තවත් එක පඩ කතාවක්


මේක මම අන්තිම පේලියට ලියපු කතාවක්…

ඇත්තටම කිව්වොත් ලියපු පළවෙනි එක… ඔරිජිනල් එක මෙතැනින් ගිහිල්ලා බලන්ඩ පුළුවන්.

මෙන්න පඩ කතාව…

අන්තිම පේලියේ ඉන්න හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව.. පොර හැසිරුන විදියට සුවර් එකට මිනිහා නම් ඉස්සරහ පේලි වල හිටපු ඩයල් එකක්..අන්තිම පේලියේ උන්ගේ ගතියක් වත් ගෑවිලා නෑ… අමෙරිකාවේ යැංකි ලොක්කා වෙලා ඉන්න කාලේ උන්නැගේ ගියා බිරිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක්..

ඔන්න ඉතින් බුෂ් කාරයා ඒයාෆොස් වන් එකෙන් බැස්ස වෙලාවේ ඉඳන් මහ හර සරින් පිළිගන්නවාලූ මහ රැජිනයි ඉන්න සෙට් එකයි…

අහස් යාත්තරාවේ ඉඳලා බකිංහැම් පැලස් එක වෙනකං සෙට් එකම යනවා දැන්.. යන්නේ අස්ස කරත්තේ.. සුදු පාට අස්පයෝ හය දෙනෙක් කරත්තේ අරං යනවා.. රැජින ඉතිං බොහොම ගාම්බීර විදියට ඉස්සරහ වාඩි වෙලා යනවා.. පිටිපස්සේ බුෂ් ජෝඩුව….

පාර දිගට මිනිස්සු ඇවිල්ලා අත වනනවා.. කොඩි වනනවා.. එක විකාරයයි…

ඔහොම බොහොම සාමකාමීව සියල්ල කෙරීගෙන යන අතරතුරේ, අර කරත්තේට බැඳලා හිටපු සුදුම සුදු අස්ප සෙට් එකේ ඉන්න අන්තිම අස්පයා බොහොම ගරු ගාම්භීර විදියට ඇරියලු පඩයක් මහ පොළව කම්පාවෙලා යන සයිස් එකේ…

පාර දෙපැත්තේ අයට අත වනන ගමන් කරත්තේ හිටපු බුෂ් ජෝඩුවයි, රැජිනයි, කරත්තේ දක්කන පොරයි හිමීට තම තමන්ගේ සුවඳ විලවුන් කවපු ලේන්සු අරගෙන නහය වහ ගත්තලු ෂේප් එකේ…

මහ රැජිනටත් ඉතිං වස ලැජ්ජාව.. අමේරිකාවේ ජනාධිපති එනකම්ම හිටියනේ මේ අස්සයාට පඩයක් යවන්න කිය කිය හිතින් බැන බැන ඉඳලා…ටික වෙලාවකට පස්සේ මහ රැජින ලේන්සුවෙන් කට වහගෙනම පිටිපස්ස හැරිලා බුෂ් කාරයාට හෙන ඩිප්ලොමැටික් විදියට මෙහෙම කිව්වලු.

“මිස්ට ප්‍රසිඩන්ට්, මගේ කණගාටුව බාර ගන්න.. මම හිතනවා ඔබට තේරෙනවා ඇති කියලා මහ රැජිනටත් පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා කියලා”

බුෂ් කාරයා ඉතින් උපතින්ම ගොනා නේ.. පොරත් ඉතින් මාර ඩ්ප්ලොමැටික් විදියට මෙන්න මෙහෙම කිව්වලු..

” යුවර් මැජස්ටි, ඒ ගැන නම් පොඩ්ඩක් වත් කණගාටු වෙන්න එපා… ඔබ තුමී මේ කියනකම්ම මම හිතුවේ අර ඉස්සරහින් යන අස්සයා ඕක කරා කියලා”

ප/ලි : උඩින් අමුනලා තියෙන රෝයල් පඩ සීන් එක ඉස්සුවේ මෙතැනින්.

ඒ රෝයල් සෙට් එක අතරින් පඩේ යැව්ව කෙනා හොයාගන්න පුලුවන් කෙනෙක්ට හොඳින් ඔතා සකස්කරන ලද රෝයල් පඩයක් නොමිලේ !

මීට පෙර ලිව්ව පඩ කතා  සහ කක්කි කතා කිහිපයක්>  පඩ කතාවක් , ටැබූ වර්ගයේ ප්‍රශ්නයක්,

12 responses to “තවත් එක පඩ කතාවක්

  1. :)..
    කෂ්ටියගේ ඇක්ෂන්වල හැටියටනම් මට පේන්නේ පිලිප් කාරයා තමයි නැට්ට උස්සලා තියෙන්නේ… උත්තරේ හරිනම් තෑග්ග ඕන ඈ.. මොකෝ පඩේ වුනත් රෝයල්නේ..

  2. නියම පඩ සීන් එකක් නේ. මොකද දන්නේ නෑ ගොඩක් කට්ටිය මේ දවස්වල පඩ කතාම ලියනවා.
    ආහ් හොයා ගත්තා. මේ දවස්වල කොස් කාලාය නේ !!!

  3. මේක බොරු කතාවක් නෙවෙයි ඇත්ත කතාවක්. හැබැයි ඇත්ත කතාවෙ කතානායකයා ලංකාවෙ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල. බුෂ් නෙවෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයෙ රාජ්‍යනායකයන්ගෙ හමුවක් තිබිල තියෙනව එංගලන්තෙ. ඒකට ආපු හැම රාජ්‍යනායකයටම රැජිණ එක්ක අස්ප කරත්තෙ රවුමක් ගහන්න චන්ස් එකක් දීල තියෙනවා. ජෝන් කොතලාවල උන්නැහේ රැජිණ එක්ක රවුම ගහන අතරවාරෙ තමයි මේක වෙලා තියෙන්නෙ.

  4. හෆොයි රැජිනට දුවන කරත්තෙන් බිමට පැනලා මැරෙන්න හිතෙන්න ඇති . .

    අහ් මකරෝ ඔය සර් ජෝන්ම නේද රැජින ලංකාවට ආපු වෙලාවේ සීගිරිය බලන්න එක්ක ගිහින් හුලඟට රැජිනගේ ගවුම උඩ ගිය වෙලාවේ පහල හිටපු කැමරමන් කෙනෙක් දිහාට හැරිලා “ගනින් පXX ෆොටෝ” කියලා කිව්වයි කියලා කියන්නේ . . හික්ස්

    අර පින්තූරේ හැටියට නම් ආදිපාදවරයා තමයි ගේම දීලා තියෙන්නේ

  5. ඔව් ඔව් සර් ජෝන් රැජිණට දෙතුන් පාරක්ම හොඳවයින් නෝන්ඩි දාල තියෙනවා. සර් ජෝනුයි රැජිනයි හොඳ යාලුවොලු (රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එහාට ) . ඒ කාලෙ රැජිණත් තරුණ කෙල්ල කාලෙනෙ. සර් ජෝනුත් හොඳ 6 4 කොල්ලා

  6. එහෙම තමයි ඒ කාලේ වීර පුරුසයෝ.. ඒ වාගේ අය අද ලෝකේ නෑ

  7. අශ්වයෝ එක්ක හැදිච්ච බුෂ් පුතාටයි, එංගලන්තෙ මහ රැජිනටයි, සර් ජෝන් කොතලාවලටයි ඕවා හොඳට පුරුදු දේවල්, ලැජ්ජා වෙන්න කාරණා නොවේ.

    අශ්වයෝ පිට ගිහින් තියන මටත් ඕක පුරුදු ගඳක්!!!

    අපිට හිටිය බල්ලාට අපි පඩ යන කෑම (කැරට්, චීස්) දෙන්නෙ නැහැ කාට හරි එදාට හරි ඊ ළඟ දාට හරි ගෙදරට ආරාධනා කරලා තියනවා නම්!!!

  8. අඩේ මරු කතාව!
    මකරයියගේ කතාවත මරු 😀

  9. “මිස්ට ප්‍රසිඩන්ට්, මගේ කණගාටුව බාර ගන්න.. මම හිතනවා ඔබට තේරෙනවා ඇති කියලා මහ රැජිනටත් පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා කියලා”

    නියම කතාව ………….

  10. මචන්, මේ සීන් එක උනේ සර් ජෝන්ට නෙමෙයි බන්……….!
    හිටපු අගමැති “ඩඩ්ලි සේනානායක” මහත්තයාට!!!!!

සමීර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න