Tag Archives: ඉරිදා ලංකාදීප

අති ප්‍රබල වශී ගුරුකම්…!


අති ප්‍රබල වශී ගුරුකම්…!
xxxxගොඩ පරම්පරාවෙන් උගත් අති ප්‍රබල වශී ගුරුකම්,
දරු ඵල අහිමි අයට, විවාහ ප්‍රමාද වීම සඳහා ප්‍රතිකාර..
ජාත්‍යන්තර කීර්තියට පත් xxxxගොඩ හාමුදුරුවෝ…

ටීවී බලන, පත්තර කියවන අයට මේ වගේ සිවුර පොරවා ගත් චීවරධාරීන් පිරිසකගේ වශී ගුරුකම් නාඩගම අලුත් දෙයක් නෙවෙයි. නිකමට වාගේ පසුගිය ඉරිදා ලංකාදීපය [ 2011 මැයි 29 ]  පෙරලා බැලුවෙමි. බඩු ලොට් එකක්ම ඇත.

පහතින් එල්ලලා තියෙන්නේ ඒවාය. ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක පලවූ දැන්වීම්ක් නිසා නම් ගම් කැපීම අන්වශ්‍යයි කියා හිතමි.

මේ  චීවරයට මුවාවී හොරකම් කරන, බොරුවෙන් ලෝකය මුලා කරන එක කට්ටියක් විතරය. ඉස්සරද මේ වාගේ උත්තමයෝ වැඩ උන් බව මතකය.

 කාලයක් එක උන්නාන්සේ කෙනෙක් රජ රට වැව් වල වතුර ඔක්කෝම පිරිත් වතුර කරගෙන යන ගමන් අපි උන්නු ප්‍රදේශයටද වැඩම කර ඒ වෙලාවේ ප්‍රාදේශීය සබාවෙන් ගෙන්නා ගත් වතුර බවුසරයක් ද පිරිත් කර මහා ප්‍රාතිහාර්‍යයක් කළ සේක. දැන් උන්නාන්සේ පේන්න වත් නැත්තේ මුහුඳු වතුර පිරිත් කරන්නට සෙට් වෙලා විය යුතුය. දිගටම කියවන්න