Tag Archives: 2010 FIFA Worldcup

2010 ලෝක පාපන්දු ශූරයන් ස්පාඤ්ඤයයි!


ඊයේ නෙදර්ලන්තය සමඟ පැවත් ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් ගෝල 1-0 ලෙස ජයගෙන ස්පාඤ්ඤය ලෝක ශූරයන් බවට පත්වුනා… තරඟය නිමාවීමට තවත් විනාඩි 4ක් පමණ ඉතිරිව තිබියදී Andres Iniesta (116′) ලබාගත් ගෝලය නිසා ස්පාඤ්ඤය ජය ලැබුවා. ස්පාඤ්ඤය ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙයයි.

තරඟයේ දෙවන බාගය නිමාවනතෙක් කිසිම කන්ඩායමක් ගෝල ලබාගෙන තිබුනේ නැතත්, කන්ඩායම් දෙකෙන්ම ගෝල ලබාගැනීමට තිබූ පැහැදිලි අවස්ථා කීපයක් ගිලිහී යනු දකින්නට ලැබුනා…

මගේ පුද්ගලික අදහස හැටියට නම්, මෙය ස්පාඤ්ඤය ලැබිය යුතු ජයක්. ඔවුන් මේ ලෝක කුසලානයට පිවිසුනේ යුරෝපීය ශූරයන් ලෙසිනි සහ ෆීෆ ශ්‍රේණිගත කිරීම් වලින් ලොව දෙවන ස්ථානයේ සිටින විටකදී. එමෙන්ම ඔවුන්ගේ ක්‍රීඩකයක් අතර මනා අවබෝධයක් තිබෙනු දකින්නට ලැබුනා.. ඉතා දිගුකලක් තිස්සේ එකට ක්‍රීඩාකිරීමෙන් මෙවැනි අවබෝධයක් ඇතිවූවා විය හැකියි.. එමෙන්ම ඔවුන්ගේ කන්ඩායමේ එකම ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් 7දෙනෙක් සිටීමෙන් මේ අවබෝධය තවත් හොදට ඇතිවූවා විය හැකියි…

තරඟාවලිය පුරාම ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රම (Defence) ඉතා ඉහලින් තිබුනුබව කාටත් පැහැදිලියි.. මෙයින් වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ නායක සහ ප්‍රධාන දැල් රකින්නා වන අයික’ කැසිලාස් [Iker Casillas] ගේ දක්ෂතාවයයි.. අවිවාදාත්මකව දැනට ලොව සිටින හොඳම දැල් රකින්නන් කීප දෙනා අතරට ඔහුත් එක් වෙනවා..

ඒ වගේම මැද පෙළ ක්‍රීඩකයන්ගේ ( Iniesta, Xavi, Xabi Alonso, Fabregas) දක්ෂතාවත් ප්‍රධාන ප්‍රහාරක ඩේවිඩ් වියා [David Villa] ගේ ක්‍රීඩාවත් ඔවුන්ට කුසලානය දිනාගැනීමට මහත් රුකුලක් වුනා.. මුලු තරඟාවලිය පුරාම ඩේවිඩ් වියා තනි ප්‍රහාරකයා වශයෙන් ක්‍රීඩා කලේ ටෝරස් තමන්ගේ පුරුදු රිද්මයට පැමින නොතිබූ බැවිනි..

අනෙක් පැහැදිලි ජයග්‍රාහකයා වන්නේ ‘පෝල්’ හෙවත් අරුම පුදුම බූවල්ලායිඅවසාන තරඟයත් ඇතුලුව මේ ලෝක කුසලානයේ සියළුම තරඟවල ජයග්‍රාහකයා අනුමාන කිරීමට මේ බූවල්ලා සමත්වුනා !!!

අවසන් වශයෙන් 2010 පාපන්දු ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට හදපිරි සුබපැතුම් !!

බූවල්ලාටත් ජය වේවා!

දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි


‘පොල්’ කියන බූවල්ලගේ කතන්දරේ මතකයිනේ… ලෝක කුසලානය තරමටම ජනප්‍රිය වෙච්ච අනෙක් දෙය තමයි මේ බූවල්ලා..

අවසන් පූර්ව තරඟයෙන් ස්පාඥ්ඥ්ය දිනන බවට බූවල්ලා අනාවැකිය කිව්වානේ

කිරිගහට ඇන්නා වගේ ඒක ටක්කෙටම හරිගියා.. මේ තරඟාවලියේදි බූවල්ලාගේ අනාවැකි 100% නිවැරදියි..

මේ නිසා කට්ටියම අවසාන මහා තරඟයටත් බූවල්ලාව අරගෙන අනාවැකිය කියලා බැලුවා…

සමහර අවස්ථාවලදී කවුද දිනන්නේ කියලා කියන්න බූවල්ලා විනාඩි 70 වගේ ගත්තත් මේ වෙලාවේදී නම් ඉතාම ඉක්මනින් (විනාඩි 3කදී) ඌ දිනන්නේ කවුද කියල කිව්වා.. මෙදා පාරත් දිනන්නේ ස්පාඥ්ඥ්ය කියලයි බූවල්ලා නම් කියන්නේ… මේ වගේ ඉතා ඉක්මනින් කියන්නේ එය පැහැදිලි ජයක් නිසා කියලයි අදහස් දක්වන්නන් කියන්නේ..

මේ අනාවැකිය කීමේ අවස්ථාව යුරෝපය පුරාම සජීවීව ප්‍රදර්ශනය කෙරුනායින් වැඩේ සංකීර්ණ කම කට්ටියට හිතාගන්න පුළුවන්නේ…

මේක සජීවීව බලන්න බැරිවෙච්ච අයට මෙන්න පහත අමුනලා තියෙනවා වීඩියෝ එක.

උරුගුවේ සහ ජර්මනිය අතර තුන්වන ස්ථානය සඳහා අද තියෙන තරඟයෙන් ජර්මනිය ජය ගන්නා බවටත් ‘පෝල්’ අනාවැකිය පලකරනවා..

කොහොම හරි මේ තත්ත්වය නිසා බූවල්ලාගේ ආරක්ෂාව ගැනත් කට්ටියට හිතන්න වෙලා… මොකද ඌව ඉස්සුවොත් එහෙම උස්සපු එකාට හෙන පෝසතෙක් වෙන්න පුලුවන් නේ.. ‘පෝල්’ගේ ආරක්ෂාවට අමතර ආරක්ෂක කන්ඩායම් හිටන් යොදවලා කියලයි වාර්තා වෙන්නේ..

කොහොම හරි ඒ අනාවැකියත් හරිද කියල බලන්න තව දවසයි ඉතුරු වෙලා තියෙන්නේ..

ස්පාඥ්ඥ්ය සහ නෙදර්ලන්තය.. 2010 ෆීෆා ලෝක කුසලාන අවසාන මහා තරඟය

කට්ටිය මොකද කියන්නේ? කවුද දිනන්නේ?

බූවල්ලා හරි මල්ලි..


Octopus Paul fixes the spanish box during his oracel for the semifinal match at the World Cup in South Africa between Germany and Spain in the SeaLife Aquarium in Oberhausen, Germany, Tuesday, July 6, 2010. Paul predicted all German matches during the World Cup 100 percent right. Octopus oracle Paul is predicting Germany will be defeated by Spain at the World Cup semifinal.  Sea Life Aquarium's spokesman Daniel Fey said Tuesday that the famous mollusk from Oberhausen chose a mussel from a glass tank marked with a Spanish flag, while ignoring the tank marked with the German colors - indicating a Spanish victory in Wednesday's semifinal. (AP Photo/dapd/Mark Keppler)

ජර්මනියේ ඉන්න අර බූවල්ල ඊයේ කිව්ව අනාවැකිය මතකයිනේ? අමතක අය මෙතනින් බලන්න..

පුදුමේ කියන්නේ මේකා මෙදා පාරත් හරියටම කිව්වා නේ මැච් එක දිනන්නේ කවුද කියල…

ඔන්න බූවල්ලා කියපු විදියටම ස්පාඥ්ඥ්ය මැච් එක දිනුවා.. !

ලංකාවේ ඉලෙක්ෂන් එකක් කාලෙක ඌව උස්සගෙන ආවනම්,ගොඩ තමයි ඉතින්…

අන්න කරනවනම් බිස්නස් !!

බූවල්ලාට ජය වේවා !!!

ලෝක කුසලානයේ රසමුසු තැන් ..


මේ සති කීපයේම පාපන්දු ඇරෙන්න යමක් ලියන්න බැරිවුනා.. කමක් නැහැ ඒක ලියන්නත් තියෙන්නේ තව දවස් කීයද…

පහත එක්කාසු කරල තියෙන්නේ මේ ලෝක කුසලානයේ රස බර වීඩියෝ ටිකක්..

ජර්මනිය අවසන් වටයට යවන්නට වෙහෙසවූ පුහුනුකරු Joachim Löw ට හරිහැටි කෑමක් කන්නවත් වෙලාවක් නැතිව පිට්ටනිය කැමරා දහස්ගානක් මැද්දේ තනියම පොඩි කෑමක් කනහැටි තමයි මුලින්ම තියෙන්නේ…

පෙනල්ටි එකක් ගන්න ස්පාඥ්ඥයේ  Fernando Torres බොරුවට කරන රඟපෑමකුත් ඇති මැදක…

මේ අතරින් Nick Vujicic ගේ පණිවුඩය සුවිශේෂයි..ඒ වගේම අර්ථවත්..

ඒ වගේ මෙවර ලෝක කුසලානයේ තවත් රස පිරි තැන් ටික බලන්න..

1.) ‘Joachim Löw is disgusting!’ – 1,197,671 total views
2.) ‘Referees’ synchronized warm-up‘ – 871,269 total views
3.) Heinze punches the camera – 390,757 total views
4.) Robinho and Kaka laugh in training – 342,115 total views
5.) ‘Chile vs Spain – Fernando Torres dives‘ – 446,013 total views
6.) Message of hope from Nick Vujicic – 3,364,036 total views

ප/ලි:  අටවෙනි එක නෑ …. අටවෙනියට දාන්න හොඳ එකක්  තියෙනවානම් පහත කොටුවේ ලින්ක් එක අමුනලා යන්න…

අරුම පුදුම බූවල්ලාගේ අනාවැකිය!


ලෝක කුසලානයකදී සහ අනෙකුත් තරඟාවලියකදී ඔට්ටු දැමීම සාමාන්‍ය දෙයක්. මේ සඳහා විවිධ පුද්ගලයන් විවිධ දේ උපකාර කර ගන්නවා. ක්‍රීඩාව ගැන ඇති දැනුම, මානසික බලය වගේ එක එක දේවල් කරලියට එන්නේ මේ ක්‍රීඩා තරඟ අරතතුරේ…

ඔට්ටු වලට නැති උනත් තරඟ වල ජය පැරදුම අනුමාන කරන්න කවුරුත් කැමතියි.. අනෙක් අය කරන අනුමාන අහගෙන ඉන්නත් වැඩිමනක් දෙනා කැමතියි..

මෙවර ලෝක කුසලානයේ මේ ලෙස ජය පැරදුම කලින් ඉඳන් කියන අපූරු සතෙක් ජර්මනියේ ඉන්නවා… රටවල් දෙකේ කොඩි සහිත වීදුරු පෙට්ටි තුලින් බූවල්ලා තෝරාගන්න පෙට්ටිය සහිත පිල ජයගන්නා බවට මෙම අනාවැකියෙන් කියැවෙනවා..බ්‍රිතාන්‍යයේ ඉපදුන මේ බූවල්ලා මෙවර ලෝක කුසලානයේ ජර්මනිය ක්‍රීඩාකරන හැම තරඟයක් ගැනම කියු අනාවැකි 100% නිවැරදි වී තිබෙනවා…

සර්බියාව සමඟ පැවති තරඟයේදී ජර්මනිය පරාද වන බව බූවල්ලා කීවත් කවුරුත් එය විස්වාස කලේ නැත්තේ විය නොහැකි දෙයක් නිසා වුනත්, ඇත්තටම තරඟයෙන් ජර්මනිය පැරදුනා.. ඉන්පසුව ඔස්ට්‍රේලියාව, ඝානාව, එංගලන්තය සහ ආජන්ටිනාව අතර තරඟ ජර්මනිය ජයගන්නා බවට මේ බූවල්ලා නිවැරදිව අනාවැකි පල කළා…

මේ වන තෙක් ඌට වැරදුන එකම තැන වූයේ 2008 ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවති යුරෝපා කුසලාන අවසන් මහා තරඟයයි… මෙහිදී ජර්මනිය ජයගන්නා බවට බූවල්ල කීවත් තරඟය 1-0 ලෙස ජය ගෙන යුරෝපා කුසලානය ගත්තේ ස්පාඥ්ඥ කන්ඩායමයි…

මෙවර කුසලානයේදී සියල්ල නිවැරදි ලෙස කියූ බැවින් කාගේත් අවධානය යොමු උනේ ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරඟය දිනන්නේ කවුද කියා දැන ගැනීමටයි…

වැඩිමනක් ජර්මානුවන් පුදුමයට පත් කරමින් මෙවර බූවල්ලා තෝරාගත්තේ ජර්මනිය නොව ස්පාඥ්ඥ්යයි…

බූවල්ල්වා හරිද වැරදිද කියා බලාගැනීමට ඇත්තේ තව හෝරා කීපයක් පමණයි…

ප/ලි: මෙතැන කොටා බූවල්ලා බලන්න.