ඊයේ නෙදර්ලන්තය සමඟ පැවත් ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් ගෝල 1-0 ලෙස ජයගෙන ස්පාඤ්ඤය ලෝක ශූරයන් බවට පත්වුනා… තරඟය නිමාවීමට තවත් විනාඩි 4ක් පමණ ඉතිරිව තිබියදී Andres Iniesta (116′) ලබාගත් ගෝලය නිසා ස්පාඤ්ඤය ජය ලැබුවා. ස්පාඤ්ඤය ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
තරඟයේ දෙවන බාගය නිමාවනතෙක් කිසිම කන්ඩායමක් ගෝල ලබාගෙන තිබුනේ නැතත්, කන්ඩායම් දෙකෙන්ම ගෝල ලබාගැනීමට තිබූ පැහැදිලි අවස්ථා කීපයක් ගිලිහී යනු දකින්නට ලැබුනා…
මගේ පුද්ගලික අදහස හැටියට නම්, මෙය ස්පාඤ්ඤය ලැබිය යුතු ජයක්. ඔවුන් මේ ලෝක කුසලානයට පිවිසුනේ යුරෝපීය ශූරයන් ලෙසිනි සහ ෆීෆ ශ්‍රේණිගත කිරීම් වලින් ලොව දෙවන ස්ථානයේ සිටින විටකදී. එමෙන්ම ඔවුන්ගේ ක්‍රීඩකයක් අතර මනා අවබෝධයක් තිබෙනු දකින්නට ලැබුනා.. ඉතා දිගුකලක් තිස්සේ එකට ක්‍රීඩාකිරීමෙන් මෙවැනි අවබෝධයක් ඇතිවූවා විය හැකියි.. එමෙන්ම ඔවුන්ගේ කන්ඩායමේ එකම ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් 7දෙනෙක් සිටීමෙන් මේ අවබෝධය තවත් හොදට ඇතිවූවා විය හැකියි…
තරඟාවලිය පුරාම ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රම (Defence) ඉතා ඉහලින් තිබුනුබව කාටත් පැහැදිලියි.. මෙයින් වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ නායක සහ ප්‍රධාන දැල් රකින්නා වන අයික’ කැසිලාස් [Iker Casillas] ගේ දක්ෂතාවයයි.. අවිවාදාත්මකව දැනට ලොව සිටින හොඳම දැල් රකින්නන් කීප දෙනා අතරට ඔහුත් එක් වෙනවා..
ඒ වගේම මැද පෙළ ක්‍රීඩකයන්ගේ ( Iniesta, Xavi, Xabi Alonso, Fabregas) දක්ෂතාවත් ප්‍රධාන ප්‍රහාරක ඩේවිඩ් වියා [David Villa] ගේ ක්‍රීඩාවත් ඔවුන්ට කුසලානය දිනාගැනීමට මහත් රුකුලක් වුනා.. මුලු තරඟාවලිය පුරාම ඩේවිඩ් වියා තනි ප්‍රහාරකයා වශයෙන් ක්‍රීඩා කලේ ටෝරස් තමන්ගේ පුරුදු රිද්මයට පැමින නොතිබූ බැවිනි..
අනෙක් පැහැදිලි ජයග්‍රාහකයා වන්නේ ‘පෝල්’ හෙවත් අරුම පුදුම බූවල්ලායි… අවසාන තරඟයත් ඇතුලුව මේ ලෝක කුසලානයේ සියළුම තරඟවල ජයග්‍රාහකයා අනුමාන කිරීමට මේ බූවල්ලා සමත්වුනා !!!
අවසන් වශයෙන් 2010 පාපන්දු ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට හදපිරි සුබපැතුම් !!
බූවල්ලාටත් ජය වේවා!