Monthly Archives: නොවැම්බර් 2010

ඒකි උඹට වඩා අඟල් දෙකක් උස ඇති..


“ඕයි…”

මහා කල්පනාවකට මැදිව මුහුඳේ රළ බිඳෙන හැටි බලා උන් මගේ මනෝ ලෝකය බිඳ වැටුනේ උගේ හඬින්ය.

“ඕයි…”

ඌ නැවත එසේ කිව්වේ බිඳුණු හඬකින් නිසා කිසිවක් නොකියා මම මුහුඳ දෙසට බලාසිටි දෙනෙත් හරවා ඔහු දෙස බැලුවෙමි. ඌ ඉන්නේ මම හිඳගෙන ඉන්න ගලට ටිකක් පහළට වෙන්නය. ටික වෙලාවකට කලින් ආ රැල්ලෙන් ඌ තෙමී ඇත. ඒ මුහුඳු වතුර ටික පිසදාගන්නවත් ඌට උවමණාවක් තිබී නැත. පැත්තකින් වෙනම ගලක් උඩ ඇති උගේ කම්බයින් මැත්ස් පන්ති පොතද තෙමී ඇත.

මම පහළට බැස ඌ ළඟින් ඉඳ ගතිමි.

“සමියා, මට දුකයි බං… ”

‘මට තේරෙනව බං ‘ කියලා කියන්න හිතුවත්, නුගේගොඩ ඉඳං බම්බලපිටියට එනකං බස් වල උගේ දුක හදන්න එක එක ඒවා කියූ නිසා, ඌට කතාකරන්නට දී මම බලා සිටියෙමි.

“මට බොන්න ඕන බං… මට අද හොඳට බොන්න ඕන, දුක නැතිවෙන්න..”

“බීලා ප්‍රශ්න විසඳන්න බෑ නේ මචං, අපි ඇත්තට මූණ දෙමු බං..”

මූ දැන් බොන්න ගියොත් එහෙම වෙන විපාකය හැඟුන නිසා මම එසේ කීවෙමි. ඌ උත්තර නොදී ඈත මුහුඳ දිහා බලා සිටී. නිහැඬියාව බිඳින්නට නැවතත් යමක් කියන්නට කට අරිනවාත් එක්කම ගාල්ල පැත්තට යන කොච්චියක් නිසා කියන්නට ආ දේ ගිල ගන්නට මට සිදුවිය. ‘ටකස් ටකස්’, ‘ටකස් ටකස්’ ලෙස කොච්චියේ රෝද පීලි අතර ඇති හිඩැස් වලින් යන හඬ තීව්‍ර ලෙස ඇසුනේ අප ඉන්නා තැනම පීලි දෙකක් එකතුවී ඇති නිසා විය යුතුය. කොච්චියේ හඬ නැතිවූ පසු මම ආයෙත් කියන්න ආ දෙය ඌට කිව්වෙමි. දිගටම කියවන්න

දේශපාලනයේ ‘නාකි’ සළකුණ.


ඇමති මණ්ඩලය ගැන විවිධ කතා වටින් පිටින් ඇසේ.

ඒවා කෙසේ උනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක හොඳ වැඩක් කර ඇත. මෙවර, වයෝවෘද්ධ වැඩ කිරීමට පණ නැති ඇමතිවරුන් එකතුකොට “සීනියර් මිනිස්ටර්” ලා වශයෙන් වර්ග කර ඇත. මේ කැටගරියට වැටී සිටින්නේ අවුරුදු 65 ඉක්මවාගිය “පරිණත” නමුත් මැරෙනතුරු විශ්‍රාම නොයන දේශපාලඥයන් සමූහයකි.

මේ දේශපාලඥයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා රටට වැඩ කලා විය හැකිය. එම හේතුව නිසාම කෘතගුණ සළකන්නට දන්නා ලාංකීය ජනයා ඔවුන්ට ඡන්දය දී හැම විටම පාර්ලිමේන්තුවට පත් කර එවයි. ඡන්දය දිනා එන්නට තරම් වැඩ කර නොමැති නම්, මේ “පරිණත” දේශපාලඥයන් කරන්නේ එවකට සිටින නායකයාගේ දෙපතුල සිඹ ජාතික ලැයිස්තුවෙන් මැම්බර් කෙනෙකු වීමය.

මෙවැනි “සීනියර්” දේශපාලඥයෝ සෑම ප්‍රධාන පක්ෂයකම සිටිති. වැඩිමනක් දෙනා වැඩක් නොකරන හෝ වැඩක් කරගන්නට නොහැකි දුර්වල තත්ත්වයකද සිටින්නෝ වෙති. අතීතය දෙස බැලූ විට හොඳම උදාහරණය නම්, දුබලව රෝද පුටුවේ සිටිද්දී, අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියයි. දිගටම කියවන්න

කාන්තාරේට නැවතත් වැසි


අද ඔෆිස් එකේ ඉන්න ගමන් ටික වෙලාවකින් හොඳට ඇහිලා පුරුදු සද්දයක් ඇහෙන්න ගත්තා. ටිකක් සෝදිසි කරලා බැලුවා මොකද්ද කියලා. බලනකොට හොඳටම වහිනවා. ඔෆිස් එකේ කවුද ජනේලයක් ඇරලා තියලා, ඒ නිසා වහින සද්දේ හොඳට ඇහෙනවා. ඉතිං ජනේලේ ගාවට වෙලා වහින එක දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්. අපේ ජීවිත වලට වැස්ස ගොඩක් සමීපයි. ඒ නිසාමද කොහෙද ගියපාර වැස්ස වෙලාවෙත් මම පෝස්ට් එකක් ලිව්වා. මේ පාරත් ඕන් ලිව්වා.

දවල් දෙකටත් හොඳටම කළුවර වෙලා. පාරේ වතුර ගොඩේ වාහන ලයිට් දාගෙන යනවා බලගෙන ඉන්න අතරතුරේ තවත් පුරුදු සද්දයක් ඇහුනා. ඒ විදුලි කොටන සද්දයක්. දිගටම කියවන්න

පඩ කතාවක්..


මේක කියලත් බැරි, නොකියත් බැරි කතාවක්. යාලුවෝ තරහාවෙන හින්දා නම් සහ ගම් මනඃකල්පිතයි කියලා තමයි ලියන්න වෙන්නේ. සමහර අය කරනවා වගේ නම්-ගම් මනඃකල්පිතයි කියන එක ලොකුවට දාලා ඇත්ත නමම දාලා කතාව ලියනවා වගෙත් කරන්න පුළුවන්. ඒත්, යාලුවෝ තරහ කරගෙන බැරි නිසා ඔන්න ඇත්තටම නම් සහ ගම් මනඃකල්පිතයි හරිද. .

ඔන්න මේ සිද්දිය උනේ ඇමරිකාවේ ඉන්න මගේ යාලුවෙක්ට. මගේ යාලුවාගේ නම පියල් හොඳේ. මේ කතාව මට කිව්වේත් මිනිහම තමයි. මේක මට කිව්වේ මේ බ්ලොග් ලියන්න පටං ගන්න කලින්. දැන් නං කොල්ලෝ ඕවා කියන්නේ නෑ, අපි බ්ලොග් වල ඕවා ලියනවා කියලා.

පියල් කියන්නේ නිකං අර හත-අප් බෝතලේ ඉන්න හැන්ඩි කොල්ලා වගේ නලු බට්ටෙක්. අපේ පොරගේ හිතවත් දකුණු ඉන්දියානු ෆැමිලි එකක් හිටියා පොර ඉන්න බිල්ඩිමේම උඩම තට්ටුවක. අපේ පොර ඉන්නේ 5 වැනි තට්ටුවේ. අර ෆැමිලි එක ඉන්නේ 25 වෙනි තට්ටුවේ.

ඉතිං අපේ පියල්ටත් ලැබුනා අර ඉන්දියන් ගෙදර කෑමකට ආරාධනාවක්. පොරත් ඉතිං කවදාවත් නැතුව, දත කට එහෙම මැදලා සෙට් උනා කෑමට යන්න අද නම් දෙන්නම් ජම්බු කියලා.

පොරත් ඉතිං ගෙදර ගිහිල්ලා ඔය එක එක ජාති වලින් කෑම කාලා ඉවර වෙලා කට්ටියත් එක්ක සතුටු සාමීචියක් එහෙම දාගෙන ඉන්නකොට පොරට පොඩ්ඩ පොඩ්ඩ තේරිලා බඩ නිකං ජොර ජොර ගානවා වගේ කියලා. දකුණු ඉන්දියානු කඩේකට නිකමටවත් ගොඩවෙලා තියෙනවා නම් දන්නවා ඇතිනේ එයාලාගේ කෑම කොහොමද කියලා. අර ජාති මේ ජාති එක එක ජාති වලින් පොඩ්ඩ පොඩ්ඩ තමයි තියෙන්නේ කන්න. ඉතිං ඔය ඔක්කොම ගිහිං වැටෙන්නේ බඩටනේ. ඕවා ඔක්කොම එකට එකක් ෆෘට් සැලඩ් එකක් වගේ මික්ස් වෙන්නේ ඉතිං එතන තමා.  දිගටම කියවන්න

පුද්ගලික අන්තරේ සහ විශ්ව විද්‍යාල


පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ලොකු කතිකාවක් දැන් ඇතිවීතිබේ. පමාවී හෝ එවැන්නක් ඇතිවීම අගයකල යුතුය. නමුත් මේ කතිකාවේ දෙපාර්ශවයේම කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන බව පැහැදිලිය. ක්‍රමවත් නීති පද්දතියකින් යුතුව පමණක් පටන් ගත යුතුව තිබෙන පුද්ගලික විශ්ව විද්‍යාල හිටිහැටියේ හතු පිපෙන්නාක් මෙන් පටන්ගැනීමට සැරසීම අනුමත කළ නොහැකි වනවා අතරම කිසිම පදනමක් නොමැතිව “පුද්ගලික විශ්ව විද්‍යාල” යන සංකල්පයට විරුද්ධව කෑමොර දෙන “සිසුන් ගේ” හැසිරීමද අනුමත කල නොහැකිය. පුද්ගලික විශ්ව විද්‍යාල යනු නිදහස් අධ්‍යාපනය බිලිගැනීමට ආ රකුසෙක් නොව, රටක සංවර්ධනයට අවශ්‍යයම බුද්ධි යාන්ත්‍රණය බිහිකරන්නා වූ ආයතන සමූහයකි. ලොව බොහෝමයක් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිඅතර එයින් රටකට වූ පාඩුවක් ගැන මම අසා නැත. නමුත් අන් රටවල මෙන් නොව ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති බැවින් එම යාන්ත්‍රණය තුළ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම ඉතාමත් සැළකිල්ලෙන් කැළ යුතු යුගයේ අවශ්‍යතාවකි.

මෙහිදී රජයේ විශ්ව විද්‍යාල වලට සහ පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂ‍ය නිර්දේශයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ වෙනත් රජයේ ආයතනයක් තුළින් පාලනය කල යුතු බව මම විස්වාස කරමි. මෙය කියන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර විධිමත් නීති පද්දතියක් සැකසිය යුතුමය. ලංකාවේ ඇරඹීමට බලාපෙරොත්තුවන පුද්ගලික විශ්ව විද්‍යාල  සඳහා පිළිගත් මූලික සුදුසුකම් සාධන මට්ටමක් (Pre Qualification Assessment) සැකසිය යුතු වන අතර එහි මූලික අරමුණ විය යුත්තේ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන පුද්ගලික විශ්ව විද්‍යාල  පමණක් තෝරා ගැනීමයි. මෙමඟින් ටියුෂන් කඩ වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වලට මඟ ඇසීරීම අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයකි. පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට පෙර මෙකී නොකී නොයෙකුත් දෑ රජය විසින් සම්පාදනය කර තිබිය යුතුය. එවැන්නක් ජනතාවට සහ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් නොකර “පුද්ගලික විශ්ව විද්‍යාල පටන්ගනිමි” යි පැවසිමෙන් ජනතාව (ජවිපෙ ) කුලප්පු වීම මිස වෙනත් කිසිවක් සිදුවනේ නැත. දිගටම කියවන්න