Monthly Archives: මැයි 2010

මන්ත්‍රීතුමා අදත් බින්දුවයි නේද…


මේක ලියන්නේ අද ඉන්දියාවත් එක්ක මැච් එක බලන ගමන්…

මන්ත්‍රීතුමා අදත් අසාර්ථකයි… අද මහන්සි වෙලා බින්දුවක්ම ගැහුවා…

බ.කොදෙව් තරඟයේත් ඕස්ට්‍රේලියාවත් එක්ක තරඟයේත් මන්ත්‍රීතුමා බොහොම අපහසුවෙන් ලකුණක් දෙකක් ගත්තේ තවම ලකුණු ගන්න පුළුවන් කියල පෙන්නන්න වෙන්න ඇති…

මේ තියෙන්නේ මන්ත්‍රීතුමාගේ 20/20 ලෝක කුසලානයේ වැඩ…

තරඟ – 5; ඉනිම් – 5; නොදැවී – 2;
ලකුණු – 14; වැඩිම -6; සාමාන්‍ය – 4.66;
පන්දුවට පහරදීමේ වේගය – 43.75;
4 පහර-1; 6 පහර – 0

සනත් ජයසූරියට මගේ හිතේ තිබුනේ විශාල ගෞරවයක්… අපට තරඟ දිනවපු වීරයෙක් උන ඔහුගැන දැන් නම් එන්නේ පරාජිත හැඟීමක්… ඊයේ පුවත්පතකට ඔහු කියල තිබ්බේ 2011 ලෝක කුසලානය වෙනකන් සෙල්ලම් කරනවා කියල…

අනේ අනිච්චං…

තව ටික දවසකින් ” මන්ත්‍රීතුමා කෙලියා නේද් වර්ල්ඩ් කප් එකටත්” කියල මිනිස්සු කියන්න ගත්තොත් පුදුමයක් නෙවේ.

කාලෙකට පස්සෙ..


ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවේ…

මේ දවස්වල රස්සාවට ගිහින් ආවට පස්සේ මැච් බලන එක ඇරෙන්න වෙන වැඩක් නැහැ… මහේල ගේ ලස්සන පිති හරඹය දැකල හිත පිරෙනවා..

මේක ලියන්නේත් ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් එක බලන ගමන්..

කොහොම උනත් මේ දවස් වල කාලය ගෙවෙන්නේ හරිම හෙමින් වගේ.. තව දවස් 4ක් කාන්තාරෙ ඉන්න තියෙනවා..

දවස් 4 ගෙවෙන්නේ කොයි වෙලාවෙද කියල බල බල ඉන්නේ ලංකාවට යන්න…

ලියන්න කිසිම දෙයක් හිතට එන්නේත් නැහැ…

ලොකු ආරන්චියක් තියෙනවා.. පස්සෙ කියන්නම්.

හිරේ සිටිය යුතු උන්, සහ නොසිටිය යුතු උන්!


අද ලංකාවේ ජාතික පුවත්පත් හැම එකකම වාගේ තිබුනු ප්‍රධාන පුවතක් වූයේ මාධ්‍යවේදී තිස්සනායගම් මහතාට ජනාධිපති පොදු සමාවක් ලබාදී ඔහුට හිමිවීතිබූ බරපතල වැඩ සහිත 20 වසරක සිර දඬුවම අත් හිටුවා ඇති බවකි…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නම් මෙය ඉතා වටිනා ජයග්‍රහණයකි…

ඇමෙරිකාවද යුහුසුළුව මේ ක්‍රියාව අනුමත කරමින් ප්‍රසංසාව පළ කර ඇත.

මීට ටික කළකට පෙර අත් අඩංගුවට ගත් තිස්සනායගම් මහතාව මා නම් දැන සිටියේ ත්‍රස්ථවාදියෙක් ලෙසිනි..

එහෙමත් නැත්නම් ත්‍රස්ථවාදී කණ්ඩායමකට පක්ෂව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විරුද්ධව ක්‍රියාකළ අයෙක් ලෙසිනි…

ඔහුගේ ත්‍රස්ථවාදී ක්‍රියාවන් ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ සවිස්තර වාර්ථාව කියැවූයේ නම්, ඔහු ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාවට එරෙහිව ත්‍රස්ථවාදි අරමුණකින් කටයුතු කළ අයෙක් බවට ඕනෑම අයෙක්ට වැටහෙනු නියතය.

ඔහුගේ නඩුවේදී තීරණය වන්නේත් ඔහු ත්‍රස්ථවාදි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ බවය. එසේනම්, ලාංකීය අධිකරණයට අනුව ඔහු ත්‍රස්ථවාදියෙකි.

කිසිදු දේශපාලන නැඹුරුවක් නොමැති මට නුරුස්සන එක දෙයක් තිබේ.

ත්‍රස්ථවාදි ක්‍රියාවකට වරදකරු වූ තිස්සනායගම් නිදහස් ය.

වසර 30ක් පමණ ත්‍රස්ථවාදින් සමඟ සටන් කර ත්‍රස්ථවාදය නැතිකර දමන්නට වෙහෙස වූ (ඔහු කියන ලෙස තනියම වෙහෙස වූවා නොවේ) ජෙනරාල් ෆොන්සේකා තවමත් හිරේ ය…

ජෙනරාල් ෆොන්සේකා ඔහුට එරෙහිව ඇති චෝදනා ආකාරයෙන්ම අකටයුත්තක් කළා යැයි මොහොතකට සිතමු.

එය ත්‍රස්ථවාදය තරම් බරපතල එකක්ද?

ත්‍රස්ථවාදියෙක් ට පොදු සමාවක් දිය හැකිනම්, ජෙනරාල් ෆොන්සේකා ඉටු කළා වූ සේවය සළකා ඔහුට පොදු සමාවක් දිය නොහැකිද?