පඩ කතාවක්..


මේක කියලත් බැරි, නොකියත් බැරි කතාවක්. යාලුවෝ තරහාවෙන හින්දා නම් සහ ගම් මනඃකල්පිතයි කියලා තමයි ලියන්න වෙන්නේ. සමහර අය කරනවා වගේ නම්-ගම් මනඃකල්පිතයි කියන එක ලොකුවට දාලා ඇත්ත නමම දාලා කතාව ලියනවා වගෙත් කරන්න පුළුවන්. ඒත්, යාලුවෝ තරහ කරගෙන බැරි නිසා ඔන්න ඇත්තටම නම් සහ ගම් මනඃකල්පිතයි හරිද. .

ඔන්න මේ සිද්දිය උනේ ඇමරිකාවේ ඉන්න මගේ යාලුවෙක්ට. මගේ යාලුවාගේ නම පියල් හොඳේ. මේ කතාව මට කිව්වේත් මිනිහම තමයි. මේක මට කිව්වේ මේ බ්ලොග් ලියන්න පටං ගන්න කලින්. දැන් නං කොල්ලෝ ඕවා කියන්නේ නෑ, අපි බ්ලොග් වල ඕවා ලියනවා කියලා.

පියල් කියන්නේ නිකං අර හත-අප් බෝතලේ ඉන්න හැන්ඩි කොල්ලා වගේ නලු බට්ටෙක්. අපේ පොරගේ හිතවත් දකුණු ඉන්දියානු ෆැමිලි එකක් හිටියා පොර ඉන්න බිල්ඩිමේම උඩම තට්ටුවක. අපේ පොර ඉන්නේ 5 වැනි තට්ටුවේ. අර ෆැමිලි එක ඉන්නේ 25 වෙනි තට්ටුවේ.

ඉතිං අපේ පියල්ටත් ලැබුනා අර ඉන්දියන් ගෙදර කෑමකට ආරාධනාවක්. පොරත් ඉතිං කවදාවත් නැතුව, දත කට එහෙම මැදලා සෙට් උනා කෑමට යන්න අද නම් දෙන්නම් ජම්බු කියලා.

පොරත් ඉතිං ගෙදර ගිහිල්ලා ඔය එක එක ජාති වලින් කෑම කාලා ඉවර වෙලා කට්ටියත් එක්ක සතුටු සාමීචියක් එහෙම දාගෙන ඉන්නකොට පොරට පොඩ්ඩ පොඩ්ඩ තේරිලා බඩ නිකං ජොර ජොර ගානවා වගේ කියලා. දකුණු ඉන්දියානු කඩේකට නිකමටවත් ගොඩවෙලා තියෙනවා නම් දන්නවා ඇතිනේ එයාලාගේ කෑම කොහොමද කියලා. අර ජාති මේ ජාති එක එක ජාති වලින් පොඩ්ඩ පොඩ්ඩ තමයි තියෙන්නේ කන්න. ඉතිං ඔය ඔක්කොම ගිහිං වැටෙන්නේ බඩටනේ. ඕවා ඔක්කොම එකට එකක් ෆෘට් සැලඩ් එකක් වගේ මික්ස් වෙන්නේ ඉතිං එතන තමා. 

අම්ලයකට ලෝහයක් දැම්මම ජලය සහ හයිඩ්‍රජන් පිටවෙනව වගේ, මෙතනදී ඔය එක එක කෑම ජාති බඩ ඇතුලේ ප්‍රතික්‍රියා කරලා ඒ රසායනික ප්‍රතික්‍රියා වලින් ලැබෙන්නේත් ජලය සහ වාතයයි. උසස් පෙළට කෙමිස්ට්‍රි එහෙම බැරි වෙලාවත් ඉගෙන ගත්තානම් කට්ටිය දන්නවා ඇති ඔය අල කලංචිය. හැබැයි මෙතනදී ජලය සහ වාතය පිටවෙනවා කිව්වට ජලය නම් පිරිසිදු ජලය නෙවෙයි, වාතයත් ඔය කිව්වට හයිඩ්‍රජන් වලට වඩා ඇමෝනියා වලට නිකං කිට්ටුයි වගේ.

දැං ඉතිං අර කිව්ව රසායනික ප්‍රතික්‍රියා නිසා පියල්ට වාතයක් යවාගන්න මාරම උවමනාවක්ලු තියෙන්නේ. පොරත් ඉතිං තදකරගෙනම ඉඳලා. මොකද ගෙදර ඇතුලෙ යැව්වොත් මාට්ටු වෙන නිසා. අර කියමනක් තියෙනවා නේ ‘සද්ද පඩේ ගඳ නෑ ගඳ පඩේ සද්ද නෑ’ කියලා. පියල්ට ඉතිං ඔය දෙකම එතන කරගන්න බැරි නිසා ඉවසගෙන ඉඳලා වැඩේ ඉවර වෙනකම්ම.

ඒ ගෙදර කට්ටියටත් වනක්කම් කියලා ගෙදරින් පිටවුන ගමන්ම බැලුවලු වාතයක් අරින්න. කොරිඩෝවේ ඉන්නවාලු කීප දෙනෙක්. ඉතින් පියල් කාරයටත් කරන්න දෙයක් නැති නිසා කොහොම හරි ඉවසගෙන ඉඳලා ලිෆ්ට් එක එනකං ඉඳලා 5වෙනි තට්ටුවට යන්න. ලිෆ්ට් එකත් ආවලු. ලිෆ්ට් එක ඇතුලේ මොකෙක් වත් නැති නිසා පොරත් ඉතිං ඇතුලට ගිහිං හිතේ හැටියට වාතය පිට කරාලු. කරපු ප්‍රතික්‍රියාවල ප්‍රබල කම නිසාද කොහෙද පිටවුනේ ඇමොනියා වගේ වාතයක් නෙවෙයි, කුණු බිත්තර සුවඳක් තමයි දෙයියනේ කියලා පිටවෙලා තියෙන්නේ. පියල් කාරයත් ඉතිං කොරන්න දෙයක් නැති නිසා එහෙමම ඉඳලා.

ඔය අතරේ 21වෙනි තට්ටුවෙන් නැග්ගලු සුදු ජාතික කපල් එකක්, අපේ මෑන්ස් ඉන්න ලිෆ්ට් එකට. නැග්ගට පස්සේ තමයිලු සුද්දන්ට තෙරුනේ සිද්දිය. ඒ දෙන්නා ඉතින් අපේ පියල්ගේ මුන දිහා බල බල ඔරව ඔරව ඉන්නවාලු. අන්තිමටම ඉවසං ඉන්න බැරිම තැන දෙන්නම 15 වෙනි තට්ටුවෙන් විතර බැහැලා ගියාලු. ඇයි ඉතින් කුනු බිත්තර ගඳ උනත් වැඩි වෙලාවක් ඉවසං ඉන්න බෑනේ.

අපේ පොරටත් ඉතින් තව කවුරු හරි ලිෆ්ට් එකට නැග්ගොත් එහෙම, ෆ්ලැට් එකේ ඉඳලා හමාරයි කියලා 10 වෙනි තට්ටුවෙන් විතර බැහැලා පඩිපෙල බැහැගෙන ගෙදරට ගියාලු සද්ද නැතුව.

ඔය ලිෆ්ට් කාර් එකේ සාමාන්‍යයෙන් Ventilation/Exhaust ෆෑන් එකක් හයි කරලා තියෙනවා. ඒක එහෙම දාලා තියෙන්නේ Safety Feature එකක් විදියට සහ ගමන් ගන්න අයට විධිමත් වාතාශ්‍රයක් ලබා දෙන්න. මොකද ඔය ලිෆ්ට් shaft එකක් ඇතුලේ තියෙන්නේ මැෂින් ටික විතරයි (බොහෝ වෙලාවට ලිෆ්ට් මැෂින් එක තියෙන්නේ උඩ ). ඉතිං ඒ වගේ shafts ඇතුලේ විෂ වායු සහ දුම එකතුවිය හැකි නිසා ෆෑන් එකක් හයි කරලා forced ventilation එකක් දුන්නම ලිෆ්ට් කාර් එක ඇතුලේ negative pressure එකක් ඇතිවෙනවා. ඒතකොට කාර් එක ඇරුන වෙලාවට ඇතුලට fresh air එන විදියට [natural airflow from positive pressure to negative pressure space]තමයි එක වැඩකරන්න හදලා තියෙන්නේ..

ඔය ලිෆ්ට් ඉතින් බිත්තර පඩ පෲෆ් වෙන්න  නම් හදලා නෑ ඔන්න…

මොනව උනත් රට්ටු නම් කියන්නේ අපේ පියල් කාරයා කරපු වැඩේ නිසා සතියක් යන්න ඉස්සෙල්ලා ඇමෙරිකාවේ වෙනම රෙග්යුලේෂන් එකක් ආවලු ලිෆ්ට් කාර්වලට තිබුනට වඩා ලොකුම ලොකු ventilation ෆෑන් අනිවාර්ය කරලා! 😛

ප/ලි: බිඟුවාගේ “බිඟු නද”, බොල්ග් වැම්පාගේ “වැම්පයර්”, “…::: සියපත :::…” සහ අභීත මහත්තයාගේ “ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න” කියන සුවිශේෂී බ්ලොග් අරතට මගේ මේ බොලොග් එකත් ඇතුලත් කරමින් සරල ජනප්‍රිය බ්ලොග්කරණය වෙනුවෙන් සම දෙවන ස්ථානයක් විදියට ටැබූ ගෙන් ලැබිච්ච සම්මානයට බොහොම ස්තූතියි!

8 responses to “පඩ කතාවක්..

  1. පව් දෙයියනේ පියල් කොලුවා

  2. කොයි ලෝකේ ගියත් ලංකාවේ ගතිය අරින්න බැහැනේ…

  3. පොර මේ කතාව දැක්කම මාර ලැජ්ජාවක් එන්න ඇති නේ?

  4. ඕක යන්න එන කොට තදක‍රන් ඉදලා පස්සෙ වෙලාවක අරින සාත්ත‍රේ අහගත්තේ නැද්ද?

  5. එල එල .. නියමයි බං කාලෙකිං හිනාපාරක් ගියා ….

    ජයවේවා !!

  6. කොහේ ගියත් ලංකාවේ පොරවල් නමක් තියලා තමා එන්නේ………….

  7. සීත සමීර් කියන නමටත් ඔය වාතය කියන වචනයේ සම්බන්ධයක් පොඩ්ඩක් විතර තියෙනවා… සමීර් කියන්නේ වාතය නේද ?

    සුබ පැතුම් මල්ලියා ..

  8. පින්ග්කිරීම: තවත් එක පඩ කතාවක්.. | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න