Daily Archives: ජූනි 9, 2011

හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම )


දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සෙල්ලා මම සිංහලෙන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අහම්බෙන් වගේ හම්බවෙලා කියවන්න ගත්තු බ්ලොග් දෙකක් නිසා… ඒ බ්ලොග් දෙකේ තිබ්බ අදහස් සහ රචනා ශෛලීන් වල ආකර්ශණය නිසාම මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලිව්වොත් හොඳයි කියලා.. ඒ බ්ලොග් දෙක දැනට සිංහල බ්ලොග් අවකාශයේ විශිෂ්ඨතම බ්ලොග් දෙකක් වන කතන්දර ශූරීන් ගේ “කතන්දර” බ්ලොග් එක සහ දුකාගේ “දුකා” කියන බ්ලොග් එකයි.

අද මේ ලියැවෙන්නේ මේ බ්ලොග් අඩවියේ සියවැනි බ්ලොග් පෝස්ට් එක වීම නිසා ඒ ඇරඹුම ගැන සටහන් කිරීම වටිනවා ඒ බ්ලොග්කරුවන් දෙන්නාටත් කෙරෙන ස්තූතියක් විදියට.

බ්ලොග් පෝස්ට් සීයක් ලියන එක මගේ චක්කරේට අනුව නම් ලේසි වැඩක් නෙවේ. ඒ ගැන විෂේශ කැප කිරීමක් අවශ්‍යයි. ඔෆිස් එකයි, ගෙදරයි, විභාගයි, අතරේ බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න හරි අමාරුයි… බැඳපු උන් දන්නවා ඇති ගෙදරදී බ්ලොග් ලියන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා.. ඒ නිසා මම නම් හැම එකක්ම ලියන්නේ ඔෆිස් එකේ වැඩක් නැති වෙලාවට, ටික ටික…. ඒ අතින් මේ මෑතකදී අරඹලා බ්ලොග් පෝස්ට් 250ක් වගේ ලියැවෙලා තියෙන රංග – මගේ ලෝකය වගේ බ්ලොග් අඩවි වලට වෙනම සම්මානයක් දෙන්න ඕන ඒ කැපකිරීමටම. දිගටම කියවන්න