ස්පාඥ්ඥය සමඟින් විය හැකියි.

ජර්මනිය කිසිම විටෙක වසර 20කට වඩා ලෝක කුසලානයක් නොමැතිව සිට නැහැ..1954, 1974 දී කුසලානය දිනූ ජර්මනිය අවසන් වරට ජය ලැබුවේ 1990දී, දැනට හරියටම වසර 20කට පෙර!

දින දෙකක් ඇතුලතදී ප්‍රබල දකුණු අමෙරිකානු කණ්ඩායම් දෙකක් ඉවතට විසිවීම ඉතාම සුවිශේෂී වන්නේ බ්‍රසීලය සහ ආජන්ටිනාව කුසලානය දිනාගැනීමට මහත් බලාපොරොත්තු තබා සිටි කණ්ඩායම් දෙකක් වීම නිසාය. මීට අමතරව, මේ කණ්ඩායම් දෙකම ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන්ගේ ප්‍රියතම කණ්ඩායම් දෙකක් වීමනිසා ඇතැම් අය කලකිරී තිබෙන බවකුත් පෙනෙනවා…

කෙසේ වෙතත් ආජන්ටිනාව පැරදීම සිදුවිය යුතුව තිබුනා.. නැත්නම් මැරඩෝනා උපන් ඇඳුමෙන් පාර දිගේ දුවනවා බලන්න කවුද කැමති වෙන්නේ? ඒ නිසා පැරදුන එක දහස් වටිනවා.. 😛

කෙසේ වෙතත් දැන් නම් මෙය නෙදර්ලන්තය, ස්පාඥ්ඥ්ය සහ ජර්මනිය අතර තරඟයක්… උරුගුවේ සහ පැරගුවේ කණ්ඩායම් වෙතින් අනපේක්ෂිත යමක් සිදුවුනොත් ඇරෙන්න මෙවර කුසලානයක් යුරෝපයට යන බවකුයි පෙනෙන්න තියෙන්නේ.

මගේත් ප්‍රියතම කණ්ඩායම වී තිබූ ආජන්ටිනාව ඉවතට විසි වීමෙන් මීලඟට ප්‍රියතම ස්පාඥ්ඥය ට සහ නෙදර්ලන්තයට යොමුවුනත්, මේ තරඟාවලිය ශ්‍රී ලංකාව නොමැති බැවින් දිනන ඕනෑම පිලකට හුරේ කියන්න ලැබීමත් වාසනාවක්.

කවුරු දිනුවත් අපිට මොකෝ… 🙂