Monthly Archives: මාර්තු 2010

අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ?


මෙවර මහා මැතිවරණයට තරඟ කරන සියලුම අපේක්ෂකයන් තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්තුමාට ඉදිරිපත් කළ යුතුයි කියා මැතිවරණ කොමසාරිස්තුමා නියෝග කර තිබෙනවා.

මේ විදියට එක් එක් අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් මේ මැතිවරණයේ සිට ලබන මැතිවරණය දක්වා අඩු වැඩි වී ඇති හැටි ජනතාවට පෙන්නුවොත් නරකද?

මොන පක්ෂයේ හිටියත් වත්කම් බැරකම් අඩු නම් වෙන්නේ නැති බව ඇත්තකි…

එත් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට ප්‍රසිද්ධ කළොත් ( බොහෝමයක් යුරොපීය රටවල් වල වගේ) එක්තරා විදියකට දේශපාලනයයේ පාරදෘශ්‍ය බවක් ඇති වෙනවා කියල හිතන්න පුලුවන් නේද..?

මොකද වැඩි වැඩියෙන් ගසා කෑවොත් ලබන පාර ඡන්දෙ ඉල්ලන්න යනකොට මාට්ටු වෙනවානේ…

මොකද හිතෙන්නේ ඒ ගැන ?

මගේ අපබ්‍රංස හීනය…


මේ මට පෙනුන හීනයකි… මම නිවුස් චැනල් එකක් නරඹමින් සිටියෙමි…

මෙන්න ක්‍රීඩා පුවත්…

  • ලංකාවෙන් ප්‍රතිකාර ලබා පැමිණි වහාම බෙකම් ගෙන් ගෝල ත්‍රිත්වයක්….
  • පාදයේ ආබාධය සුවවූ අෂිශ් නෙහරා ලෝකයේ වේගවත්ම පන්දුව යවයි….
  • ගම්භිර් ගෙන් එක්දින ද්විත්ව ශතකයක් ….!

– – – –
පොඩ්ඩක් නුහුරු ගතියක් දැනුන නිසා මම චැනල් එක මාරු කළෙමි….

අලුත් චැනල් එකේ ගියේ ආර්ථික පුවත් ය….

  • ලංකාව ලෝකයෙ දියුණුතම රට බවට පත් වේ….
  • ලෝකයෙ ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ කිරුලු පළදී….
  • සෞඛ්‍ය සේවයේ විෂිශ්ඨත්වය වෙනුවෙන් 2010 නොබෙල් ත්‍යාගය මහින්ද රාජපක්ෂ මහතාට….

ඇසෙන දෙය අදහා ගත නොහැකිව මම වහාම ආයෙත් චැනල් එක මාරු කළෙමි…

අනිත් චැනල් එකේ ගියේ විෂේශ ආවරණයකි… සිංහලෙන් කිව්වොත් ස්පෙෂ්ල් රිපොට් එකකි….

– – – –

ඔව් අප දැන් සිටින්නේ ඒ අති සුවිෂේශී ” අරලිය ට්‍රී ජාත්‍යන්තර රෝහල ” ඉදිරිපිටයි….

ඔබට පේනවා ඇති… මෙහි ප්‍රතිකාර ගැනීමට සුවිෂාල ජනකායක් පැමිණෙමින් තිබෙනවා.. ඔබ මේ දකින පිරිමි රෝගීන්ගේ පෝළිම ( කැමරාකරු පෝළිම දෙසට කැමරාව හරවයි…) කොල්ලුපිටිය හරහා මේ වන විට දෙහිවල දක්වා දිග බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා…. ඒ වගේම අනිත් පසින් ඔබට පෙනෙන මේ කාන්තා පෝළිම ( කැමරාකරු කාන්තා පෝළිම දෙසට කැමරාව හරවයි…) ගාලු මුවදොර හරහා…මොදරටත් එතනින් පෑලියගොඩ, වත්තල හරා මහබාගෙ දක්වාත් දිගු වී ඇති බවයි අපට එන ආරංචි වලින් කියැවෙන්නේ…

ලෝකයේ විවිධ රටවල් වලින් ගලා එන රෝගීන් නිසා පිරී ඇති කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට කොළඹ- මීගමුව මහා මාර්ගය අලලා දෙවන ගුවන් පථයක් නිර්මාණය කර ඇති බවත් කියැවෙනවා….

ලෝඅකයේ සියලුම රටවල් වලින් පැමිණෙන මේ අති විශාල රෝගීන්ගෙන් දිවයිනේ හෝටල් පිරී ඉතිරී ගොසින් ඇති බවත් අපිට වාර්තා වෙනවා…

දැන් අපි මේ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින රෝගීන් කීප දෙනෙක් එක්ක කතා කරමු…

නිවේදකයා විවිධ රටවල් වලින් පමිණි රෝගීන් කිහිප දෙනෙක් සමඟ කතා කරයි…

කතා කරමින් මේ අය දෙහිවල හරියට පැමිණෙනවාත් සමඟම රෝගීන් අතරින් එකපාරටම දැක පුරුදු මුහුනක් මතු වේ…

මේ පුද්ගලයා දැක එක්විටම මඤ්ඤ්ං වන කැමරාකරු ගේ කෝනයට හසුවන්නේ චේන් පැන ඇති නිවේදකයායි…

“ඔව්.. ඔව්.. ඔව්… ” නිවේදකයා ගොත ගහන්නට පටන් ගත්තේය…

“ඔව්…. ඇමෙරිකාවේ ගරු ජනාධිපතිතුමාත් ප්‍රතිකාර ගැනීමට පැමිණ තිබෙනවා….”

“මෙය අපට ඉතාම ආඩම්බරයක්…. ඔව්.. ඔව්.. ඔව්.. ග.. ග.. ග… ග…ගරු ජනාධිපතිතුමණි…. ඔබ කු…කුක්..කු…කුමන විදියෙ ප්‍රතිකාරයක් බ..බ..බ.. බලාපෙරොත්තුවෙන්ද පැමිණියේ …. ”

නිවේදකයා ගොත ගහමින් වචන ටික ගලපාගත්තේය…

ජනාධිපතිතුමා රහසින් මෙන්…. ” සුදු වෙන්න බෙහෙතක් තියෙනවද කියල බලන්න ආවා….” යැයි කියා පෝලිමෙ ඉස්සරහට වූයේ මැදින් පනින උන්ගෙන් බේරෙන්නටය…

” ඔව්.. ප්‍රිය සෞඛ්‍ය ලෝලී අසන්නේණි….”

නිවේදකයා නැවතත් කියන්නට විය…..

” තව ස්වල්ප මොහොතකින් අපි කාන්තා පෝලිම හා එකතු වෙනවා ඒහි විස්තරත් ඔබ වෙත ගෙන ඒමට.. එතෙක් ආයුබෝ….”

නිවේදකයාට එය සම්පූර්ණ කිරීමට හැකි වුයේ නැත.. අසල සිටි යමෙක් ඔහුගේ උරහිසට ඇන පෙන්වූ දෙයක් දිහ බලන්නට ඔහු හැරුනේය…

ඒ අනුව කැමරාකරුත් තම කැමරාව හරවා ගත්තේය…

හැරමිටියක ආධාරයෙන් එක්තරා පුද්ගලයෙක් ඈතින් බෙහෙත් ගන්නට එනහැටි දිස් විය…

කෙමෙන් කෙමෙන් කැමරාව අසලට පැමිණි ඔහුගේ තොල කට වියැළී තිබුණි… කතාකරන්න හැදුවත් හරි හැටි වචන පිට වුයේ නැත..

“ආ…. මේ ජෙනරාල් තුමා නේ….” කොහෙදෝ සිටි එකෙක් කීවේය..

එසැණින් විකාශය නිම විය ~

ඒ අරුම පුදුම දුරකතනය ….


මගේ ගාව තිබිච්ච හරිම අපූරු දුරකතනයක් ගැන තමයි මේ කතාව… මේක වෙලා දැන් ටිකක් කල්… දුරකතනයක් කිව්වට ඒක මොබයිල් එකක්… ඒ දවස් වල මොබයිල් එකක් කියන්නේ ඉතින් ලොකු දෙයක්… මේ කියන දුරකතනයත් ඒ දවස් වල මාර ගනන්… මේක ගත්තෙ ඉතින් සලිලි තියෙනවාට එහෙම නෙවෙයි… ලංකාවෙන් පිට විස්ව විද්යාලෙක ඉගෙනගත්තු මට ගෙදරට කතා කරන්න ඕන නිසා…

ඒ දවස් වල ඉතින් මේ මොබයිල් එක මට ලොකු දෙයක්…. ඔන්න ඉතින් මම මේ හා හා පුරා කියල ගත්තු මොබයිල් එකත් අරන් ගොඩවුනා විස්ව විද්යාලෙ පොදු වැසිකිලියකට… ඔය ගොල්ලො හිතනවා වගේ වෙන මගුලකට නෙවේයි ඒකත් අරං වැසිකිලියකට ගියෙ… ඒක අරං යන්නේ තටම තටම ඉන්න ගමන් ගේම් ගහන්න… ඉස්සර වොටර් ගේම්, විඩියො ගේම ගහපු අපිට මොබයිල් එකේ තිබ්බ “නයා” ගේම් එකත් රත්තරං වටිනවා…

අනේ දෙය්යනේ කියල ගොඩවෙලා, ස්කොටින් පෑඩ් එකේ වාඩිවුනා විතරයි…

සාක්කුවේ තිබ්බ මගේ රත්තරං මොබයිල් එක වැටුනා නේද කොමඩ් එකට !!!

මළ කෙළියයි.. දැං මොකද කරන්නේ??

ගන්න විදියකුත් නෑ…

අච්චර සල්ලි දීල අරගෙන නැතිකරගන්නත් බෑ… මොකද මම දන්නවා ආයේ එකක් ගන්න දෙන්න තරම් සල්ලි අපේ අම්මලා ගාව නැහැ කියලා…. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා…. ඕන මගුලක් වෙවා කියල හිතලා ගන්න තීරණය කළා…

ඒත් ඉතිං කොහොමද?… පොදු වැසිකිලියක් කියල බැලුවෙ නැහැ… ඇස් දෙක පියාගෙන අත දාලා ගත්ත ඉතිං…

දැං ඔයලාට ඉතිං හිතෙන්නෙ “ඊයා..” චිකේ..” “කක්කි..” “මල ජරාව…” කියලනේ… ඒත් ඉතිං මක් කොරන්නද… ගන්න උනා එහෙම…

ඉතින් ඔන්න මේ මොබයිල් එක වලෙන් ගොඩ ගත්තු ගමන් උත්සව ශ්‍රීයෙන් අරන් කක්කි කියල බලන්නෙ නැතුව බැටරිය ගැලෙව්වා… ඒක කෑලි කෑලි වලට නිරුවස්තර කරලා ගිහින් දැම්මා සින්ක් එකට… හොදට වතුරෙන් හෝදලා, ඩිටෝල් කුප්පියකුත් හැලුවා ඒකටම….ඔහොම හොඳට හෝදලා අරගෙන… වැලේ වැනුවා වේලෙන්න…

මම හොදටම දන්නවා ඒ හෝදපු විදියට දැන්නම් ඉතින් මේකට සොරි තමයි කියලා..

කොහොම හරි පහුවෙනිදා උදේ නිකමට වගේ වේලුනාට පස්සෙ අටවලා බැලුවා… මාව පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ මේක කිරි ටොයියා වගේ වැඩකරන හැටි දැක්කම!!

මේ කතාව මට කියන්න මතක් උනේ අද නාන්න ගිය වෙලාවේ අලුත්ම අලුත් සබං කෑල්ලක් මගේ අතින් කොමඩ් එකට වැටුන නිසා… මොනව කරන්නද… ලස්සනට ෆ්ලෂ් කරලා යැව්වා…

ඒ අරුම පුදුම දුරකතනය මොකද්ද කියල දැන් කුතුහලය ඇති නේද? අච්චර බොග වලකට වැටිලත්, ෆුල් ලොන්ඩරි පාරක් දීලත් මුකුත් නොවුනා වගේ වැඩකරපු මොබයිල් එක මොකද්ද කියල කියන්නම්….

ගඩොල් බෑ දුරකතන යුගයට ගුඩ් බායි කියල හා හා පුරාම ආපු නොකියා 3310 ඔයාලට මතකයි නේ? මතක නැත්නම් මෙතන කොටල පින්තූරයක් බලා ගන්න…

හරී…. කතාව ඉවරයි…. අසා සිටි ඔබ සැමට ස්තූතියි… මේ වගේ සිද්දි වෙලා තියෙනවා නම් හරි වෙලා නැත්නම් හරි පහල කොටුවෙ කොමෙන්ට් එකක් දාලා යන්න…

මවු පිය සෙනෙහස කොහෙත් එකයි…


සිග්නල් එකේ කොළ ලයිට් එක වැටෙනකන් මම නවත්තගෙන හිටියා…

මගේ එහා පැත්තෙන් ඇවිත් නැවැත්තුවේ අලුත්ම සුදු පාට එස්-ක්ලාස් බෙන්ස් එකක්…. ඇතුලෙ හිටියෙ අරාබි ලෝගුව ඇඳගත්තු කටාර් ජාතිකයෙක් සහ ඔහුගේ දරුවා යැයි සිතෙන අවුරුදු 12ක වගේ ඉස්කොල ඇන්දුමක් ඇඳපු කොලු ගැටයෙක්.

කොළ ලයිට් එක පත්තු වෙනකන් කරන්න ඇති දෙයක් නැති නිසා මමත් රබර් ඇහැ දාගෙන දෙන්න දිහා බලන් හිටියා… ඇත්තතම මට බලන්න ඕනි උනේ කාර් එක දිහායි.. නමුත් ඇතුලෙ ඉන්න අය දිහාත් බැලුනා..

දෙන්නා මොකද්දෝ ලොකු කතාවක.. මොකක් හරි පුතාට කියපු ඒ තාත්තා ආදරෙන් කොල්ලගෙ ඔලුව අතගෑවා… එතන තිබ්බ සෙනෙහස, එ මුහුනේ ඉරියව් වලින් පෙනුනා…

මේක දැකපු මගේ හිත ඉක්මනටම ගොඩාක් ඈතට ඇදිලා ගියා…

පොඩි කාලෙ උදේ පාන්දර ඉස්කොලේ යන්න ඉස්සෙල්ල තාත්තා බත් කවන හැටි… ඔලුවෙ තෙල් ගාල ඔලුව පීරන හැටි… ඇඳුම් අන්දවලා ඉස්කොලේ යවන හැටි…

එහෙම මම හෙමිහිට මගේ අතීතයට ගියා…

අර පොඩි එකා දැකලා පුංචි පහේ ඉරිසියාවකුත් හිතට ආවා…

කොච්චර උස්මහත් උනත්, මොන ලොකු ලොකු උපාධි දැරුවත්, ලොකේ මොන කොනක හිටියත් තාත්තට කියල ඔලුව අතගා ගන්න තාමත් හරි ආසයි…

ඒකොන් හීනෙන්වත් නොදුටු ලක් පුර…


දවස් ගණනක් තිස්සේ අලුත් සින්දුවක රෙකෝඩින් කර කර හිටපු ඒකොන් ගෙදර අවෙ හොදට නිදාගන්න බලාගෙනය. පොඩි වොෂ් එකක් දාගත්තු ගමන් ඇඳට වැටුන ඒකොන්ට යස අපූරුවට නින්ද ගියා…

x x x

ගුවන් පථයට ගොඩබෑ යානය හෙමින් හෙමින් ගුවන් තොටුපල වෙත ඇදෙමින් තිබුනා… ලොකු නින්දකින් ඇහැරිලා කවුළුවෙන් වට පිට බැලූ ඒකොන් දැක්කේ හැම තැනම පොල් ගස් ගොඩක්…

හොදතම තක්බීර්වු ඒකොන් එහා පැත්තෙ බිස්නස් ක්ලාස් සීට් එකෙ හිටපු පොරගෙන් යමක් අහන්න හැරී බැලුවා… සීට් ඔක්කොම වගේ හිස් වෙලා තිබුනත්, එහා කෙළවරෙ සුදු පාට සරමක් සහ බැනියමක් ඇඳ ගත්තු බඩ තඩි, කොට පොරක් ඉන්නවා දැක්ක ඒකොන් පොරගෙන් කලබලයෙන් දන්න ඉංගිරිසියෙන් ඇහුවා “කැන් යා ටෙල් මී වෙයස් දිස් ප්ලේස්” කියලා… ඒකොන් කැඩිච්ච ඉංගිරිසියෙන් අහපු එක තෙරුනේ නැති නිසා එකපාරටම කලබල උන සරම් කාරය ඒකොන්ට රවලා අහක බලා ගත්තා.

උත්සාහය අතෑරියෙ නැති ඒකොන් කවුලුවෙන් එලිය බැලුව…..

එතකොට දැක්ක එලියෙ තියෙන ගොඩනැගිල්ලක “BAND@##$!@&#KE INTERNATIONAL AIRPORT” කියලා. ගුවන්තොටුපලේ නම හදිස්සියකට කියවගන්න බැරි තරම් දිග එකක්වුනත් ඒකොන්ට ලොකු චූන් එකක් ගියා තමන් මේ ගොඩබැහැලා ඉන්නේ “ට්‍රිනිඩෑඩ්” වලට නෙවෙයි කියල තේරුන නිසා…

යානයෙන් පිට වෙලා හොඞවැල දිගේ ගුවන්තොතුපල ඇතුලට ආපු ඒකොන්ව පිළිගන්න සංවිධායකවරු රොත්තක් එක්ක “හිස” මාධ්‍ය කණ්ඩායමත් ඇවිත් හිටියා… පොඩි දුරක් “හිසේ” කට්ටියත් එක්ක කතා කර කර ඇවිදගෙන යද්දි ඒකොන්ට පුරුදු සද්දයක් ඇහෙන්න ගත්තා…. බැලින්නං FM චැනල් එකක යන උගේම සිංදුවක්..

” නෝ බොඩි වොන සී අස් ටුගගේද’… බට්’ඉට් ඩෝන්’ මැට’ නෝ …කොස්’ අයි ගොට් යූ බේබි…”

සින්දුවේ තාලෙට මුමුණන ගමන් ඒකොන් “හිසේ” එකෙක් ගෙ කරට අත දා ගත්තා….

වැඩිදුරක් යන්න හම්බුනේ නැහැ වෙනින් යානයක යන්න ටර්මිනල් එකක හිටපු ‍අලුත් Y – පරම්මරාවේ කොල්ලො ටිකක් ඇවිත් ඒකොන්ව වටකරගත්තා…. හැට්ටයක් වගේ ඉන ගාවට ඔන්න මෙන්න කියල තියෙන ටී-ෂර්ට් එකක් එක්ක, යට ඇඳුමයි තට්ටම් වල බාගයකුයි එලියට පෙනෙන විදියට එක එක වැඩ දාපු ඩෙනිමක් යන්තමින් වැටෙන්නේ නැතුව අටවගත්ත කොලු රැල, ඒකොන් ගෙන් ඔටෝ ග්‍රාප් ඉල්ලන්න ගත්තා… එකක් දෙකක් ලියලා දීල ඒකොන් එතනින ඉක්මනට මාරුවුනේ ට්‍රිනිඩෑඩ් වල ෂෝ එකේදි උනාට වඩා අසික්කිත වැඩක් එතන වෙයි කියලා බය හිතුන නිසා.. මොකද එහෙම උනොත් එකට සමාව ඉල්ලල සින්දුවක් කියන්නත් වෙනවා නේ…

ඔහොම වැඩි දුරක් යන්නවුනේ නැහැ… ආගමන විගමන එකේ නිලධාරීන් ටිකක් ඇවිත් ඒකොන් ව පැත්තකට එක්කන් ගියා.. කට්ටිය දෙපැත්තට වෙලා කුටු කුටු ගාන අතරේ ගුවන් තොටුපලේ තියෙන ටීවී එකක බ්‍රේකින් නිවුස් එකක් එක්ක කියන්න ගත්තෙ ” ඒකොන් ගේ වීසා අවලංගු වෙලා” කියලා.

ටික වෙලාවකට පස්සේ අත් දෙක පිටිපස්සට කරලා මාංචු දෙකක් දාලා දැල් ගහපු බන්ධනාගාර බස් එකකට ඒකොන්ව එක්කන් ගියා… “හිසේ” කට්ටිය නම් මේක දැකල බොහොම කම්පාවුනේ ඒකොන් ගැන හිතල නෙවෙයි… දැන් ඉතින් ෂෝ එකට ටිකට් ගත්තු උන්ටික ඇවිත් ඉතුරු වෙලා තියෙන වීදුරු ටිකටත් ගල් ගහයි කියල බය හිතුන නිසා….

ඒකොන් ට නම් මේක එච්චර ගානක්වුනේ නැහැ.. පුරුදුනැති දෙයක් යැයි කියල ඒකොන් ආතල් එකේ සින්දුවක් කියන්න ගත්තා…

” දේ වෝන්ට් ලෙට් මී අවුට් නෝ.. දේ වෝන්ට් ලෙට් මී අවුට්… ”

බස් එකේ දැල් වලින් එළිය බලාගෙන දුකසේ සින්දුව කියාගෙන ආපු ඒකොන්ට තේරුනා බස් එක නැවතුන බව….

ජේලර් කෙනෙක් ගෙන් මොකද කියල ඇහුවම පොරත් දන්න සිංහලෙන් කිව්වා …

“පොලීසියෙන් මැතිවරණ පෝස්ටර් ගලවනවා ඒක නිසා පොඩ්ඩක් වාහන ටික නවත්තගෙන ඉන්නවා” කියලා…

වාහනත් නවත්තගෙන පෝස්ටර් ගලවන්නේ, මුන් ගාවනම් මේකට කියාපු මැෂින් එකක් ඇති කියල ඒකොනුත් දැල් අස්සෙන් පාරෙ ඉස්සරහා බැලුවා…

පාර අයිනේ හොඳින් වැඩුන උස මාර ගහක මුදුනේ කාගෙදෝ හිනාවෙලා ඉන්න පෝස්ටර් එකක් තියෙනවා ඒකොන් දැක්කා.. පුරුදු මූනක් වගේ තේරුන නිසා ඇස් දෙකත් පිහදාලා බැලුවේ ඉස්සර වාහන හොරකම් කරපු කාලේ හිටපු ෆ්‍රෙන්ඩෙක් ද කියල බලන්න… බැලින්නං ෆ්ල්යිට් එකේ හිටපු බඩ තඩි, කොට පොර තමයි මාර ගහ මුදුනේ හිනාවෙලා ඉන්නේ….

පොලිසියට මාර ගහ මුදුනට යන්න බැරි නිසා බිම ඉඳලා කළු තෙල් ගහනවා පෝස්ටරේ වැහෙන්න… කළු තෙල් වැටෙන නිසා වාහන යන්නේ නැහැ…

කොහොම හරි ඒකොන් ව එක්කන් ගිහිල්ලා දැම්මා අගනුවර සුප්‍රසිද්ධ සිරගෙදරකට. ජේලර් කාරයත් මහ උජාරුවෙන් වගේ කිව්වේ මේ හයි-ෆයි හිර ගෙදරට ආපු දෙවැනියා ඒකොන් කියලා… ඒක අහපු ගමන් ඒකොන් දඩබඩ ගාලා ගිහින් බැලුවා හිර ගෙදර උණු වතුර එනවද කියලා…

මළකෙලියයි… උණු වතුර නැහැ…

ඒත් එක්කම ආපු නිලධාරියෙක් ඒකොන්ට චෝදනා පත්‍රයක් දීලා ගියා… ස්ත්‍රී දූෂණය, වාහන කොල්ලකෑම, අනාචාරයේ හැසිරීම, මියුසිකල් වීඩියෝ හැදීම ඇතුලු කාරනා 5කට චෝදනා කරලා…. හෙට විශේෂ සංගීත අධිකරණයක නඩුව අහනවා කියලත් තියෙනවා….

මේක කියවලා ඉතාමත් කම්පාවට පත්වුන ඒකොන්, මහ හයියෙන් අඬන්න පටන්ගත්තා….

ටික වෙලාවක් අඬනකොට අල්ලපු කාමරේ ඉන්න හිර කාරයා මෙහෙම සින්දුවක් කියනවා….

” අයි වොන්’න මේක් අප් රයිට් නව්’ …  නා නා නා… ”

—-
පින්තූරෙ ඉස්සුවේ: http://www.panachereport.com/channels/hip%20hop%20gallery/images/AkonLockedUp.jpg

වඩන්න බැරි දරුවන් හදනු කිම?


මැතිවරණයක් අත ලඟ තියෙද්දි මේ දවස් ටිකේ ලංකාවෙ තිබ්බ ලොකු මාතෘකාවක් වුනේ කළුතර මවක් කළු ගඟට දරුවෙක් විසිකිරීම සහ අම්බලන්ගොඩ මවක් අලුත උපන් බිළිඳෙක් ගඟකට විසිකිරීම යි. සමහර මාධ්‍ය සහ කොටස් මේ සිදුවීම් දෙක අල්ලගෙන ලොකු ගානක් හොයගත්තා කියලත් ආරංචියි.

මේ සිදුවීම් දෙක ගැන ලියලා වැඩක් නැහැ…මොකද පසුගිය සති දෙකේ පත්තර වල වගේම අපේ  බ්ලොග් ලියන සහොදර සහොදරියනුත් මේ ගැන ගොඩක් අදහස් ලියල තිබ්බ නිසා…

මම කියන්න යන්නේ වෙනත් දෙයක් ගැන…

කලුතර දි ගඟට විසි කලේ පවුලේ 5 වැනි දරුවා කියල කිව්වාම මට නම් හිතුනෙ එකම දෙයයි…

වඩන්න බැරි දරුවන් හදන්නේ ඇයි?

ස්වීප් විකුනල ජීවත් වෙන කෙනෙක්ට දරුවන් 5 කට කන්න දෙන්න පුළුවන් ද?

මේක මේ සිද්දියට අදාල පවුලට විතරක් පොදු තත්ත්වයක් නෙවේ. මගේ නම් අදහස යම්කිසි පවුලක් තමන්ට නඩත්තු කළ හැකි පමනට ළමයින් හැදිය යුතුයි.

මීට වඩා ස්ථාවර පවුල් වල උනත් අපි ගොඩාක් දෙනා දකින දෙයක් තමයි  පළවෙනි දරුවාට රජ සැලකිලි……ඉල්ලපු ගමන් ඇපල් අරන් දෙනවා..

දෙවැන්නාට ටිකක් අඩුවෙන්…. මොකද ලොකු එකාටත් ඇපල් ගන්න වෙනව නේ…

ඊට පස්සෙ එන උන්ට සල්ලි තිබුනොත් විතරක් ඇපල්…මොකද එතකොට ලොකු එවුන්ව ඉස්කොලෙ යවන්නත් සල්ලි යන හින්දා…

දරුවන් කිහිප දෙනෙක් ඉන්න ගොඩාක් ගෙවල් වල මේක පොදු තත්ත්වයක්… ඔබත් සහොදර සහොදරියන් ගොඩාක් ඉන්න පවුලක කෙනෙක් නම් මේක තේරිල ඇති.

සෑම දරුවෙක්ටම එක විදියට සලකන්න බැරි නම් දුක් විඳින්න දරුවන් මේ ලෝකෙට බිහිකිරීම පාප කාරී වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ.

දෙවැනි ප්‍රශ්නය නම්, පවුල් සෞඛ්‍ය වරුන්ට මේ මිනිස්සුන්ව උපත් පාලනය ගැන දැනුවත් කරන්න බැරිවුනා ද?

පවුල් සෞඛ්‍ය වරුන් ගොඩාක් ඉන්න රටේ, උපත් පාලන කොපු ගැන බැරිනම්, ස්වාභාවික උපත් පාලනය ගැන වත් කියල දෙන්න කෙනෙක් නැතිවුනා ද? අඩුම තරමින් 3 වෙනි දරුව ලැබෙන්න ඉද්දි ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරුන් වත් කිව්වේ නැද්ද “දැන් ඇති” කියලා?

දරුවන්ට සිංහල උගන්වමු : සිංහලෙන් කතා කරමු


මේ ලිපිය ලියන්න හිතුනෙ මැද පෙරදිග දහම් පාසල ගැන මම කලින් ලියපු පෝස්ට් එකට ලැබිල තිබ්බ ප්‍රතිචාර නිසයි. කලින් කියවලා නැත්නම් ඒ ලිපිය මෙතන කොටලා බලල එන්න.

පිටරටවල් වල ඉන්න ගොඩාක් ශ්‍රී ලාංකිකයන්ගේ ළමයි හරි හැටි සිංහල දන්නේ නැහැ. පොඩි කාලෙ ඉඳලම ඉංග්‍රීසි හෝ වෙනත් බසකින් ඉගෙනගන්න වෙන නිසා එක සිද්ධ වෙනවා ඇති. එය කොහොමත්ම ඒ දරුවන්ගේ වරද නෙවෙයි. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල යනු අපේ ජාතියේ අනන්‍යතාවයි. ශ්‍රී ලාංකිකයන් විදියට මොන බාසාව දැන සිටියත් සිංහල දන්නේ නැත්නම් එතන ලාංකිකත්වය නැති බව මගේ පුද්ගලික හැඟීමයි…

පොඩි දරුවන් සිංහල දන්නේ නැති එකට මොකද කරන්නේ? කොහොමද උන්ට සිංහල උගන්වන්නේ?

කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ අදහසක් මේ ළඟදි කටාර් වල තිබ්බ සංගීත සංදර්ශනයකදි චරිතා ප්‍රියදර්ශනී මහත්මිය කිව්වා…
 
ඇය කිව්වේ “ඉස්කොලේ, මඟ තොටේ මොන බාසාව කතා කරත්, ගෙදරදි තමන්ගේ දූ දරුවන් එක්ක සිංහලෙන් කතා කරන්න” කියලා.

මම හිතන්නෙත් දරුවන් සමඟ ගෙදරදි සිංහලෙන් විතරක් කතා කරනවා නම් දරුවන්ට සිංහල අමතක වීම වෙන්නෙ නැහැ කියල. මම දැකලා තියෙන විදියට ගෙදර සිංහලෙන් කතා කරන අයගෙ දරුවන් හොදට සිංහල කතා කරනවා. ගොඩක් අපේ දෙමාපියන් විලාසිතාවකට වගේ ලෝකෙට පේන්න දරුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. මෙතන ලොකු වැරදීමක් තියෙන්නේ…

දෙමාපිය – දූ දරු සම්බන්ධය වගේ දෙයක් සිංහලෙන් ගොඩනැඟෙනවා කියන්නෙ එක දරුවෙක්ට භාශාව හා කෙරෙන බන්ධනයක් වගේ. ජීවිතයේ කවදා හරි දවසක දෙමාපියන් මතක්වුන වෙලාවට එයාලගේ හැඟීම් ගලා එන්නේ එතකොට සිංහලෙන්…

මේක කියවන දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් මගේ නිහතමානී පුංචි ඉල්ලීම තමයි ඔබ මොන රටේ හිටියත් කමක් නැහැ තමන්ගෙ දරුවන් එක්ක හැකි හැම විටම සිංහලෙන් කතා කරන්න කියලයි…