කජු ලියන් ගෙන් කජු ගැනීම…


ඔන්න එක දවසක් මම මගේ වෙන්ඩ-හාමිනේත් එක්ක නුවර පාර දිගේ කොළඹට වාහනේ පදවගෙන එනකොට අපි කවුරුත් දන්න “කජුගම” පහුකරගෙන ආවා…. කජු කියන්නේ අපි කවුරුත් කැමති කෑමක්නේ…. මගේ පවුලත් ඉතින් පැනපු ගමන් කිව්වා “කජු ගමුකෝ අනේ…..” කියලා… 😀

මම ඉතින් මගේ ප්‍රතිපත්ති වල පිහිටලා, ගත්තු කටටම කිව්වෙ “අපෝ බැහැ….” කියලා. 😦 පස්සෙ දුක හිතුන නිසා කොහොමින් හරි වෙනින් තැනකින් කජු ලැබෙන්න සැලැස්සුවා එයාට….

මම මේ කතාව කියන්න ගත්තෙ ඔය කජුගම ගැන කතාකරන්න.

ඉස්සර ඉඳලම මම ඔය කජුගම කියලා කජු විකුනන ක්‍රමයට තදින් විරුද්ධ කෙනෙක්. පලමුවෙනියට, මම දන්න විදියට කජුගම කියන්නෙ කජු කර්මාන්තය කරන ගමක් නෙවේ. වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්න, කොහෙන් හරි කජු ගෙනැල්ලා එතන විකුනන එක තමයි එතන වෙන්නේ. කොහෙන් ගෙනල්ලා හරි බිස්නස් එකක් කරන එකේ වැරැද්දක් නැහැ කියමුකෝ.

නමුත්, තමන්ගෙ ඇඟපත බාගෙට පේන්න රෙද්දයි හැට්ටෙයි ඇඳගත්තු ගෑණු කජු විකුනන එක නම් එච්චර හරි නැහැ කියලයි මගේ හැඟීම. හොඳට හිතලා බැලුවම එතන වෙන්නෙ කාන්තා සිරුර පෙන්නලා කොහේවත් නැති කජු ටිකක් විකිණීමයි. ඔය කියන ගමේ කජු නිපදවනවා නම් ඒක පොඩ්ඩක් සාධාරණීකරනය කරන්න තිබ්බා හදන කජු ටික විකුන ගන්න තමයි එහෙම කරන්නේ කියලා. එහෙම කජු හදන තැනකුත් නොවෙන නිසා, මට නම් හිතෙන්නෙ එතනින් වෙන්නෙ ලොකු සමාජ අසාධාරණයක් කියල….

මට නිකමට හිතුනෙ, නුවර පාරෙ අනිත් තැන්වල කරනවා වගේ සාමාන්‍ය විදියට පාර දෙපැත්තේ කජු විකුනුවා නම් විකිනෙන්නේ නැද්ද කියල… වේවැල්දූවෙ, කඩුගන්නාවෙ ඉන්න මිනිස්සුන්ට වෙළඳාම් නැද්ද? පාර දිගට පළතුරු විකුනන මල්ලිලාට බිස්නස් නැද්ද? පිරිමි ටිකක් හිටවලා තිබ්බොත් කජුගම බිස්නස් වෙන්නෙ නැද්ද?

දැන් නම් කජුගම වෙන්නෙ, පාරෙ ඉන්න නංගිලාට විහිලු කරන්න, එහෙමත් නැත්නම් පොඩ්ඩක් “පෙරන්න” අපේ අයියලා නවත්තන වාහන වල ඉන්න අයට පොඩි ත්‍රිල් එකක් දීලා චාටුවෙන් බිස්නස් එක කිරීම…

කජු ලියන් දැක්කම වාහනයේ තමන්ගේ දරුදැරියනුත් ඉන්නවා කියල සමහර තාත්තලාට අමතක වෙනවා… මම හිතන විදියට මෙතන පහර වදින්නෙ අපේ සමාජයේ බොහොම දුර්වල තැනකට…..

ඔයාලට හිතෙන දේ ලියල ප්‍රතිචාරයක් දාලා යන්න…

7 responses to “කජු ලියන් ගෙන් කජු ගැනීම…

  1. මමත් මේ අදහසට එකගයි….

    ආයෙත් වෙන්ඩ හාමිනේ දෙයක් ඉල්ලුවාම ඉතින් පැනපු ගමන් බෑ කියන්න එපා සමීර

  2. What you are saying right. But I have a different opinion on this. I am not quite sure about the history of this Kajugama but there was an article published in one of the old editions of Nawayugaya magazine (I think 1950s) and I noticed that these girls were wearing the same costume. They looked very decent, pretty and the dress was far more lesss revealing!

    I wonder if you are aware that many of these girls are not from Kajugama area. Majority came from places as far as Hanguranketha, Matale, Dambulla, etc etc.

  3. ඔය ගමන යන තැන අපි හිටියෙ නැලු
    ඉතින් අපි ඔය සීන්ස් එක දන්නෙ නැලු
    නේද (වෙන්ඩ)මස්සිනා

  4. As far as I know, before Premadasa era, these kaju- sellers were just another road-side vendors who found a edge by doing it differently than others; so, they became famous and the place became a land-mark. Then this “kaju-gama” thing came, though it may have done to help them, the opposite has happened.

    I’m not so sure about the line between, revealing too much thing, as that traditional dress reveal something anyway. It is just a part of the package, and continue to dominate in all the businesses, whether we like it or not.

ප්‍රතිචාරයක් ලබාදෙන්න