Tag Archives: සිංහල

ඉරාජ් සිංහලද, දෙමළද.. නැත්නම්?


අද උදේ පාන්දරින්ම ඉන්දියාවේ චෙන්නායි වලට ගොඩබැහැපු නව පරපුරේ ප්‍රසිද්ධ ගායක ඉරාජ් මහත්මයාව ඉන්දියානු ආගමන විගමන බලධාරීන් විසින් අයුක්ති සහගත ලෙස රඳවාගෙන පසුව සමාව ඉල්ලන්නෙත් නැතුවම නිදහස් කරලා.

පුවත් වාර්ථාවේ හැටියට හේතුව වෙල තියෙන්නේ ඒ නිලධාරියා ඉරාජ් මහත්මයාගේ ශ්‍රි ලාංකික ගමන් බලපත්‍රය දැකල ” සිංහලද.. ? දෙමළද..?” කියල ඇහුවම ඉරාජ් මහත්මයා සිංහල කෙනෙක් වීමයි.

වලංගු ගමන් බලපත්‍රයක් සහ වලංගු ඉන්දීය වීසා එකක් සහිතව පැමිණි ශ්‍රී ලාංකිකයෙක්, ඔහු සිංහලයෙක් බව කියු පමණින් බැනවදින්නටත් රඳවා තියාගන්නටත් තරම් ඒ නිලධාරියා සහ පිරිස උග්‍ර දෙමළ ජාතිවාදී අදහස් වලින් පිරුන උන්මත්තකයෝ රැළක් වුනාට, මට නම් හිතෙන්නේ මෙතන ඉරාජ් මහත්මයාට අමතක වුන තැනක් තියෙනවා…

මීට පස්සේ ඉරාජ් මහත්මයාගෙන් හරි මේක කියවන ඔබගෙන් හරි ” සිංහල ද ? දෙමළ ද? ” කියල කවුරුහරි ඇහුවොත්, කියන්න සිංහලවත් දෙමළවත් නෙවෙයි ” ශ්‍රී ලාංකික” කියල… ප්‍රශ්නය ඉවරයි!

ඔය ප්‍රශ්නය අහන්නේ වැඩිමනක් ඉන්දීය උදවිය තමයි, කොහොමත් ඔය වාගේ බෙදුම්වාදී ප්‍රශ්න තියෙන්නේ ඉන්දියානුවන්ටයි…

මැද පෙරදිග නම්, Where are you from? කියල ඉන්දියානුවෙක් ගෙන් ඇහුවොත් උන් ඔක්කොම කියන්නේ මම කේරළ, මම තමිල්නාඩු, මම ආන්ද්‍රා කියල මිසක් කවදාවත් මම ඉන්දියාවෙ කියල කියන්නේ නම් එකෙක්වත් කියන්නේ නැහැ.

එහෙව් එකේ අර වගේ ප්‍රශ්නෙකට ” මම ශ්‍රී ලාංකික ” කියල උත්තරදීල, උන්ගේ මූන බෙරිවෙන හැටි බලලා ඇවිත්, මෙතන කොමෙන්ට් එකක් දාලා යන්න.

නැතත් කමක්නෑ කොමෙන්ට් එකක් දාන්න. 🙂

දරුවන්ට සිංහල උගන්වමු : සිංහලෙන් කතා කරමු


මේ ලිපිය ලියන්න හිතුනෙ මැද පෙරදිග දහම් පාසල ගැන මම කලින් ලියපු පෝස්ට් එකට ලැබිල තිබ්බ ප්‍රතිචාර නිසයි. කලින් කියවලා නැත්නම් ඒ ලිපිය මෙතන කොටලා බලල එන්න.

පිටරටවල් වල ඉන්න ගොඩාක් ශ්‍රී ලාංකිකයන්ගේ ළමයි හරි හැටි සිංහල දන්නේ නැහැ. පොඩි කාලෙ ඉඳලම ඉංග්‍රීසි හෝ වෙනත් බසකින් ඉගෙනගන්න වෙන නිසා එක සිද්ධ වෙනවා ඇති. එය කොහොමත්ම ඒ දරුවන්ගේ වරද නෙවෙයි. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල යනු අපේ ජාතියේ අනන්‍යතාවයි. ශ්‍රී ලාංකිකයන් විදියට මොන බාසාව දැන සිටියත් සිංහල දන්නේ නැත්නම් එතන ලාංකිකත්වය නැති බව මගේ පුද්ගලික හැඟීමයි…

පොඩි දරුවන් සිංහල දන්නේ නැති එකට මොකද කරන්නේ? කොහොමද උන්ට සිංහල උගන්වන්නේ?

කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ අදහසක් මේ ළඟදි කටාර් වල තිබ්බ සංගීත සංදර්ශනයකදි චරිතා ප්‍රියදර්ශනී මහත්මිය කිව්වා…
 
ඇය කිව්වේ “ඉස්කොලේ, මඟ තොටේ මොන බාසාව කතා කරත්, ගෙදරදි තමන්ගේ දූ දරුවන් එක්ක සිංහලෙන් කතා කරන්න” කියලා.

මම හිතන්නෙත් දරුවන් සමඟ ගෙදරදි සිංහලෙන් විතරක් කතා කරනවා නම් දරුවන්ට සිංහල අමතක වීම වෙන්නෙ නැහැ කියල. මම දැකලා තියෙන විදියට ගෙදර සිංහලෙන් කතා කරන අයගෙ දරුවන් හොදට සිංහල කතා කරනවා. ගොඩක් අපේ දෙමාපියන් විලාසිතාවකට වගේ ලෝකෙට පේන්න දරුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. මෙතන ලොකු වැරදීමක් තියෙන්නේ…

දෙමාපිය – දූ දරු සම්බන්ධය වගේ දෙයක් සිංහලෙන් ගොඩනැඟෙනවා කියන්නෙ එක දරුවෙක්ට භාශාව හා කෙරෙන බන්ධනයක් වගේ. ජීවිතයේ කවදා හරි දවසක දෙමාපියන් මතක්වුන වෙලාවට එයාලගේ හැඟීම් ගලා එන්නේ එතකොට සිංහලෙන්…

මේක කියවන දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් මගේ නිහතමානී පුංචි ඉල්ලීම තමයි ඔබ මොන රටේ හිටියත් කමක් නැහැ තමන්ගෙ දරුවන් එක්ක හැකි හැම විටම සිංහලෙන් කතා කරන්න කියලයි…

සමීරත් ආවා සින්ඩියට!


මගේ පුංචි බ්ලොග් එකත් සින්ඩියට එකතු උනා. බොහෝම ස්තූතියි මටත් සින්ඩියෙ ඉඩක් දුන්නට…

සින්ඩියෙ ඉන්න හැමෝටම ආයුබෝවෙවා!