Tag Archives: හෙළුවෙන් නානවා

හෙළුවෙන් නානවා පේනවා..


ඔන්න එකෝමත් එක රටක පදිංචියට ටිකක් තරුණ ඒත් තනිකඩ ගෑණු කෙනෙක් ආවාලු. ඇවිත් ඔය නගරේ මැද්දේ තියෙන උස තට්ටු ගොඩනැඟිල්ලක ගෙයක් එහෙම ගත්තලු…

දන්නවානේ ඔය ජනාකීර්ණ නගර වල එක ළඟ එක ළඟ නේ බිල්ඩින් හදලා තියෙන්නේ.. ඉතින් ජනේල වලින් ඔලුව දැම්මම, අනික් බිල්ඩිමේ ගෙවල් එහෙමත් යහමින් පේනවාලූ…

ඔය තට්ටු ගෙවල් වල ඉන්න වල් කොල්ලෝ එහෙම තමයි ඔය දුර දක්න එහෙම සෙට් කරගෙන අනික් ගෙවල් දිහා “ජංගල්” පාර දාගෙන ඉන්නේ.. අල්ලපු ගෙවල් වල ඉන්න සුකුමාල ගෑණු ළමයින්ට ඉතින් නිදහසේ ඇඳුමක් වත් මාරු කරගන්න නෑ මේ ජංගල් කාරයෝ නිසා…

අර කිව්ව නෝනත් ඉතිං මාසයක් වගේ ඒ අලුත ගත්තු ගෙදර ඉන්නකොට ඒ ගෙදර අයිතිකාර කොම්පැනියට කෝල් එකක් එනවලු ඒ නෝනාගේන්…මෙන්න මෙහෙම.

නෝනා: හලෝ,.. මම ඔහේලාගේ බිල්ඩින් එකේ 599 ෆැලැට් එකෙන් කතා කරන්නේ.. මට තවත් මේ ගෙදර ඉන්න බෑ.. මට මෙතන හරිම කරදරයි.. මට වහාම මෙතනින් යන්න ඕන…

මේක අහලා අයිතිකාර කොම්පැනියෙ බුවා පුදුම උනාලු.. මෙච්චර පහසුකම් තියෙන ගෙදර මොකද ඉන්න බෑ කියන්නේ කියලා..

බුවා: ඇයි මැඩම්, මොකද්ද ප්‍රශ්නේ.. අපිට විසඳලා දෙන්න පුළුවන් දෙයක් නම් කියන්න…

නෝනා: නෑ.. මගේ කාමරේ ජනේලේ එහාපැත්තේ තියෙන ෆ්ලැට් එකේ පිරිමි අයගේ බෝඩිමක නාන තොටුපලක් තියෙනවා.. එතන හැම වෙලාවෙම පිරිමි අය හෙළුවෙන් නානවයි එහේ මෙහේ යනවයි…. මට ඒක හරිම කරදරයක්..මට මෙතන ඉන්න බෑ… දිගටම කියවන්න