Tag Archives: හරිතානුකරනය

Going Green හෙවත් හරිතානුකරනය


මේ දිනවල මම ඔය ටොපික් එක ගැන පාඩම් කරන නිසා, ඒ ගැන පොඩි සටහනක් දාන්න ඕන කියල හිතුවා.
මේක විශාල මාතෘකවක් නිසා, මම පුළුවන් කෙටියෙන් ලියල ඉවර කරන්නම්. මේක අද ලොකයේ උණු උණුවෙ විකිණෙන ට්‍රෙන්ඩ් එකක් නිසා ඒකත් ගොඩක් දුරට වානිජ්‍යකරණය වෙලා තියෙන බව කියලම පටන් ගන්න හිතුව. මොකද, සතයක් වත් වියදම් නොකර හරිත වෙන්න පුලුවන් කම තියෙද්දී අද බටහිර ලෝකයේ ගොඩක් උනන්දුව තියෙන්නෙ අපිට Global Warming පෙන්නල තමන්ගෙ නිශ්පාදන විකුණගන්න කියන එක ලඟදි ඉවරවුන Copenhagen 2009 Summit එකන් ම පැහැදිලි වන නිසා.

මෙතනදි අපි ගොඩක් උත්සහ කරන්න ඕන අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන ගෝලීය උණුසුම්කරනය (Global Warming) අඩු කිරිමයි.. මූලික වශයෙන් මිනිසුන්ගේ කාබන් සටහන (Carbon Footprint) වෙනස් කිරීමයි. ඒ මඟින්, මිනිසාගේ පැවත්ම නිසා සිදු වෙලා තියෙන ගෝලීය උණුසුම් කරන සංඝටකය (Global Warming Potential) අඩු කිරිමයි.

මොහොතකට හිතන්න, අපි ලියන පෑනක් ගැන. අපි ජපානයේ හදපු Uni-Ball එකකින් හරි අමෙරිකාවේ හදපු Parker එකකින් හරි ලියන්නෙ වෙන්න පුලුවන්. හිතන්න, ඒ පෑන අපේ අතට එන්න වියදම් වුන, ලෝකයට නිකුත් කරපු කාබන් ප්‍රමාණය කොපමනද කියලා. නිශ්පාදනයෙදී විතරක් නෙවෙයි, නිශ්පාදිත රටේ ඉඳල අපේ අතට ප්‍රවාහය කරන්න වැයවුනු ඉන්ධන ප්‍රමාණය? ඒ සියල්ල අපිට නැවත නොලැබෙන ඛනිජ ඉන්ධන ( Depletion of Fossil Fuel). එකම කටයුත්ත කරන්න , අපේ ප්‍රදේශයේ, අපේ රටේ හෝ අපිට ආසන්න රටක නිපදවන පෑනක් ( Regional or Locally manufactured material)අපි පාවිච්චි කරනව නම්, එ පෑන අපේ අතට එන්න වැය වෙලා තියෙන කාබන් ප්‍රමාණය අපි අඩු කරලා. වෙනත් විදියට කියනවා නම් අපි ඇඟට දැනෙන්නෙ නැතුවම පොඩ්ඩක් හරිත වෙලා….
පොඩ්ඩක් හිතන්න පුලුවන් දෙයක් නේද?

අපි අපේ ජීවන රටාවල් සුළු වශයෙන් හැඩගස්වා ගත්තොත්, එකත් අපේ පරිසරය සුරකින්න ලොකු දායකවීමක් වෙයිනේද…

ඒ ගැන අපි දිගටම කතා කරමු පස්සෙ… දැනට මේ ඇති.