Tag Archives: සීත සමීරෙන්

තවත් එක පඩ කතාවක්


මේක මම අන්තිම පේලියට ලියපු කතාවක්…

ඇත්තටම කිව්වොත් ලියපු පළවෙනි එක… ඔරිජිනල් එක මෙතැනින් ගිහිල්ලා බලන්ඩ පුළුවන්.

මෙන්න පඩ කතාව…

අන්තිම පේලියේ ඉන්න හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව.. පොර හැසිරුන විදියට සුවර් එකට මිනිහා නම් ඉස්සරහ පේලි වල හිටපු ඩයල් එකක්..අන්තිම පේලියේ උන්ගේ ගතියක් වත් ගෑවිලා නෑ… අමෙරිකාවේ යැංකි ලොක්කා වෙලා ඉන්න කාලේ උන්නැගේ ගියා බිරිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක්..

ඔන්න ඉතින් බුෂ් කාරයා ඒයාෆොස් වන් එකෙන් බැස්ස වෙලාවේ ඉඳන් මහ හර සරින් පිළිගන්නවාලූ මහ රැජිනයි ඉන්න සෙට් එකයි…

අහස් යාත්තරාවේ ඉඳලා බකිංහැම් පැලස් එක වෙනකං සෙට් එකම යනවා දැන්.. යන්නේ අස්ස කරත්තේ.. සුදු පාට අස්පයෝ හය දෙනෙක් කරත්තේ අරං යනවා.. රැජින ඉතිං බොහොම ගාම්බීර විදියට ඉස්සරහ වාඩි වෙලා යනවා.. පිටිපස්සේ බුෂ් ජෝඩුව….

පාර දිගට මිනිස්සු ඇවිල්ලා අත වනනවා.. කොඩි වනනවා.. එක විකාරයයි… දිගටම කියවන්න