Monthly Archives: ඔක්තෝබර් 2010

‘බර’ කේස්


මේක මගේ හිතවතෙක්ට වෙච්චි දෙයක්.. අපි වගේ උදවිය පිට රටවල් වල ඉඳලා ලංකාවට එනකොට ගේන්න කියලා නොයෙකුත් බඩු ලැයිස්තු හම්බුවෙනවා.. ගෙවල් වල උදවියගේ ඉඳලා වටාපිටාවේ ඉන්න අයත් බඩුලැයිතු හදලා එවනවා ගේන්න කියලා… ඉතිං ඔය බඩු ලැයිස්තු වල තියෙන ඒවා ගේන්න ගියාම අබිලික් වෙන්නේ ‘බර’ කේස් තමයි..

පළමු ප්‍රශ්නය, බර පැන.. සල්ලි නැතුව කොහොමද ගේන්නේ? අනෙක් එක තමයි, බර.. බර කිව්වේ උස්සගෙන යන්න බැරි කම නිසා නෙවෙයි. ඔය ගුවන් යානා වල ගෙනියන්න පුලුවන් සීමිත බර ප්‍රමාණයක් නේ තියෙන්නේ.. බරපැන නම් ඉතිං අත මාරුවක් හරි කරලා විසඳාගන්න පුලුවන්නේ.. ඒත් බර ප්‍රශ්නේ තමයි ප්‍රධානම එක.. ඒකට ඉතිං බර වැඩි ගානට වැඩිපුර ගෙවන්න වෙනවා..ඉතිං ඕකට අපි ගොඩක් දෙනා කරන වැඩේ තමයි ඔය බඩු බාණ්ඩ වල ඇසුරුම් ඉවත් කරලා අවශ්‍යදේ විතරක් අරගෙන යන එක..

මම දන්න කියන කෙනෙක් ඉතිං මැද පෙරදිග ඉඳලා ලංකාවට යන්න යනකොට ඔය බර සෑහෙන ප්‍රමාණයකින් වැඩියි ලු. ඔහොම බර වැඩි උනාම ඉතිං හෙන ගානක් ගෙවන්න ඕන.. බර බෙදාගන්න දන්න කියන කෙනෙක්වත් ළඟ පාතක නෑ ලු. පොරත් ඉතිං බර අඩු කරගන්න ඔය එක එක ඇසුරුම් කඩලා අවශ්‍යය බඩුව විතරක් තියලා ඇසුරුම විසිකරලා දැම්මලු. කොහොම හරි එහෙම කරලා ඉවර උනාම කිලෝ 7ක් විතර බර අඩුවෙලා.. පොරටත් ඉතිං මාර සැටිස් ලු වැඩේට. කරපු වැඩේ ගැන ආඩම්බර වෙච්ච මිනිහත් ඉතිං මේ වගේ බර ඇසුරුම් දානවට කොම්පැනි කාරයන්ට බැන බැන ලංකාවටම ගියාලු. දිගටම කියවන්න

කක්කුස්සි ටෙක්නොලොජි


මේකත් ටොයිලට් කතාවක්. මීට ඉස්සෙල්ලත් මටම වෙච්ච ටොයිලට් ඇබැද්දියක් ගැන කියලා ඇතිනේ.
මේ සිද්දිය උනේ, මීට අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා. එතකොට මම විස්ස විජ්ජාලේ පළමු අවුරුද්ද ඉවර කරලා.. ( මං කොච්චර නාකිද කියලා හිතාගන්න කෝ? ) මම නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉඳලා ආයෙත් විස්ස් විද්‍යාලෙට යනිං ගමන ට්‍රාන්සිට් එකක් තිබ්බා ඩුබායි ගුවත්තොටුපල හරහා, හරිය.

මගෙත් එක්ක ගියා පළමු වසරට එකතු වෙන්න හිටපු පොරක්, වෙන්ඩ ජූනියර් එකෙක්.. දැං ඩුබායි වල පැය හයක් ද හතක් ද කොහෙද ලගින්න වෙලා තියෙන්නේ අනිත් ෆ්ලියිට් එක ගන්න. අපිට ඉතිං කෑම කූපන් එහෙම දීලා තිබුනා. ඒකෙන් ගන්න පුළුවන් ඒව අරං කාලා, එයාපෝට් එක වටේ රවුම් දෙක තුනකුත් ගිහිල්ලා ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට වෙන්ඩ තියෙන දෙයක් උනා.

ඒ කිව්වේ අපි දෙන්නටම චාර්ජ් උනා, බොගක් !

හරී, දෙන්නටම එක වෙලාවටම චාර්ජ් උනේ නැතිඋනාට මට යන්න ඕන කිව්වම අරූත් කිව්වා පොරටත් යන්න ඕන කියලා. දැං බෑග් මලු ටික දාලා දෙන්නටම යන්න බැහැනේ. ඒ නිසා මලු ටිකත් අරං වැසිකිලිය ලඟපාතකට හිගිං අරූට බෑග් ටික බලාගන්න කියලා මම ගියා දොට්ට පිලට… දිගටම කියවන්න

රුසියානු සාහිත්‍යය – රුසියානු ගමනක මතක සටහන් -3


රුසියාවේ ගත කළ සති කිහිපයේ දුටු සිත් අලවන දසුන නම්, රුසියානු ජාතිකයන්ගේ ඇති සාහිත්‍යය නැඹුරුවයි.

බොහෝමයක් රුසියානුවෝ පොත් කියවති. සෑම ප්‍රධාන වෙළඳ සංකීර්ණයකම වාගේ පොත් කඩ විශාල ප්‍රමාණයක් ඇත. සාප්පු සංකීර්ණයේ ඇති කාර්ය‍යබහුලම ස්ථානය මෙතැනයි. ලංකාවේ අපි රෙදි කඩ වලට රිංගන්නා සේ ඔවුන්ගේ ඉල්ලුම ඇත්තේ පොත් කඩ වලටය. පොඩි පොඩි කඩවල වුවත් විශාල ප්‍රමාණයේ පොත් සංඛ්‍යාවක් විකිණීමට ඇත. බොහෝමයක් ඇත්තේ රුසියන් බාසාවෙනි. ඇතැම් පොත්කඩ දුටුවිට මට සිහිවන්නේ මරදාන ගාමිණී හෝල් එක අසල ඇති පරණ පොත් කඩ කිහිපයයි… පාසැල් යන කාලයේ කොච්චියට වෙලා තිබූ විට එතැනට ගොස් පොත් බැලීම කලක් මගේ විනෝදාංශයක්ව තිබුනි.

රුසියාවේදී දුටු එක් දෙයක් නම්, ලොව සෑම ප්‍රධාන බසකින්ම වාගේ පළවූ නවතම කෘතීන් වල රුසියානු පරිවර්තනය එසැනින් වෙළඳපලේ තිබීමය.  ඒලෙස ලොකයේ පළවන සෑම කෘතියක්ම වාගේ පරිවර්තනය කර වෙළඳ පලට දැමීමට තරම් එයටම කැපවූ වෘත්තිකයන් සිටීමෙන් පැහැදිලි වන්නේ පාඨකයන්ගේ ඇති ඉල්ලුමයි..

මඟ තොටේ දකිනා සෑම දහ දෙනාගේන් දෙදෙනෙකුවත් කුමන හෝ යමක් කියවති. මෙට්‍රෝ එකේ යෑමට escalator එකේ හිටන් සිටින කාලයද ඔවුන් වැය කරන්නේ යමක් කියැවීමටය. බස් රථ සහ මෙට්‍රෝ වලද මෙය සුලබ දසුනකි.

එක අතකින් බැලූ විට රුසියාව වැනි සාහිත්‍යයෙන් ආඪ්‍යය වූ ජාතියකට මෙය පුදුමයක් නොවේ. පළවැනි පීටර් රජතුමාගේ සහ කැතරින් රැජිනගේ පාලන සමයේ සිට ඇරඹි සාහිත්‍ය පුනරුදය විසින් ටික කලකදී ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වැනි මහා කවියෙකු බිහිකිරීම දක්වා වර්ධනය වීම පුදුම සහගතය. අදටත් නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා වශයෙන් පිළිගැනෙන්නේ ඇලක්සැන්ඩර් පුෂ්කින් ය. දිගටම කියවන්න

සිංහල දන්න රුස්සෝ – රුසියානු ගමනක මතකයන් – 2


මීට ඉස්සෙල්ලා රුසියාවට ගිය ගමන ගැන කතාවක් ලියලා තිබ්බානේ.. අර වීනස් දෙව් දුවක් දැකලා රැවටුනේ? ඒක කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. ඔන්න ඉතිං මටත් හා හා පුරාම කියලා කියවන්නෙක් ඊ මේල් එකක් එවලා තිබ්බා රුසියානු ගමන ගැන තව කතා ලියන්න කියලා. මේ දවස් වල මම පස් තාච්චි අදිනවා, ලියන්න වැඩි වෙලාවක් නෑ… ඒත් ඉතිං පාඨකයෙක් හා හා පුරා කියලා කරපු ඉල්ලීමනේ… ඒ නිසා පාඩම් කෙරිලි අරවා මේවා ඔක්කොම පැත්තකට දාලා තව එකක් ලියනන් පටං ගත්තා..

වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන කියනවානේ… ඒ වගේ තමයි… රුසියාවට ගියාම රුසියන් බාසාව කතා කරන්න ඕන.. නැත්නම් අතරමං වීම කෙසේ වෙතත්, හාමතේ මැරෙන්න තමයි වෙන්නේ. ඔය කිව්වට, යකා කියන තරම් කලු නෑ.. හොඳට ඉංග්‍රීසි දන්න රුස්සොත් හිටියා.. මම දන්න කියන රුස්සෝ කීප දෙනක්මත් හොඳට ඉංග්‍රීසි දන්නවා… ඒ කිව්වේ පුටින්, මෙද්වෙදෙව් වගේ කට්ටිය.

ඒ උනාට සිංහල හොඳින් තේරෙන රුස්සෝ එහේ ඉන්නවා කිව්වම පිළිගන්නවද??

මේක අපි සෙට් එක අත්දුටුව දෙයක්.. බොරු නං පහල විස්තරේ කියවලාම තේරුම් ගන්නකෝ. දිගටම කියවන්න